ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.
‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවලදී පුද්ගල සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා භාවිතා කළ හැකි බව ඇය පවසයි.
ඒ අනුව මෙම යානා වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්, ඒවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිත බවත් සිය ‘X’ ගිණුමේ දක්වා ඇත.










