මාලිමා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනඒමට කටයුතු කරන බව අගමැති හරිනි අමරසූරිය පළමුවරට පාර්ලිමේන්තුවේදී සදහන් කරද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ප්‍රතිචාර දක්වමින් වහාම කියා සිටියේ ඊට අදාළ ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය.
නමුත් විපක්ෂනායකවරයා කී ප්‍රකාශය හාස්‍යයට ලක්කරමින් සභානායක බිමල් රත්නායක මහතාත්, අගමැති හරිනි අමරසූරියත් කියා සිටියේ තාක්ෂණය දියුණු වර්තමානයේදී කොළ අනවශ්‍ය බවත්, පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් මගින් එය කළ හැකි බවත්ය.
හරිනි අමරසූරියද කීවේ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් සිදු කොට ඇති බවත්, අවශ්‍ය නම් ඔනෑම කොලයක එය සටහන් කොට දිය හැකි බවත්ය.
නමුත් ආණ්ඩුව පැත්තෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කොට එය පුළුල් සංවාධයකට ලක්වූයේ නැත.
එම ක්‍රියාවලිය අවසාන වූයේ මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක ලින්කුවක් සටහන් වී තිබීම හරහාය.











