• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති! කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී! ගීත කෝකිලාවිය ලතා ගැන මහින්ද කියපු කතා! I Sri Lanka Latest News

December 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති! කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී! ගීත කෝකිලාවිය ලතා ගැන මහින්ද කියපු කතා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ. Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨයෝ නික්ම යන බවත් කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතින බවත්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්,

– උපුටා ගැනීම –

“ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති. කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී. මාගේ ජීවිතය ගෙවුණේ දේශපාලනය තුළ ය. ඒ නිසාම අප කියන කරන දේ බොහෝ දෙනෙකු දකින්නේ දේශපාලනික කෝණයෙනි. එහෙත් සියල්ල දේශපාලනයම නොවේ. අප තබන සටහන් සාම්ප්‍රදායික දේශපාලනික සටහන් පමණක් ම නොවේ. අපගේ මතකයන්, අත්දැකීම්, හැඟීම් සහ විශේෂයෙන්ම එම චරිත කෙරෙහි ඇති ගෞරවය එම සටහන් අතර සැඟව පවතී. අප කුඩා කළ සිටම දුටු, අප සමඟම උස් මහත් වූ එම දැවැන්ත චරිත කෙරෙහි අපට ඇත්තේ ලෙංගතු බැඳීමකි. 

මා හා සමකාලීන බොහෝ දෙනෙකුට මෙම හැඟීම දැනෙනා බව මාගේ විශ්වාසයයි. කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ ගායනයන් පරම්පරා ගණනක හැඟීම් සමඟ බැඳී පවතී. අප කුඩා කල දුටු කළු සුදු චිත්‍රපට ඇගේ හඬින් වර්ණවත් විය. කළු සුදු තිරයේ ද, වර්ණ තිරයේ ද වෙනසක් නොමැතිව අපි ඇගේ කටහඬ ඇසුවෙමු. දේශාභිමානී ගීත ඇය අභිමානයෙන් ගැයුවාය. 

කිතුනු ගායනා සහ බොදු බැති ගී ඇය සම භක්තියෙන් ගැයවාය.  දරු නැළවිලි ගයද්දී මව්වත් ගුණය ඇගේ ගායනයෙන් ද දැනුනි.  එකල තරුණ වයසේ සිටි මා ඇතුළු සමකාලීන පරම්පරාව ආදරය, විරහව, තාරුණ්‍යය වැනි විවිධ හැඟීම් ඇය විසින් ගයන ලද ගීත ඇසුරින් විඳි බව, ඇයට ගෞරවයක් ලෙස සටහන් කරමි. එමෙන්ම, අද මෙන් කෙටි පණිවිඩ නොතිබි එම කාල වකවානුව තුළ ඇය විසින් ගායනා කරන ලද ගී පද පේළි තරුණ පරම්පරාව විසින් ලිපි මාර්ගයෙන් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ද යොදා ගත් බව මට හොඳින් මතකය. මාලනී ෆොන්සේකා මහත්මිය සහ රවීන්ද්‍ර රන්දෙණිය මහතා රංගනයේ යෙදෙන වසන්තයේ දවසක්  චිත්‍රපටයට අයත් “දේදුන්නෙන් එන සමණලුනේ” ගීතය හා ජනක සහ මංජු චිත්‍රපටයේ ඇතුළත් “ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ” වැනි ගීත ඒ අතර ඉහළින්ම තිබුණි. එම පරම්පරාවන්ට අයත් සගයන්ට තුරුණු බවින් පිරි තම නිර්මාණශීලී කටයුතු තවමත් අමතක නැතැයි සිතමි. එම මතකයන් ඉතා රසවත් මෙන්ම පැහැදිලිය. එම ගීත චිත්‍රපට කෙරෙහි ජනතාව ආකර්ෂණය කරමින් වාණිජමය වශයෙන් සාර්ථක වීමට ද හේතු විය.  එම අපූරු මතකයන් සිහිපත් කරමින් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඇය කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් මාගේ ගෞරවය පුද කරමි.   යුගයක් නිර්මාණය කරමින් යුග ගණනාවකට මතකය ඉතිරි කළ හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලද කලාශූරී ලතා වල්පොළ මහත්මියට මොක් සුව ප්‍රාර්ථනා කරමි.

වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කරමින් කලාශූරී, දේශමාන්‍ය වැනි රාජ්‍ය සම්මානයන්ගෙන් මෙන්ම දශක ගණනාවක් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ අමර හඬ ලතාවට මම ගෞරවයෙන් සමු දෙමි.”

– උපුටා ගැනීම අවසන් –

SendShareShare
Previous Post

ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර! අලුත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 30ක් දේශපාලනය කරපු අනුරට විගණකාධිපතිවරයෙක් පත්කරගන්න දේශපාලන පරිචයක් නැද්ද? ජනවාරි වෙනකන් ඇද ඇද ඉන්නේ මාලිමාවට කඩේ යන කෙනෙක් දාගන්නද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.