• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා කෙනෙක් එයාගේ මාස 8ක දරුවා තුරුළු කරගෙන මැරිලා හිටියා! බේර ගන්න ආපු තරුණ පිරිසත් දෙවැනි නායට අහුවෙලා මැරුණා! මම අඳුරන 23 දෙනෙක් එතැන හිටියා! මහා විනාශයේ අනුවේදනීය කතා ගොඩක් එළියට එයි!  I Sri Lanka Latest News

December 6, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
දේදුගල නායයයි! 12 දෙනෙක් අතුරුදන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

(මෙම ලිපියේ සඳහන් සංවේදී තොරතුරු ඇතැම් පාඨකයන්ට අපහසුතාවක් ඇති කළ හැක.)Sri Lanka Latest News

මහනුවර – සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් දෙමළ ජාතිකයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත්, ඔවුන් අතර කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බවත් බීබීසී දෙමළ සේවයට ප්‍රදේශ වාසීන් පිරිසක් පවසා තිබේ.

මෙම නායයාමේ සිද්ධිය නොවැම්බර් 27 රාත්‍රියේ සිදුවිය.

සරසවිගම, හදබිම ප්‍රදේශයේ පවුල් 200කට වැඩි පිරිසක් ජීවත් වෙති. ඉන් පවුල් 6ක් නාය යාම සිදුවූ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත.

එදින රාත්‍රියේ ඇද හැළුණු අධික වාර්ෂාවත් සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ප්‍රදේශයේ නිවසක් නායයාමකට ලක් විය.

මෙම පුවත දැනගත් ප්‍රදේශයේ තරුණයින් ඇතුළු පිරිසක් අදාළ නිවස අසලට පැමිණ මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ විට එම ප්‍රදේශයේ නැවතත් විශාල නායයාමක් සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

සෙවීමේ කටයුතුවලට යුද්ධ හමුදාවේ සහය

මෙම නායයාමෙන් එම ප්‍රදේශයේ පිහිටි අනෙකුත් නිවාස ද පස් කන්දකට යට වූ අතර, ඔවුන් බේරා ගැනීමට ගිය තරුණයින් ඇතුළු බොහෝ දෙනෙක් ද පස් කන්දට යට වූහ.

මෙතෙක් පස් කන්දට යට වූ පුද්ගලයින් 14 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර, ඉතිරි පුද්ගලයින්ගේ සිරුරු තවමත් සොයාගෙන නොමැත.

එලෙස සොයාගත් සිරුරු ග්‍රාම නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ භූමදානය කරන ලදී.

ඉතිරි අය සෙවීමේ කටයුතු සඳහා යුද්ධ හමුදාව කැඳවා තිබේ.

එම ප්‍රදේශය හරහා ගංගාවක් ගලා යන බැවින් නිසි පරිදි මුදා ගැනීමේ කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.

නායයාම සිදුවූ ස්ථානයේ නිවසක හිමිකරු වන වී.කේ. මුත්තු ක්‍රිෂ්ණන්, පළමුවෙන් නායයාමට හසුවූ නිවස නායයාමෙන් පසු අනෙකුත් තරුණයින් වෙත ඒ ගැන දැනුම් දී තිබිණි.

සහය ලබා ගැනීම සඳහා මදක් ඉහළට පැමිණි මොහොතේදී ඔහුගේ නිවසට පහළින් තිබූ සියලු ම නිවාස පස් කන්දකට යට වී තිබිණි.

இலங்கை மண்சரிவு: சடலங்களை உறவினர்களே தேடி எடுக்கும் அவலம் - பிபிசி தமிழ் நேரில் கண்டவை

අවසාන මොහොතේදී දිවි ගලවාගත් සිදුවීම

අවසාන මොහොතේදී තමා දිවි ගලවාගත් බව වී.කේ. මුත්තු ක්‍රිෂ්ණන් බීබීසී දෙමළ සේවයට සඳහන් කළේ ය.

“නායයාම සිද්ධ වුණු තැන හිටපු පවුල් එක්ක බේර ගන්න ආපු තරුණ පිරිසත් මැරුණා. එයාලා ගියේ පළවෙනි ගෙදර බේර ගන්න. නාය ගිය පළවෙනි ගෙදර හිටිය අය බේරනකොට ම, ආයෙත් නාය යාමක් ආවා. විශාල සද්දයක් එක්ක නායයාම ආවා. මම අඳුරන 23 දෙනෙක් එතැන හිටියා. පොඩි ළමයි ඇතුළු බොහෝ දෙනෙක් හිටියා. පවුල් පහක් එතැන හිටියා. මගේ ගෙදරත් එක්ක පවුල් 6ක්. මිනී කීපයක් විතරයි හම්බ වුණේ. තවත් ගොඩාක් දෙනෙක් හොයාගන්න තිබෙනවා. අපි මීට පස්සේ එතැන ඉන්නේ නෑ. එතැන ඉන්න ජනතාවට ස්ථිර තැනක් රජයෙන් දෙන්න ඕන,” යනුවෙන් ඔහු පැවසීය.

“අම්මා කෙනෙක් එයාගේ මාස 8ක දරුවා තුරුළු කරගෙන මැරිලා හිටියා,” වී.කේ. මුත්ති ක්‍රිෂ්ණන් පැවසීය.

இலங்கை மண்சரிவு: சடலங்களை உறவினர்களே தேடி எடுக்கும் அவலம் - பிபிசி தமிழ் நேரில் கண்டவை

සහයට පැමිණි අයකු මිය යාමේ සෝචනීය සිදුවීම

තමන්ගේ ඥාති සොහොයුරෙකු අහිමි වූ සරසවිගම ප්‍රදේශයේ ඌෂා මෙසේ පැවසුවා ය:

“හොඳට ම වැස්ස. ඒ වෙලාවේ දෙන්නෙක් ඇවිල්ලා පොඩි ළමයි එහෙ අසරණ වෙලා ඉන්නවා කියලා මස්සිනාට කිව්වා. ගිහින් උදව් කරමු කියලා මස්සිනාට කතා කරා. අපි යන්න එපා කියලා කිව්වා. ඒත් බලලා එන්නම් කියලා ගියා. ඊට පස්සේ මොක ද වුණේ කියලා දන්නේ නෑ. එයා ගැන තොරතුරක්වත් ලැබුණේ නෑ. පහුව දා උදේ තමයි දන්නේ මෙහෙම හානියක් වෙලා කියලා. එයාගේ මිනිය හම්බ වුණා,” ඇය කඳුළු සලමින් පැවසුවාය.

බේරා ගැනීමට ගිය පුද්ගලයෙක් ජීවිතයෙන් සමු ගනී

තම සහෝදරයාගේ පුතා අහිමි වූ පාක්කියරාජා මෙසේ සඳහන් කළේ ය:

“එයා මගේ අයියාගේ තුන් වෙනි පුතා. එයා බැඳලා මාස දෙකයි වෙන්නේ. එයා වැඩ කරලා එනකොට තමයි මෙහෙම නායයාමක් වෙලා තියෙන්නේ. පොඩි ළමයෙක්ව උස්සගෙන ඇවිල්ලා ගෙදරක තියලා, ගෙදර අම්මාට කියලා නායයාමට අහුවුණ අය බේරගෙන එන්නම් කියලා ආයෙත් සැරයක් ගිහිල්ලා තියෙනවා. එහෙම ගිය කෙනා නායයාමකට අහුවෙලා ගහගෙන ගිහින් තියෙනවා.”

  • රන්ජන් අරුන් ප්‍රසාද්
  • Role,බීබීසී දෙමළ සේවය
SendShareShare
Previous Post

‘මව්රට’ හරියටම කිව්වා….! 2024.12.21….! 2025 ලංකාවට ලොකු විපතක් වෙනවා…! අසාමාන්‍ය ගංවතුරකින් මහා විනාශයක් වෙනවා….! ඊළඟට වෙන දේවලුත් කියනවා! මහාරිෂි මහේෂ් යෝගිතුමා කියපු ටක්කෙටම හරි අනාවැකිය….! Sri Lanka Latest News

Next Post

ලංකාවට වෙන දේ මැරෙන්න කලින් බාබා වැන්ගා කියලා! පුදුමයි ඒත් ඇත්තයි! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.