2025 වර්ෂය ගැන ඔයාලට තියෙන්නේ සුබවාදී අපේක්ෂාවක්. ඒ වුණාට 2025 වර්ෂය ලංකාවට භයානක වසරක් වුණොත් මොන වගේ දෙයක් වෙයිද? ඇත්තටම ඒක සිද්ධ වෙන්න පුළුවන්. අපිත් කැමැතියි 2025 වසරේදී ලංකාවට හොඳක් වෙනවා බලන්න. නමුත් එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට 2025 වර්ෂය භයානකයි කියලා කියන්නේ ඇයි? ඒකට එක හේතුවක් තමයි ඉන්දියානු යෝගිතුමෙක් පවසපු දේවල්. මොනවද මේ යෝගිතුමා පවසා තියෙන්නේ? ඔහු කොහේදීද මේ කතාව කියලා තියෙන්නේ? මේකට සාක්ෂි කෝ? මේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් අපි ඔබට කියනවා. එතකොට ඔබට හොයා බලන්න පුළුවන් මේ වගේ දෙයක් අත්තටම සිදුවෙලා තියෙනවද නැද්ද කියලා. Sri Lanka Latest News
2025 වර්ෂයේදී සිදුවෙන ප්‍රධාන බාධකය ගැන අපි මුලින්ම විමසා බලමු. පළමු දේ තමයි හිතන්නෙවත් නැති ලොකු කරදරයකට ලංකාවේ මිනිස්සුන්ට මුහුණ පාන්න සිදුවෙනවා. රටේ නායකයා සහ ඔහුගේ වටේ ඉන්න කිහිප දෙනෙක් උපරිම උත්සාහ ගන්නවා රට ගොඩ දාන්න. ඒත් කොච්චර උත්සාහ කළත් ඒ උත්සාහයන් ගඟට කපන ඉනි වගේ තමයි. රටේ නායකයන් එක ප්‍රශ්නයක් විසඳනකොට රටේ තව තැනකින් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ප්‍රශ්නයත් යන්තම් විසඳනකොට තවත් ප්‍රශ්නයක් එනවා. ලොකු ගංවතුරක් හෝ දරුණු නියඟයක් හෝ ඒහා සමාන ලොකු කරදරයක් වෙන්න පුළුවන්. හැම අවුරුද්දකම එන සාමාන්‍ය එකක් නෙවෙයි. මේ වෙනතුරු අපි අත් නොවින්ද අසාමාන්‍ය දෙයක් තමයි වෙන්නේ. මෙන්න මෙහෙම අසාමාන්‍ය ස්වභාවික විපතක් සිදුවෙලා ජන ජීවිතය කඩාකප්පල් වෙනවා. එතකොට රටේ ආණ්ඩුවට මොකද වෙන්නේ? ඒ ගැනත් කතා කරමු අපි.
ඇයි ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර ලොකු කරදරයක් වෙන්නේ? ඒකට හේතුව එක්තරා ශාපයක් කියලා කියන්න පුළුවන්. මේ ශාපය කරලා තියෙන්නේ කවුද? මේ ශාපය කරලා තියෙන්නේ අපි විසින්ම තමයි. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුම තමයි. ඉතින් මහාරිෂි මහේෂ් කියන යෝගිතුමාගේ ප්‍රකාශයක් පදනම් කරගෙන තමයි අපි මේ අනාවැකිය 2025 වර්ෂය ගැන කිව්වේ.
මහාරිෂි මහේෂ් යෝගිතුමාට අනුව යම්කිසි ජන සමාජයක කුඩා පිරිසක් හෝ ඉතාමත්ම හොඳ කල්ක්‍රියාවෙන් භාවනානුයෝගීව ජීවත් වෙනවා නම් ඒක මුළු සමාජයටම බලපානවා. ඉතින් මේ මහාරිෂි මහේෂ් කිව්වා කියලා ඒවා අපි පිළිගන්න ඕනෙද? ඒ නිසා විද්‍යාඥයන් පිරිසක් මේ ගැන පරීක්ෂණයක් කළා. අන්තිමේදී ඔප්පු වුණේ මොකක්ද? මහාරිෂි මහේෂ් කියපු දෙයක් ඇත්ත කියලා ඔප්පු වුණා. හැබැයි එහෙමයි කියලා ඒක පිළිගන්න අර විද්‍යාඥයන් සූදානම් වුණේ නැහැ. ඔවුන් මේ වෙනකොට මේ ගැන පරීක්ෂණ 50කටත් වඩා සිදුකරලා තියෙනවා. ඒ හැම එකකින්ම ඔප්පු වුණේ මහාරිෂි මහේෂ් කියපු දේ සත්‍යයක් කියලා. ඊට පස්සේ ඔවුන් මේක විද්‍යාත්මක සංසිද්ධියක් කියලා හිතලා ඒකට නමක් දාලා තියෙනවා. ඒකේ නම තමයි මහාරිෂි එෆෙක්ට් කියලා කියන්නේ. මේක 1974 ඉඳලා කතාබහට ලක්වෙන දෙයක්. තාම කිසි කෙනෙක්ට බැරිවුණා මේ මහාරිෂි එෆෙක්ට් කියන එක බොරු කියලා ඔප්පු කරන්න. ඒ වෙනුවට මෙය තහවුරු කරන්න සාධක පවා ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙන් හෙළි වෙමින් පවතිනවා. ‘මහාරිෂි එෆෙක්ට්’ කියලා අන්තර්ජාලයේ සර්ච් කරලා ඊට අදාළ විද්‍යාත්මක වාර්තා කියවන්නත් ඔබට පුළුවන්.
මහාරිෂි එෆෙක්ට්වලට අනුව පිරිසක් හොඳ සිතුවිලි ඇතිව ජීවත් වෙනකොට පරිසරය ඊට අනුව වෙනස් වෙලා යහපත් ආකාරයට හැඩගැසෙනවා. ඒ වගේම නරක සිතුවිලිවලින් කටයුතු කරන්න පටන් ගත්තොත් පරිසරයත් ඊට අදාළව වෙනස් වෙලා භයානක සංසිද්ධි අපට සිදුවෙන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂණවලින් පෙන්වා දීලා තියෙනවා යම්කිසි පිරිසක් යම් තැනක භාවනා කරන විට ඒ පරිසරය යහපත් බවට පත්වෙන බව. ඒ වගේම භාවනා නොකරන කොට ඒ පරිසරය වටා තියෙන තත්ත්වයනුත් මේකට එකතු කරගෙන තියෙනවා. එතකොට විද්‍යාඥයන් නිරීක්ෂණය කරපු දෙයක් තමයි යම්කිසි පිරිසක් යම් තැනක භාවනා කරන විට ඒ අවට කලාපය ගොඩක් සාමකාමී වෙනවා කියන එක. ඒ වගේම අපරාධ බොහෝ සෙයින් අඩුවෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් ගස්වැල්වල ඵලදාව පවා වැඩිවෙන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ පිරිස භාවනා නොකරන කාලවලදීත් ඒ දත්තම එක්රැස් කරලා තියෙනවා. එතකොට නිරීක්ෂණය වෙලා තියෙන දෙයක් තමයි භාවනා කරන කාලයට වඩා ඒ කාලයේදී අපරාධ වැඩිවුණා වගේම ගස්වල ඵලදාව පවා අඩුවෙනවා කියන එක. ඒ කියන්f්න මිනිසාගේ සිතුවිලි නිසා පරිසරය පවා වෙනස් වෙන්න පුළුවන්. මේ මහාරිෂි එෆෙක්ට් ගැන අදාළ විද්‍යාත්මක වාර්තා අන්තර්ජාලය තුළින් සොයාගන්න ඔබටත් පුළුවන්.
අතීතයේ බොහෝ මිනිස්සු අදට වඩා ගොඩක් යහපත් ආකාරයට හිතුවා. නමුත් වර්තමානයේදී වෙන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. හොඳම උදාහරණයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ ඉන්න ඇතැම් භික්ෂුන්වහන්සේලා. අපි සමාජ මාධ්‍යවලින් දකිනවා එවැනි ඇතැමුන් පරුෂ වචන කියන ආකාරය. මරන්න ඕනේ කියනවා, හිරේට දාන්න ඕනේ කියනවා. අපේ මිනිස්සුත් ඒ කතාවලට උල්පන්දම් දෙනවා. සමහර අය මේවා මේ විදියට කමෙන්ට් කරනවා. ‘නියමයි, ඔහොම තමයි ඉන්න ඕනේ’.
හොඳට මතක තියාගන්න බුදුරජාණන්වහන්සේ කිව්වේ මේක නෙවෙයි. ජේසුස්වහන්සේ කිව්වෙත් මේක නෙවෙයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ව ඝාතනය කරන්න එන අයටත් මෛත්‍රී කරන්න කියලා. ඒ වුණාට වර්තමානයේ භික්ෂුන්වහන්සේලා එහෙම නෑ. ජේසුස්වහන්සේව කුරුසියේ ඇණ ගහන්න ආපු මිනිස්සුන්ටත් උන්වහන්සේ සමාව දුන්නා. ඒ වුණාට අද වෙද්දී ඇතිවෙලා තියෙන තත්ත්වය කොයි වගේද? පූජ්‍ය පක්ෂයට සමගාමීව මිනිස්සු එන්න එන්නම පාපයට යොමුවෙමින් පවතිනවා. සමස්ත මිනිසුන්ගේ සිතුවිලි අඳුරු වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ මිනිස්සු මේ වෙලාවේ හිතන පතන දේවල් නිසා ගස්වැල්වල ඵලදාව පවා අඩුවෙන්න පුළුවන්. සමහර විට රටේ යුදමය තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ගොවි මහත්තුරු ටික හොඳට ඵලදාව ගනී. ඒ ඵලදාව මුදල් බවට පත්කර ගනී. ඒත් මේ ඵලදාව සරල සිංහලෙන් කියනවා නම් යාදෙන්නේ නෑ. මොකද ලංකාවේ මිනිස්සු නපුරු සිතුවිලි අවට පරිසරයට මුදාහැරලා තමයි තියෙන්නේ. සමහර විට කුණාටුවක් වුණත් ඇතිවෙන්න පුළුවන්. නැවත වතාවක් ඔබට මතක් කරනවා, මේ අනාවැකි අපි කියන ඒවා නොවන බව. මහාරිෂි එෆෙක්ට් කියන විද්‍යාත්මක සංසිද්ධිය නිසා සිදුවෙන දේවල්. විශ්වාස නැතිනම් අදාළ සමීක්ෂණ වාර්තා පරීක්ෂා කරන්න ඔබට අවස්ථාව තිබෙනවා.
මේවා සිද්ධ වෙන්නේ කොහොමද? මිනිසාගේ සිතුවිලි කොහොමද අවට පරිසරයට බලපාන්නේ? ඒක තවමත් 100%ක් තහවුරු කරගෙන නැහැ. හොයාගෙන තියෙන්නේ මිනිසුන්ගේ සිතුවිලි නිසා පරිසරය වෙනස් වෙනවා කියලා විතරයි. හැබැයි සමහර විද්‍යාඥයන් මේක ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙන් පැහැදිලි කරන්න උත්සාහ අරගෙන තියෙනවා. ඒ අනුව ඔබ සහ අවට පරිසරය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. වරක් බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා අධර්ම රාගයට ඇලී, විෂම ලෝභයට යටවෙලා, මිථ්‍යා මතවලින් පීඩිත වෙලා සිටින මිනිසුන්ට දරුණු යක්ෂයන්ගේ බලපෑම් ඇතිවෙන බවත්, ඒ හේතුවෙන් බොහෝ දෙනා මරණයට පත්වීම නිසාම ලෝකයේ මිනිස් ගහනය අඩුවන බවත්. තවත් අවස්ථාවක බුදුරජාණන්වහන්සේ මේ විදියටත් දේශනා කරලා තියෙනවා. ඒ තමයි, බඹයක් තරම් වූ මිනිස් ශරීරය තුළ මුළු ලෝකයම පිහිටා තිබෙන බව. මීට සමාන දෙයක් ජේසුස්වහන්සේත් පවසා තිබෙනවා. දෙවියන්ගේ රාජධානිය අන්න අතන, මෙන්න මෙතන කියලා ඇඟිල්ල දිගුකරලා පෙන්වන්න බැහැ. මොකද දෙවියන්ගේ රාජධානිය තියෙන්නේ ඔබ තුළයි කියන එකයි එම ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ. තවත් දේව කතාවක ශිව දෙවියන් මේ විදියට පවසා තිබෙනවා. ‘මෙසේ වටහාගන්න, මා සෑම තැනකම සිටිනවා, ඒ වගේම කොහෙත්ම නැහැ.’
ඔබ හොඳින් මතක තබාගන්න. ඔබ විශ්වයට දෙන්නේ මොනවද, ඒ දේම අපට පෙරළා ලැබෙනවා.
මිනිසුන්ගේ ජීවන තත්ත්වය අයහපත් වෙනවා කියන්නේ ආණ්ඩුවට සිද්ධ වෙන දේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ වෙනකොට ඉහළ පුටුවල අය විශ්වාස කරන්නේ මේ රට භෞතිකව දියුණු කරන්න විතරයි. ඒ වුණාට ආධ්‍යාත්මිකව මිනිස්සු දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමුකරන්නත් ඕනේ. ක්වන්ටම් භෞතිකයේදී සමහර විද්‍යාඥයන් මත ඉදිරිපත් කරනවා විශ්වය කියන්නේ එකිනෙකට වෙනස් වන යථාර්ථයන් තියෙන අනන්තයකින් හැදුණු විශ්වයක් කියලා. උදාහරණයක් කියනවා නම්, ඔබ කියන්නේ පුංචි පුංචි බෝල ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයක්. අර පුංචි පුංචි බෝල තමයි වෙනස් යථාර්ථයන් වෙන්නේ. ඒවාට ටයිම් ලයින් කියලා අපි කියනවා. ඒ වගේම මේන් ටයිම් ලයින් කියලත් කියනවා. එතකොට මේන් ටයිම් ලයින් එක, එක එක ස්ථානවලින් බෙදිලා ගියාම අපට ලැබෙනවා ඕල්ටර්නේට් ටයිම් ලයින්ස්. මේන් ටයිම් ලයින් එක ගහක් විදියට ගත්තොත් ගහේ මුල කියන්නේ යම් දේක පටන්ගැන්ම. ජීවිතයකට ආදේශ කළොත් ජීවිතයේ මුල. ගහේ උඩ හරිය වෙනත් අතුවලට බෙදී යනවා වගේ අපේ ජීවිතවල ගන්නා තීරණ අනුව අපේ යථාර්ථයන් වෙනස් වෙනවා.
මේ ඕල්ටර්නේට් ටයිම් ලයින් හැදෙන්න නම්, ඕල්ටර්නේට් ටයිම් ලයින් එකේ සිදුවීමක් වෙනස් වෙන්න ඕනේ. එතකොට තමයි ඒවා නිර්මාණය වෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා අපේ ටයිම් ලයින් එක වෙනස් කරගන්න. අපි වෙනස් වුණොත් අපේ ටයිම් ලයින් එකත් වෙනස් වෙනවා. ඒ වගේම අපේ යථාර්ථයන් වෙනස් වෙනවා. ඉතින් අමතක කරන්න එපා මේ වැදගත් බුදු වදන. ‘ධර්මය ආරක්ෂා කරන්නා ධර්මය විසින් ආරක්ෂා කරන බව’. මේකේ අනෙක් පැත්තත් මතක තියාගන්න. අධර්මයෙන් ජීවත් වන අයට අධර්මයේ ඵල විපාක විඳින්නම සිදුවෙනවා.
(මෙම ලිපිය අප පළකළේ Watapita යූටියුබ් නාලිකාවට 2024 දෙසැම්බර් 17 වැනිදා නිකුත් කර තිබූ වීඩියෝවක් ඇසුරෙනි.)
අප මීට පෙර පළකළ එම පුවත පහතින්.










