• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩබල් කැබ් ටෙන්ඩර් එකේ මහා හුටපටය! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩබල් කැබ් ටෙන්ඩර් එකේ මහා හුටපටය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ප්‍රයෝජනය සඳහා නවීන ඩබල් කැබ් රථ 1000ක් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළකළා.Sri Lanka Latest News

ගෙන්නනවා කියන වාහන මේ ඩබල් කැබ් කියලා තමයි වාර්තා වුණේ. ඒ සම්බන්ධව මොකක්ද කියන්න තියෙන්නේ?
අලුත්ම අලුත් ඩබල් කැබ්. දැන් ඩොලර් එකේ ගාන දවසින් දවස නගිනවා. එතකොට මේවාට යන රුපියල් ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා.
රජය සතුව තියෙන වාහන වැඩියි කියලා, අතිරික්තයක් තියෙනවා කියලා තමයි ඔවුන් බලයට පත්වෙන්න කලිනුත් කිව්වේ. ගාලුමුවදොරට ගෙනල්ලා ජනතාවට පෙන්නුවේ මෙන්න ජනතාවගේ මුදල් නාස්ති කරලා තියෙන විදිහ කියලා. දැන් මේ මොකක්ද ඔබතුමා සමාගමක් පවා ගාවනවා. මොකක්ද ඇත්තටම මේක ඇතුළේ වෙන්න යන ඩීල් එක?
ඒක තමයි මම පැහැදිලි කළේ. මේ අලුත්ම සුඛෝපභෝගී වාහන 1000 ගේන්නේ, එක සමාගමකට විතරක් ටෙන්ඩර් එකට එන්න පුළුවන් විදිහට. සුදුසුකම් හදලා තියෙන්නේ එහෙම. දින 12යි ටෙන්ඩරේට ඇතුළු වෙන්න දෙන්නේ. එතකොට කාලය සීමා කරලා තියෙනවා, සුදුසුකම් දාලා තියෙනවා. ඒ සුදුසුකම් සමහර ඒවා තියෙන්නේ ඒ එක සමාගමකට විතරයි. එතකොට ඒ සමාගමට කලින් කතාකරගත්තු විදිහට ටෙන්ඩර් එක යනවා. කලින් කතාකරගත්තු විදිහට ගාන හම්බවෙනවා. ඒක තමයි මේ වෙන්නේ.
1000ක් ගේන්න ඕනෙද දෙයි හාමුදුරුවනේ… මුලින් පෝලිම් ගස්සවලා පෙන්නලා කිව්වේ ඕනෑවටත් වඩා වාහන තියෙනවා කියලා. එහෙම කියලා දැන් 1000ක් ගේනවා. කොහොමද මේක සාධාරණීකරණය කරන්නේ?

හැබැයි ජනාධිපතිතුමාම කිව්වනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් දෙන්න ඕනෙ. හැබැයි අපි දැන් පර්මිට් දෙන්නේ නෑ කාටවත් වාහන මිලදී ගන්න. අපි ගෙනල්ලා දෙනවා වාහනයක්. ඔන්න දැන් ඩබල් කැබ් එකක් ගෙනල්ලා දෙන්න හදන්නේ?
ඇයි හඳුන්නෙත්තිලා ඡන්දෙට කලින් කිව්වේ අපිට මොකටද විශේෂ වරප්‍රසාද? අපි සාමාන්‍ය ජනතාවට උඩින් කිසි වරප්‍රසාදයක් ගන්න නෑ. බස් එකේ ඇවිල්ලා රට පාලනය කරන්න අපට පුළුවන්. ඒ කාලේ ඔය හේවගේ මහත්තයා එහෙම බස් එකේ ආවනේ රූපවාහිනී සංවාදවලට පෙනීඉන්න. ඒවනේ ෆොටෝ ගහලා සමාජ මාධ්‍යවල වයිරල් කෙරෙව්වේ. ඉතින් බස් තියන් මොකටද මහත්තයෝ දැන් ආයේ මේ කැබ් හොයන්නේ? ඒ කියපු විදිහට එන්න එපැයි. ඉතින් මහජනයා ඕවා විශ්වාස කරලනේ දුන්නේ. හඳුන්නෙත්ති මහත්තයා බස් එකේ හරි කෝච්චියේ හරි ඇවිල්ලා, වටාඳනාවත් ඇඳගෙන, ඒ ඇවිල්ලා බොහොම හොඳට රට පාලනය කරන්න බලාගෙන ආවේ. ඉතින් දැන් මොකටද මේ වාහන නැතුව නහයෙන් අඬන්නේ? එහෙම නම් එදාම ඔය කතා කියන්නේ නැතුව ඉන්න ඕනේ. ඔක්කොම කරන්නේ සංදර්ශනනේ. ආපු ගමන් ගෝල්ෆේස් එකේ වාහන සංදර්ශනේ. ඊට පස්සේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා තව සංදර්ශනයක් පටන් ගත්තා, වෙච්ච දෙයක් නෑ, නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ. ඊළඟට දැන් හොරු අල්ලනෝ කියලා පටන් ගත්ත ඊළඟ සංදර්ශනය, ඒකත් මුල් කාලේ නැගලා ගියා, දැන් ඔහේ ඇද ඇද යනවා. අර සමහර චිත්‍රපට හෝල්වල තියෙනවා, බෝඩ් එකේ තියෙන චිත්‍රපටය නෙවෙයි ඇතුළේ පෙන්නන්නේ. බෝඩ් එකේ තියෙන්නේ එක චිත්‍රපටියක්. ඇතුළේ පෙන්නන්නේ පරණ චිත්‍රපටයක්. ඒ හෝල් එකේ හෝල් එක තියෙන්නේ ෆිල්ම් බලන්න නෙවෙයි. ඇවිල්ලා ජෝඩුවලට ඉඳලා යන්න.

මේ ආණ්ඩුව පෙන්නන චිත්‍රපටත් අන්න ඒ ජාතියේ. මේ වෙලාවේ පෙන්නනවා විෂ මත්ද්‍රව්‍ය නැති කිරීමේ චිත්‍රපටය. ඒක තමයි දැන් නැගලා යන චිත්‍රපටය. හැබැයි ඒකෙත් හෝල් එක ඇතුළට ගියාම පේන්නේ වෙන වෙන ජවනිකා. කෙසේ වෙතත් මේ සංදර්ශන ආණ්ඩුවක්. කටින් බතල හිටවන ආණ්ඩුවක්. රටේ මහජනයාගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර දෙන ආණ්ඩුවක් නෙමෙයි. මූල්‍ය අරමුදලේ පඹ ගාලේ හිරකරලා තියෙන රටේ ආර්ථිකය තව තවත් අමාරුවෙන් අමාරුවට ඇදගෙන යන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවකට මහජනයාගේ දුක දැනෙනවද? ගොවියාගේ දුක දැනෙනවද? මිනිස්සුන්ගෙන් බදු ගහලා බදු ගහලා බදු ගහලා බර පටවලා, හූරගෙන කන සල්ලි ටිකෙන් හිතක් පපුවක් තියෙන ආණ්ඩුවකට මෙච්චර වාහන තොගයක් ගෙන්නන්න හිතක් පහළ වෙයිද? එහෙම හිතෙන්නේ කොහොමද? ඉතින් ඒකෙන් තේරෙනවා හිතක් පපුවක් නැති පාලනයක්. ඒක තමයි අපිට පේන්නේ.

දැන් රටම එකට මත්ද්‍රව්‍ය විනාශ කරන එක හොඳයිනේ…?
මේක ක්ලීන් ශ්‍රී ලංකා දෙක. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් දැන් මුළු ලංකාවම ක්ලීන්ද? හොඳටම ක්ලීන්ද? දැන් කෝ ක්ලීන් ශ්‍රී ලංකා? දැන් ක්ලීන් වෙලා ඉවරද ලංකාව? ඒ වගේ තමයි ඔය ඊළඟ සංදර්ශනේ. හොඳට කරනවා නම් අපි බොහොම කැමැතියි. හැබැයි ඉතින් සංදර්ශන පමණයි. විෂ මත්ද්‍රව්‍ය නැති කරන්න කතා පවත්ව පවත්වා ඉන්න ඕනෙද? ඒවා මේ සද්දේ දාලා කරන වැඩද? සද්දේ වහලා කරන්න ඕනෙ වැඩ. සද්දේ දාන්නෙම වැඩේ නොකෙරෙන්න.

ජනාධිපතිතුමා කිව්වේ මායාකාරී කුණාටුවෙන් මේ රට ගළවාගන්නවා කියලා?
ඔව් ඉතින් කළු රාජ්‍යයෙන් ගළවගන්නවා, මායාකාරී කුණාටුවෙන් ගළවගන්නවා. එයාට ගළවගන්න ඒවා විතරයි තියෙන්නේ. දහස් ගණන් වාහන ගෙන්නන ඒවා වගේ තමයි අලවගන්න ඒවා තියෙන්නේ. ගළවගන්න තියෙනවා අනිත් ඒවා. එක එක භූතයෝ මවාගන්නවා, මවාගෙන භූතයොත් එක්ක සටන් කර කර ඉන්නවා. කාලේ කනවා කතා පවත්ව පවත්වා. ඇයි භූතයෙක් ඕනනේ තළ තළා ඉන්න. තළ තළා ඉන්න මොකක් හරි මුව හමක් ඕනා. එක කාලයක් රාජපක්ෂ මුවහමට තළ තළා හිටියා. දැන් ඒකට තළලා තළලා තළලා දැන් තැළුවට ගතියක් නෑ. ඊළඟට හොරු අල්ලනෝ හොරු අල්ලනෝ කියලා තළන්න ගත්තා. ඊළඟට ක්ලීන් ශ්‍රී ලංකා කියලා තව එහෙකට තළන්න ගත්තා. දැන් තළනවා විෂ මත්ද්‍රව්‍ය එකට. ඉතින් මොකක් හරි එකක් ඕනා ඉතින් එතුමාට තළ තළා ඉන්න. තළ තළා ඉන්නනේ පුරුද්ද තියෙන්නේ. වෙන මුකුත් පුරුද්දක් නෑ. මොකක්වත් නැත්නම් මොකක් හරි භූතයෙක් මවාගන්නවා ඒ භූතයට තළ තළා ඉන්නවා.

එදා ඉඳලම එහෙමද?
ඔව් ඉතින් තල තලා හිඳීමේ ප්‍රතිඵලයක් හැටියටනේ බලය කරා ආවේ. ඉතින් එතුමා හිතනවා බලයේ ඉන්නත් ඕනේ තල තලා තමයි කියලා.

චානක ලියනගේ

SendShareShare
Previous Post

ලලිත්-මහින්ද-මෛත්‍රී සහ බිමල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

මාලිමා ආණ්ඩුවේ අලුත්ම ලොජික් එක! රනිල්ගේ අඩි පාරේ යන්න ගිහින් ආණ්ඩුව පැටලිච්ච මරඋගුල! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.