• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගේ ආච්චි ඩේසි ෆොරස්ට්ටත් ඩිමෙන්ෂියා..! I Sri Lanka Latest News

November 12, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
උසාවියට ආපු අවුරුදු 97ක ඩේසි ආච්චි! නම විතරයි මතක! වෙන කිසි දෙයක් මතක නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධිචෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාම පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නොවැම්බර් 12 වන දා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.Sri Lanka Latest News

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙම දැනුම් දීම සිදු කළේ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඩේසි ෆොරස්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය

ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත් ය.

තම සේවාදායිකාව වයස අවුරුදු 98ක වයෝවෘද්ධ තැනැත්තියක වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිව ම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේ ය.

වර්තමානයේ ඇගේ මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පැවසීය.

2017 වසරේ මාර්තු 17 වන දා ගංගොඩවිල දිසා අධිකරණයෙන් ද සිය සේවාදායිකාවට ඇගේ පෞද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින් ඇයගේ දේපළ භාරකාරීත්වය වෙනත් අයෙකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එම රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරුන් දැනුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

‘මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව’

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය බව ය.

විත්තිකාරිය වයස අවුරුදු 98ක තැනැත්තියක වන අතර ඇයට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පැමිණිල්ලට පිළිගත හැකි වුවත් දිසා අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම අධිකරණය කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඒ පිළිබඳව මෙම අධිකරණයට යළි කරුණු සලකා බැලීමට හැකියාව තිබෙන බවත් මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් යළි වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවශ්‍ය දැයි සලකා බැලිය යුතු බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ සඳහා කාලය අවශ්‍ය බව ද පැවසීය.

විනිසුරුවරයා ප්‍රශ්න කරයි

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ, මෙම වෛද්‍ය වාර්තාව වසර අටකට පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ඇයි ද යනුවෙනි.

මෙම නඩුකරය ප්‍රථමයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මෙවැනි වැදගත් ලේඛනයක් එම අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබූ නිසා අදාළ ලේඛනය එම අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බව ද සඳහන් කළේ ය.

මෙවැනි ලේඛනයක් මහේස්ත්‍රාත් අධිකරණයට විත්තිය මගින් ඉදිරිපත් කළේ දැයි අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විනිසුරුවරයා විමසූ අතර ඔවුන් සඳහන් කළේ එවැනි ලේඛනයක් ඉදිරිපත් නොවූ බව ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා දෙවන විත්තිකාරිය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන 26 වන දා කැඳවන ලෙස නියෝග කළේ ය.

ඩේසි ෆොරස්ට් යනු කවුද?

ඩේසි ෆොරස්ට් යනු යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වේ.

ඇය සුලේමන් රෝඩෙහඩෙ මෙන් ම ගුරුවරියක ලෙස ද සේවය කර ඇත.

ඩේසි ෆොරස්ට් කලකට ඉහතදී ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන් ද කටයුතු කළ තැනැත්තියක් බව අධිකරණයේදී මීට පෙර අනාවරණය විය.

චෝදනා මොනවා ද?

2016 වර්ෂයේ සිට යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කළ බව මීට පෙර අවස්ථාවක එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි මනතුංග පැවසීය.

ඒ, ඔහුගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59කට අධික මුදලක් සම්බන්ධයෙනි.

“ඔහුට එම මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න හැකි වුණේ නැහැ,” පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

ඒ අනුව මුදල් විශූද්ධිකරණය පනත යටතේ ඔහුට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.

“විමර්ශනවලින් පෙනී ගියා මෙම මුදල් ස්ථීර තැන්පතු – බැංකු තැන්පතුවල යොදවා ඇත්තේ ඩේසි ෆොරස්ට් සමග හවුල් ගිණුමක් වශයෙන් කියලා.”

“මේ කාන්තාව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා,” ඔහු පැවසීය.

BBC සිංහල

SendShareShare
Previous Post

ඇප ඉල්ලද්දී රනිල්ට වගේම ප්‍රසන්නටත් ලෙඩ ගොඩක් තියෙන බව උසාවියට දැනුම් දෙයි! සාමාන්‍ය විදිහට කෑම ගන්න බෑලු! පැය 4කට වරක් කෙටි කෑමක් ගන්න ඕනලු! ප්‍රෝටීන් නිසි ප්‍රමාණය තියෙන්න ඕනලු! නැත්නම් කෝමා වෙනවලු! ජීවිත අවදානමකුත් තියෙනවලු!  I Sri Lanka Latest News

Next Post

සජබය බලය අල්ලපු දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ අයවැය සජබය අත උඩින් දිනයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.