• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

පාතාලය – ජවිපෙ සහ ලසන්ත ඝාතනය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

October 26, 2025
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
පාතාලය – ජවිපෙ සහ ලසන්ත ඝාතනය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2012 ජුනි 15 කටුවන ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ වත්තේ පැවැති දේශපාලන රැස්වීමක ප්‍රධාන අමුත්තා වූයේ වත්මන් සෞඛ්‍ය නලින්ද ජයතිස්සය. ඔහු මුලසුනේ වාඩිවී සිටියේය. එක්වරම ආයුධ සන්නද්ධව පැමිණි මැරයන් දසදෙනෙක් වත්තට ඇතුළු වී වත්තේ සිටි 80ක් හෝ 100ක ජවිපෙ පාක්ෂිකයන් පිරිසකට වෙඩිතියාගෙන ගියේය. නලින්ද ජයතිස්ස අනූනවයෙන් බේරුණි. කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ඝාතනය වූහ. ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබුවේ රාජපක්ෂලාගේ ආධාරකරුවකු වූ තංගල්ලේ වීරකැටියේ ප්‍රකට පාතාල මැරයකු වූ ජූලම්පිටියේ අමරේය.Sri Lanka Latest News

එවක මන්ත්‍රී අනුර කුමාර දිසානායක කීවේ මෙය ආණ්ඩුවේ මැරයන් විසින් කළ ප්‍රහාරයක් බවය. ඔවුන් කෙළින්ම ඇඟිල්ල දිගු කළේ රාජපක්ෂ ආධාරකරුවකු වූ ජූලම්පිටියේ අමරේටය.
එහෙත් මහින්දගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශයක් කරමින් කීවේ ප්‍රහාරයට හේතුව ජවිපෙන් ඒ වනවිට කැඩීගිය පෙරටුගාමී පක්ෂයේ ආරවුලක් බවය.

ඒත් පොලිසිය කිව්වේ වෙන කතාවකි. පොලිසිය කිව්වේ ප්‍රහාරය පිටුපස ඇත්තේ ජවිපෙට සම්බන්ධව සිටි පාතාල කල්ලි සහ ජූලම්පිටියේ අමරේගේ පවුල අතර පැවැති ආරවුලක් බවය. පොලිසිය 2012 ජුනි 24 සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ 88-89 භීෂණ කාලයේ ජවිපෙට සම්බන්ධ පාතාල කල්ලි ජූලම්පිටියේ අමරේගේ සහෝදරයන් දෙදෙනෙක් ඝාතනය කර ඇති බවය. මෙම ඝාතනය නිසා ජවිපෙ සහ ජූලම්පිටියේ අමරේ අතර ජන්මාන්තර වෛරයක් පටන්ගත් අතර, අමරේ රාජපක්ෂලා බලයට පත්වීමෙන් පසු පාතාල නායකයෙක් වී ආණ්ඩුවේ හයියෙන් තම සහෝදරයන් මරපු පලිය ගන්න වෙලාව එනතෙක් සිටි බවය. පොලිසිය පවසා තිබුණේ 2011 වසරේදී ජූලම්පිටියේ අමරේගේ කල්ලි විසින් ජවිපෙට සම්බන්ධ පාතාල සාමාජිකයකුගේ සහෝදරයෙක් මරාදැමූ බවය. ඒ වනවිටත් සිරගතව සිටි ජවිපෙට සම්බන්ධ පාතාල කල්ලි නායකයකු වූ මධුශංක, අමරේ ඝාතනය සඳහා ප්‍රහාරයක් ඉලක්ක කළත් අමරේ එයින් බේරුණු බවය.

තවදුරටත් පොලිසිය පවසා තිබුණේ ජවිපෙ සහ අමරේ අතර මිනීමැරුම් ආරවුල තව තවත් දරුණු අතට හැරුණේ 2012 මැයි 13 ජවිපෙ නිල පත්තරය වූ ‘ලංකා’ පත්තරයේ අමරේගේ පාතාල ක්‍රියාකාරකම් ගැන ලිපියක් පළකොට තිබූ බවත්, අමරේ ඒ ගැන හොයද්දී පත්තරයට ඒ තොරතුරු දී ඇත්තේ කටුවන ප්‍රදේශවාසීන් බවත්, අමරේ ඔවුන් පසුපස පන්නපු බවත්ය.

‘මේ ප්‍රහාරයට චෝදනා ලැබ සිටින අමරේ ඝාතනය කරන්න නෙළුවේ ප්‍රියන්ත 2011දී උත්සාහ කළා. ඔහුට උපදෙස් ලැබුණේ දකුණු සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය ඝාතනය කර හිරේ සිටි ජවිපෙ පාතාල ක්‍රියාකාරිකයකු වූ මධුශංකගෙනි.’

මේ පොලිසිය කී කතාවය. අවසානයේ ජූලම්පිටියේ අමරේ ඇවිත් පොලිසියට භාරවිය. 2019දී කටුවන ජවිපෙ රැලියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම හිමිවිය. ඒ මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ ජවිපෙ ඉල්ලීම මත මෛත්‍රී-රනිල් ආණ්ඩුව ජූලම්පිටියේ අමරේට එරෙහිව කටුවන ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කොට ඔහුව නීතිය ඉදිරියට ගෙන ආ නිසාය.

එහෙව් ජවිපෙ අද ලංකාවේ ආණ්ඩුවය. ජවිපෙ ආණ්ඩුව යටතේ පළමු දේශපාලන ඝාතනය වැලිගම ප්‍රාදේශී සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරය. ඔහු සභාපති වූයේ ජවිපෙ/එන්.පී.පී. ආණ්ඩුව සමග යුද්ධයක් කරගෙනය. සමගි ජන බලවේගයෙන් තරග කළ ඔහු වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට අවශ්‍ය බහුතරය ජවිපෙට අහිමි කළේය. පසුව ඔහු විපක්ෂයේ පක්ෂ සමග එක්වී ප්‍රාදේශීය සභාව පිහිටුවන්න යන විට එම ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනෙක් අතුරුදන් වූහ. ජවිපෙ චෝදනා කළේ ඔවුන් දෙදෙනා පැහැරගෙන ගියේ විපක්ෂයෙන් බවය. එසේ කියා ලසන්ත ප්‍රාදේශීය සභාව පිහිටුවීම කඩාකප්පල් කළේය. එහෙත් ඒ පැහැරගැනීම පිළිබඳ කිසිදු පොලිස් විමර්ශනයක් සිදු නොවීය. අවසානයේ ඔවුන් උණවටුනේ සිටියදී හමුවිය. ඉන් පසු ජවිපෙ මන්ත්‍රීවරයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, ජවිපෙ ඒ ප්‍රහාරයේ වගකීමද ලසන්ත මත පැටවුවද අද වනතෙක් විමර්ශන නැත.

මෙයින් පේන්නේ ජවිපෙ ආණ්ඩුව වැලිගම ප්‍රාදේශීය සභාව හිමිකර ගන්න මරාගෙන මැරෙන යුද්ධයක් කළ බවත්, ලසන්ත මෙතරම් බලවත් ආණ්ඩුවක් වැලිගමදී දණගැස්වූ බවත්ය.

ලසන්ත ඝාතනය සිදුවී පැය විසි හතරක් යන්න මත්තෙන් පොලිස් ඇමැති කියන්නේ ලසන්ත පාතාල සාමාජිකයකු බවත්, ඝාතනය පාතාල ආරවුලක් බවත්ය.

ඔහුගේ මේ කතාව මතකයට නගන්නේ 2012 කටුවන ජවිපෙ රැස්වීමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්දගේ ආණ්ඩුව කළ ප්‍රකාශයය. හැබැයි මහින්දගේ ආණ්ඩුව එම ප්‍රහාරයට සම්බන්ධ ජූලම්පිටියේ අමරේව පොලිසියට යටත් කළේය. ඒ මාසයක් තුළය.

ජවිපෙ ආණ්ඩුව තවමත් ලසන්තගේ පාතාල ක්‍රියාකාරකම් කිය කියා ඝාතනය පාතාලයටම බැර කරයි. ජවිපෙ ඉතිහාසය කළුය. මෙවැනි ඝාතන ගැන සොයා බලා විමර්ශන කොට ඝාතකයන් නීතිය ඉදිරියට නොගෙනාවොත් මෙය ජවිපෙ ආණ්ඩුවක් යටතේ පළමු දේශපාලන ඝාතනය ලෙස ඉතිහාසගත වනු ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වතුර ටැංකියක් විවෘත කරලා පරිසර ඇමැති හොඳ කතාවකුත් කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රවීණ නළු-වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ රංජිත් සිල්වා සතියක් තිස්සේ අතුරුදන්! ගෙදර අය හොයනවා! කවුරුහරි දැක්කොත් මේ අංකෙට කෝල් එකක් දෙන්න!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.