• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා… ඔන්න දැන් කාපල්ලා රට හාල්! Sri Lanka Latest News

October 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
නාඩු වී කිලෝව 110 පන්නයි! අවුරුද්දට නාඩු හාල් කිලෝව 200 පනින ලකුණු!
Share on WhatsAppShare on Facebook

ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමවේදයක් යටතේ අතීතයේ සිට ගොඩනැඟුණු ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් මුල් කොටගත් රාජ්‍යයක් ලෙස නිර්මාණය වූ බව අප කවුරුත් දනී. එමෙන්ම දේශීය කර්මාන්තමය ක්‍රමවේදයකට අදාළව මූලිකවම ගොවිතැනින් තම බඩකට පුරවා ගැනීමට අප ලාංකීය ජනයා නැඹුරුව සිටි බවද අප නොදන්නා කරුණක් නොවෙයි. එනමුත් වර්තමානයේ එම ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් අඩාළ වී ඇත. ශ්‍රී ලංකාව පෙරදී හැඳින්වූයේ ‘පෙරදිග ධාන්‍යාගාරය’ යන නාමයෙනි. ලියුම්කරුගේ මතකයේ ඇති පරිදි නම් මා කුඩා වියේදී රචනාවක මූලාරම්භය ගනු ලැබුවේද ලංකාව ‘පෙරදිග ධාන්‍යාගාරය’ නමින් අර්ථකථනය කිරීමෙනි. එය එසේවීද නූතනයේදී අපට නිතැතින්ම එලෙස අන්වර්ථ නාමයන් පටබැඳිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. මන්දයත් අද වනවිට මිනිසා පරිභෝජනය කරනු ලබන සියලු දෑ පිටරටින් ගෙන ඒමට ඒ ඒ පුද්ගල කාණ්ඩ සමත් වීම හේතුවෙන් බව සඳහන් කළ හැකිය.Sri Lanka Latest News

එදා සිට අද දක්වාම වෙළෙඳපොළ යන්න හුදෙක් තීරණය වූයේ කෘෂි සංකල්පයන්, ජලාශ පද්ධති සංවර්ධනය හා ගොවිජන වෙහෙස මූලික කොට ගෙනය. අනුරාධපුර – පොළොන්නරු යුගයන්හි පැවැති වාරි පද්ධති තත්කාලයේදීත් විශිෂ්ට නිර්මාණ ලෙස සලකනු ලබන්නේ හුදෙක් එකල බිහිවූ විශිෂ්ට පාලන තන්ත්‍රයන්ද මේ උදෙසා දැඩි මෙහෙවරක් ඉටුකළ බැවිනි. ලියුම්කරුගේ අදහස නම් රටක් ආර්ථික වශයෙන් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර යටතේද ප්‍රවර්ධනය වනුයේ පාලනය තුළ හොබවන ආකාරයටයි. එනමුත් තත්කාලීන පාලන ව්‍යුහයන් හට නොතේරෙන සංකල්පයක් වනුයේ ශ්‍රී ලංකාව හුදෙක් ගමන් කළ යුත්තේ කෘෂිකර්මාන්තය පදනම් වූ ආර්ථික ක්‍රමවේදයක් සමග වන බවයි. මන්දයත් දේශගුණය පාරිසරික තත්ත්ව යනාදී සියල්ලන්ට ඔබින ලෙස රටක අභිවෘද්ධිය සිදුවිය යුතු බැවින්ය. එය හුදෙක් සනිටුහන් කිරීමට වර්තමාන පාලන ව්‍යුහයට හැකියාව ලැබී නොමැති බව මෙහිදී කනගාටුවෙන් වුවද පැවැසිය යුතුය. පැවැති පාලනයන්හි අදක්ෂතාව, අදූරදර්ශී බව මත නූතනයේ පෙරදිග ධාන්‍යාගාරය වූ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමට සිදුව ඇති බව උපහාසයෙන් වුවද මෙහිදී පැවැසිය යුතුමය. විවිධ අවස්ථාවන්හිදී අප රටේ පවත්නා ජාතික සහල් අවශ්‍යතාව 30% – 40% දක්වා විදේශ සහල් මගින් සම්පූර්ණ කරනු ලබයි. මෙය නූතනයේ අප රටේ පවත්නා තත්ත්වයයි.

ආණ්ඩුව හුදෙක් කටමැත දෙඩවීම නම් ඉතා හරසරව කළද හුදෙක් පාලනය මන්දගාමී තත්ත්වයකට පත්ව ඇත. පණ පුදනා දේශයට, පණ ගැහෙන හදවතට පණ දෙන බව හරසරව කීවද රට තව තවත් අගාධයට ඇදදමන බව නම් මෙන් හොඳින් පසක් වනු ඇත. නූතනය වනවිට සහල් පිටරටින් ආනයනය කිරීමට ආණ්ඩුව පියවර ගැනීමම හුදෙක් ලැජ්ජාසහගත වූවකි. මන්දයත් ජනතාව මුළාකොට ඡන්දය ගැනීමට ඔවුන් පැවැසුවේ ‘පිටරටින් සහල් පැටවීමට නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව’යි. තවද ‘සහල් පාලනය එසේ නම් පිටකොටුවේ තොග වෙළෙන්දන්ට ලබාදෙන බවත්, ඇමැතිකම් ඔවුනට දෙන බව’ටත් කියූ වදන් අද එලෙසින්ම ආණ්ඩුවට කළ හැකි බවත් ඔවුන්ට සිහිපත් කළ හැකිය. මන්දයත් පිටරටින් සහල් ආනයනය කරත් නම් හුදෙක් සහල් වෙළෙන්දකුට වුවද කළ හැකි බැවිනි. බහුශ්‍රැතභාවය කටට පමණක් සීමා නොකර ක්‍රියාවෙනුත් ඔප්පු කළ යුතු බව නිරන්තරයෙන් ආණ්ඩුව සිහි තබාගත යුතුමය. එසේ පැවැසීමට ලියුම්කරු උත්සුක වනුයේ නුඹලා අඩපණ කරනුයේ ශ්‍රී ලංකාවේ දේශීයත්වයේ පවත්නා සියලු මංපෙත් වීම හේතුවෙනි. කෘෂිකර්මාන්තයට තිතක් තබනවා යනු රටේ සියලුම ක්ෂේත්‍ර මිලින කිරීමක් වන බව තරයේ පසක් කිරීමට කැමැත්තෙමි.

රටක් පාලනය කිරීම් හමුවේදී ගැටලු මතුවිය හැකි මුත් එම ගැටලු නිසියාකාරව නිරාකරණය වීම නිතැතින්ම සිදුවිය යුතුය. සහල් ආනයනයට තුඩුදුන් එක් ගැටලුවක් වනුයේ සහල් මාෆියාවයි. සහල් මෝල් හිමියන් විසින් සහල් පාලනය කරන්නේ නම්, මිල ඔවුන් විසින් තීරණය කරනුයේ නම් ආණ්ඩුවක ඇති බලය කුමක්ද? ඔවුන්ගේ ඇති පාලන බලය කුමක්ද? හුදෙක් රඟපෑම් තුළින් පමණක් ගැටලු නිරාකරණය නොවේ. ජනතාව ඉදිරියේ හාල් මෝල් හිමියන් හට තග දැමුවද තවමත් සහල් මාෆියාව හමාර වී නොමැත. මේ වනවිටත් කිරි සම්බා සහල් සඟවා ඇති අතර, පොන්නි සම්බා සහල් ආනයනයට පියවර ගෙන ඇත. එය මේ සඳහා කදිම නිදසුනක් වනු ඇත. මෙය නම් පාලනයේ පවත්නා අක්‍රමවත්භාවයයි. රට ස්වයංපෝෂිත කිරීම වෙනුවට ජනතාවට දුන් පොරොන්දු සතේකට හෝ මායිම් නොකොට ජනතාවගේ මුදල් අපතේ යැවීමට ආණ්ඩුව සමත් වී ඇත. පාලන බලයේ පිහිටුවා වසරක් ගතවී ඇති කාලසීමාවක මෙන්ම කන්න ද්විත්වයක්ම හමාර වී ඇති නමුත් තවමත් සහල් පිටරටින් ගෙන්වනු ලබයි. මෙයයි ජනතා පොරොන්දු ඉටුකිරීමේ ක්‍රමවේදය ලෙස ආණ්ඩුව සලකනු ලබනුයේ.

ආණ්ඩුව පත්කිරීම වෙනුවෙන් මූලිකවම වෙහෙසුනේ ගොවි ජනතාවයි. මන්දයත් ගොවියා වෙනුවෙන් පොරොන්දු ගොන්නක් ආණ්ඩුව ලබාදීම හේතුවෙනි. ඔවුන් හුදෙක් උද්ඝෝෂණ පිට උද්ඝෝෂණ කරනුයේ වී සඳහා නිශ්චිත මිලක් නොමැති නිසාවෙනි. ආණ්ඩුව එක් සහල් මිලක් ගැසට් කළද වෙළෙඳපොළෙහි සහල් මිල තවත් ආකාරයක් වෙයි. දේශීය කර්මාන්තය නගාසිටුවීමට වෙර දරන ගොවීන් මේ හේතුවෙන් මහත් අසරණතාවකට වර්තමානයේදී පත්වී ඇත. ගොවීන්ට දුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව නිතැතින්ම සමත්විය යුතුය. ගෝඨාභය රාජපක්ෂව රටෙනුත් පලවා හැරීමට මුල් අඩිතාලම තැබුවේ ගොවීන් බව ආණ්ඩුවට අමතක වී ඇති බව සිහිපත් කළ යුතුය. ගොවි ජනතා ගැටලු මෙන්ම සහල් ගැටලු සඳහා කඩිනම් හා සාර්ථක විසඳුම් ලබානොදුනහොත් වර්තමාන ආණ්ඩුවටත් සිදුවනුයේද බලයෙන් පහවීමටය. එය හුදෙක් රාජාසනවල අසුන්ගෙන සිටින, බඩකට පුරවා ගනිමින්, හරසර කතා තෙපලන පාලන තන්ත්‍රය වගබලාගත යුතුම වූවක් බව අප මෙහිදී සඳගන් කරන්නෙමු.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

අන්තිමට බටත් නෑ ලන්දත් නෑ! අල්ලපු එකෙකුත් නෑ! කරපු දේකුත් නෑ! බටලන්දට මොකද වුණේ? Sri Lanka Latest News

Next Post

ගල්කිස්සේ පහර දුන්නේ නීතීඥයාද? පොලිස් කොස්තාපල්ද? මෙන්න වීඩියෝ එකක් එළියට ඇවිල්ලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තව සති දෙක තුනකට වඩා තමන් පාර්ලිමේන්තුවේ නොසිටින බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.