එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා එකම වේදිකාවකට ගොඩවන අවස්ථාවක් නොවැම්බර් මස 11 වැනිදා දැකගැනීමට හැකිවනු ඇත.Sri Lanka Latest News
ඒ, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 11 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත දේශපාලන රැලියේදීය.
ඊට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් එක්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය බදාදා දිනයේදී කොල්ලුපිටියේ පිහිටි කලම්බෝ ස්විමිං ක්ලබ් හෝටලයේ පැවැති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකදී මෙම තීන්දුව ගෙන තිබේ.
එම රැස්වීමට ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරාල, වජිර අබේවර්ධන, පලනි දිගම්බරම්, කාදර් මස්තාන්, උදය ගම්මන්පිල, රවී කරුණානායක, ටිරාන් අලස්, අසංක නවරත්න ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහභාගි වී සිට ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම නුගේගොඩ පැවැත්වෙන මෙම රැලියට සමගාමීව ගම් මට්ටමෙන් ජන හමු දහසක් සංවිධාන කිරීම ආරම්භ කිරීමටද එහිදී තීන්දු වී ඇත.










