අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ උපදෙස් මත නඩු කඩිනම් කිරීම සදහා ගෙන තිබෙන නව පියවර යටතේ, කොළඹ පමණක් මහාධිකරණ පහළොවක් ස්ථාපිත කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. Sri Lanka Latest News
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සදහා පමණක් විනිසුරු මොහොමඩ් මිහයිල් මහතා යටතේ වෙනම මහාධිකරණයක් පිහිටුවනු ඇත.
තවත් මහාධිකරණ නමයක් අපරාධ නඩු විභාග කිරීම සදහා පමණක් වෙන් කිරීමට නියමිත ය.
මහාධිකරණ තුනක් වාණිජ සහ සිවිල් නඩු හසුරුවනු ඇත.










