පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගිය දා හිමිවුණි.Sri Lanka Latest News
හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ මෙම සහනදායි ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රු මි 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
ඒ නිසාවෙන් අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමටත් නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කර කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.











