පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අතරතුර නාමල් රාජපක්ෂ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය පිටුපස සිටින පුද්ගලයෙක් ලෙස හැඟෙන පරිදි ප්‍රකාශයක් නිකුත් කළායැයි පවසමින් නාමල් රාජපක්ෂ විසින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙතට එන්තරවාසියක් නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
එම මාධ්‍ය හමුව තුළ නාමල් රාජපක්ෂගේ ඡායාරූප මාධ්‍ය වෙත් පෙන්වමින් සිදු කරන ලද ප්‍රකාශය ඉතා අසත්‍ය බවත් කිසිඳු පදනමිනමකින් තොරව දේශපාලනිකව නාමල් රාජපක්ෂගේ කිර්ති නාමයට හානි කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි නාමල් රාජපක්ෂගේ නීතිඥයවරුන් එන්තරවාසිය නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව එම ප්‍රකාශයෙන් ඔහුට අපකීර්තියක් සිදුව ඇති බවත් එලෙස අපකිර්තිස්සක් සිදුවීම වෙනුවෙන් රුපියක් බිලියනයක එන්තරවාසියක් නාමල් රාජපක්ෂ විසින් ඉල්ලා සිටිනවා.













