නේපාලයේ විරෝධතාවලින් අනතුරුව එරට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
නේපාල රජයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් සහ එරට ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වල දී අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.Sri Lanka Latest News
Facebook, X සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරට රජය ගත් තීරණයට එරෙහිව කත්මණ්ඩු හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල රැස්වූ පිරිස සිය විරෝධතා වල නිරත වූ අතර පසුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩාවැදීමට උත්සහ කිරීමත් සමඟ තරුණයින් විසුරුවා හැරීමට නේපාල පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.










