• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාක­ඳුරේ මධූෂ් හෙළිකරපු කුඩු ජාලයට සම්බන්ධ දේශපාලඥයන් 80 දෙනාගේ ලයිස්තුවට මොකද වුණේ? මධූෂ් හෙළිකරපු පොලිස් නිල­ධා­රීන්-ව්‍යාපා­රි­ක­යන්-රාජ්‍ය නිල­ධා­රීන් ගැන මොනවද කළේ? කුඩු සල්ලිවලින් ඉපයූ මධූෂ්ගේ කෝටි ගාණක දේපොළවලට මොකද වුණේ? මධූෂ්ට වෙඩි තියපු කෙනා කෝ? I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙනත් මරාදමන්නට කලින් සිදුකළ දුරකතන සංවාදයක් ආයෙත් එළියට ඇවිත්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඔහු ඝාත­නය වීමත් සමඟ ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැත. Sri Lanka Latest News

පැවැති ආණ්ඩු­වල සිටි මැති – ඇමැ­ති­වරු, පළාත් සභා මන්ත්‍රී­වරු මෙන්ම ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු ගැන බොහෝ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් හෙළි­කර තිබිණි. ඒ බව පොලී­සිය නිල වශ­යෙන් ද විටින් විට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක හරහා ද මාධ්‍යට ලබා­දු­න්නේය. මාක­ඳුරේ මධූෂ්ට ඩුබා­යිහි හෝටල් මෙන්ම මෙරට ද විශාල වශ­යෙන් දේපොල ඇති බව ද පොලී­සිය එකල නිල වශ­යෙන් මාධ්‍ය හමුවේ සඳ­හන් කළේය. එම දේපොළ අත්පත් කර­ගැ­නී­මක් හෝ සොයා ගැනී­මක් ගැන පොලී­සිය පසුව හෙළි නොක­ළේය. මධූෂ්ගේ ඝාත­න­යත් සමඟ එම දේපො­ළ­ව­ලට වූ දෙයක් සොයා ගන්න­ට­වත් නැත.

මත්කුඩු ජාවා­ර­මට මහා පරි­මා­ණ­යෙන් සම්බ­න්ධව සිටි බස්නා­හිර පළාතේ දේශ­පා­ල­න­ඥ­යෙක් ගැන පවා මාක­ඳුරේ මධුෂ් දීර්ඝ හෙළි­ද­ර­ව්වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කර තිබිණි. එම දේශ­පා­ල­න­ඥයා නගර සභා­වෙන් පළාත් සභා­ව­ටත් එතැ­නින් පාර්ලි­මේ­න්තු­ව­ටත් පැමිණ පසුව රාජ්‍ය ඇමැති ධුර­යක් ද දැරූ­වෙකි. මෙම දේශ­පා­ල­න­ඥයා ඇතුළු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­ක­රනු ලැබූ දේශ­පා­ල­න­ඥ­යන් රැසක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටි­යත් එකල පැවැති යහ­පා­ලන ආණ්ඩුව පෙර­ළී­මත් සමඟ එම විම­ර්ශන ඇන­හි­ටිණි. ඊට ප්‍රධාන වශ­යෙන් මුල් වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නීන් ස්ථාන මාරු ලැබී­මය.

එකල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස රාජ­කා­රියේ නිර­තව සිටියේ මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ වත්මන් ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­තාය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස එකල සේවයේ නිර­තව සිටියේ අද­ටත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ශානි අබේ­සේ­කර මහ­තාය.

මැති­ව­ර­ණ­ව­ලට ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ට මුදල් විය­දම් කළ ආකා­ර­යත්, ගොඩ­නැ­ඟිලි ලබා­දුන් ආකා­ර­යත්, ව්‍යාපාර ආරම්භ කිරී­මට සහ­යෝ­ගය දුන් අයු­රුත්, මත්කුඩු ජාලයේ කළු සල්ලි දේශ­පා­ල­න­ඥ­යන් මඟින් සුදු කළ අයු­රුත් මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබිණි.

මාක­ඳුරේ මධූෂ් ඩුබායි සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙ­ය­ව­න්නට වූයේ පාතා­ලයේ ගෝඩ්ෆා­දර් බවට පත්වෙ­මිනි. එහි දී ඔහුට දේශ­පා­ල­න­ඥ­යන් විශාල පිරි­ස­කගේ සහය පවා ඊට ලැබී තිබිණි. ඔහු විසින් මුදල් ආයෝ­ජ­නය කළ වාහන කුලී ආය­ත­න­යක් එකල විවෘත කෙරන්නේ ද අග­මැ­ති­ව­ර­යෙක්ගේ ප්‍රධා­න­ත්ව­යෙනි. ඒ පිටු­පස සිටියේ මාක­ඳුරේ මධූෂ්ගේ කළු සල්ලි­ව­ලින් යැපුණු දේශ­පා­ල­න­ඥ­යෙක් බව බුද්ධි අංශ හෙළි­කර තිබිණි. මේ දේවල් සිදු­වන්නේ මධුෂ් ඩුබා­යි­හිදී අත්අ­ඩං­ගු­වට ගන්නට පෙරය.

මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් අතර ඇතිවූ ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස මාක­ඳුරේ මධූෂ් ඩුබා­යි­හිදී අත්අ­ඩං­ගු­වට පත්වන්නේ 2019 වසරේ පෙබ­ර­වාරි 05 වැනි­දාය. ඒ, සිය දිය­ණි­යගේ උපන් දින සාදය පැවැති හෝට­ලය තුළ­දීය. ඩුබායි පොලී­සිය විසින් ඔහු සමඟ එදා ශ්‍රී ලංකි­ක­යන් 31 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඒ අතර කුප්‍ර­කට පාතාල අප­රා­ධ­ක­රු­වන් වූ කංජි­පානි ඉම්රාන්, රොටුඹ අමිල ඇතුළු පිරි­සක්ද ගායක පිය­පුතු දෙප­ලක්ද, රංගන ශිල්පි­යෙක්ද, බන්ධ­නා­ගාර නිල­ධා­රි­යෙක් ද ඇතුළු සමා­ජයේ විවිධ තරා­ති­ර­ම්වල අය විය. බොහෝ දෙනෙක් මෙරට සිට එම සාදය සඳ­හාම ඩුබායි ගිය අය බව හෙළි­විය.

මාක­ඳුරේ මධූෂ් ඇතුළු මෙම පිරිස මෙර­ටට පිටු­ව­හල් කිරී­මට හෝ භාර නොදී­මට ඩුබායි බල­ධා­රීන් මුලින් තීර­ණ­ය­කර තිබුණ ද පසුව එම අද­හස වෙනස් වන්නේ එව­කට ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් මේ සම්බ­න්ධ­යෙන් එක්සත් එමීර් රාජ්‍යයේ ප්‍රධා­නියා සමඟ පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රු­වය. එම සාක­ච්ඡාවේ දිගු­වක් ලෙස එව­කට විදේශ ඇමැ­ති­ව­ර­යාව සිටි තිලක් මාර­පන මහතා ඇතුළු නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අබු­ඩාබි වෙත ගොස් එක්සත් එමීර් රාජ්‍යයේ බල­ධා­රීන්ද හමුවී තිබිණි. ඒ අනුව අත්අ­ඩං­ගුවේ සිටි ශ්‍රී ලාංකේය සැක­ක­රු­වන් එකි­නෙකා මෙර­ටට පිටු­ව­හල් කර­න්නට ඩුබායි බල­ධා­රීන් පිය­වර ගත්තේය. මාක­ඳුරේ මධූෂ්ව පිටු­ව­හල් කරන අව­ස්ථාවේ දී ඔහුව ඩුබායි වෙතම ගොස් රැගෙන ඒමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කට­යුතු කළේය.

මාක­ඳුරේ මධූෂ් එසේ මෙර­ටට රැගෙන එන්නේ 2019 වසරේ මැයි 05 වැනි­දාය. ඒ රැගෙන පැමිණි ඔහුව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වීය. දේශ­පා­ල­න­ඥ­යන් ගැන මෙන්ම ඔහුට ඇති වත්කම් ගැන පවා තොර­තුරු හෙළි­වන්නේ එහි­දීය. දේශ­පා­ල­න­ඥ­යන්ට අම­ත­රව මධූෂ් පොලී­සියේ නිල­ධා­රීන් ද බන්ධ­නා­ගාර නිල­ධා­රීන් ද ඇතු­ළුව රජයේ නිල­ධා­රීන් රැසක් ද සමී­පව ඇසු­රු­කර ඇත. මේ හැම දෙයක්ම එදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් හෙළි­ක­ර­ගෙන තිබීණි.

මැති­ව­ර­ණ­යෙන් යහ­පා­ලන ආණ්ඩුව පෙර­ළී­මත් සමඟ මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කළ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්, ව්‍යාපා­රි­ක­යන්, රාජ්‍ය නිල­ධා­රීන් සහ දේපොළ සම්බ­න්ධ­යෙන් කෙරුණු විම­ර්ශ­න­ව­ලට වූ දෙයක් සොයා ගන්නට නැත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු භාරයේ සිටි මධූෂ්ව හිටි හැටි­යේම කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට 2020 වසරේ ඔක්තෝ­බර් 16 වැනිදා හෝ ආසන්න දින­යක දී භාර­දු­න්නේය. ඒ, ඉහළ නියෝ­ග­ය­කින් බව සඳ­හන් කර­මිනි.

කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යට ගෙන පැය 24ක් යන්නට මත්තේන් මධූෂ්ගේ තොර­තුරු මත යැයි සඳ­හන් කර­මින් කොටි­කා­ව­ත්තෙන් හෙරො­යින් කිලෝ 10ක් හෝ ඒ ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ගත්තේය. මෙසේ මත්කුඩු තොග­යක් මධුෂ්ගේ තොර­තුරු මත සොයා ගත්තේ යැයි පව­සන්නේ මාස 18ක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා සිටි­යත් හෙළි­නොවූ දෙයකි. අන­තු­රුව 19 වෙනිදා රාත්‍රී කාල­යේදී කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මාක­ඳුරේ මධුෂ්ව මාලි­ගා­වත්තේ මහල් නිවාස සංකී­ර්ණ­යක් වෙත රැගෙන යන්නට සූදා­නම් වන්නේ එම නිවාස සංකී­ර්ණයේ 10 වැනි මහලේ සඟවා ඇතැයි මධූෂ් විසින් හෙළි­කළා යැයි කියනු ලබන තවත් මත්කුඩු කිලෝ 22ක් සොයා ගන්න­ටය. එම නිවාස සංකී­ර්ණය පැල්පත් හා මුඩුක්කු ඉව­ත්කර කොළඹ ඛෙත්තා­රාම නිවාස සංකී­ර්ණය ආස­න්නයේ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය විසින් ඉදි­කළ ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණ­යකි. මාක­ඳුරේ මධූෂ් ඩුබායි බලා යන විට මෙම නිවාස සංකී­ර්ණය ඇති භූමියේ තිබෙන්නේ පැල්පත් හා මුඩු­ක්කුය. මෙම නිවාස සංකී­ර්ණය ජන­තාව වෙනු­වෙන් විවෘත කරනු ලබ­න්නේද යහ­පා­ලන ආණ්ඩුව සම­යේ­දීය. මාක­ඳුරේ මධූෂ් මෙම නිවාස සංකී­ර්ණ­යට සිය ජීවි­තයේ කිසිදු අව­ස්ථා­වක පැමිණ තිබුණේ නැත. මත්කුඩු තොග­යක් 10 වැනි මහලේ නි‍ෙව­සක ඇති බව මධූ­ෂ්ගෙන් හෙළිවූ බව කියන්නේ මෙවන් තත්ත්ව­යක් හමු­වේය. පොලී­සිය පැත්තෙන් එදා පැව­සුවේ එම මත්කුඩු ඇති නි‍ෙවස මධූෂ්ගේ තොර­තුරු මත සොයා ගැනී­මට යමින් සිටි­යදී නිවාස සංකී­ර්ණය තුළ දී පොලිස් නිල­ධා­රීන්ගේ අත්අ­ඩං­ගුවේ මාංචු පිටින් සිටි මධූෂ්ට නාඳු­නන පුද්ග­ල­යෙක් ළඟ­ටම පැමිණ ඔළු­ව­ටම වෙඩි තබා පලා­ගිය බවය.

මාක­ඳුරේ මධූෂ්ව එදා මහ රෑ මෙම තට්ටු නිවාස සංකී­ර්ණ­යට රැගෙන එන බව දැන සිටියේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් දෙතුන් දෙනෙක් සහ පොලිස් ප්‍රධා­නීන් කිහි­ප­දෙ­නෙක් පමණි. එසේ තිබිය දී මධුෂ් ගොඩ­නැ­ඟි­ල්ලට රැගෙන යන අව­ස්ථාවේ දී අවි­ගත් පොලිස් නිල­ධා­රින් ඉදි­රි­පිට මාක­ඳුරේ මධුෂ්ට වෙඩි තැබී­මට හැකි­යා­වක් තිබේ­දැයි අද­ටත් ඇත්තේ සැක­යකි. ඒ අද­ටත් එම වෙඩි­ක්ක­රුව අල්ලා ගැනී­මට පොලි­සිය සමත්ව නොමැති බැවිනි.

මධූෂ්ගේ මෙම අබි­ර­හස් මර­ණ­යත් සමඟ මධුෂ්ගේ මත්කුඩු ජාලයේ සිටි දේශ­පා­ල­න­ඥ­යන් ඇතුළු පිරිස් සිටින්නේ නිද­හසේ හුස්ම ගනි­මිනි. කළු සල්ලි­ව­ලින් මධූෂ් අත්ප­ත්ක­ර­ගත් කෝටි ප්‍රකෝටි ගණ­නක් වූ දේපොළ ආගිය අතක් නොමැත. මේ දේවල් ගැන දැන් නැව­තත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මුල සිටම විම­ර්ශන ආරම්භ කිරී­මට හැකිය. ඒ, පොලී­සිය භාර අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස සිටි­න්නේත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරව සිටි­න්නේත් එකළ මාක­දුරේ මධූෂ් ගැන විම­ර්ශන පවත්වා ඒ ගැන හොඳ­ටෝම දන්නා නිල­ධා­රීන් දෙදෙ­නක් වන බැවිනි.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

SendShareShare
Previous Post

විරෝධතාකරුවන් ඉදිරියේ ආණ්ඩුව දණ නමයි! සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල ආණ්ඩුව ගත් තීරණය අකුළගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය බලය යොදාගෙන මේ ගෙනියන්නේ ජවිපෙ පරණ පුරුදු මර්දනයමද කියලා සැකයි! මේ යන ක්‍රමය හරි නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.