• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

විජය-ෆොන්සේකා සහ රනිල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

September 6, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
විජය-ෆොන්සේකා සහ රනිල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජනාධිපතිතුමා කියනවා පැරැදුණොත් පරාජය භාර අරගෙන ගිහින් නිදාගන්නවා කියලා. එයාට නිදාගන්න ඉඩදිය යුතුද? නැහැ. එයාට දෙන්න ඕනා ඡන්දෙ නෙවෙයි හොම්බට පාරක්. ලබන 20 වැනිදට තමන් නිදාගන්න පැදුරත් අකුළාගෙන වෝඩ් පෙදෙසෙන් පිටවෙන්න සිද්ධ වේවි කියලා මම ජේ.ආර්.ට කියනවා. මම තමයි පක්ෂයේ උප ලේකම් විජය කුමාරතුංග. පොලිසිය මේක විසඳුවේ නැත්නම් ලේ වැගිරීමක් සිදුවෙයි. එහෙම නැත්නම් අපි මේක මිනිත්තු පහෙන් විසඳනවා…’
1982.06.22
දිනමිණ

දිනමිණ මේ පළකළේ 1982 ජනාධිපතිවරණයේදී විජය මැතිවරණ වේදිකාවක කළ කතාවක් කියාය. 1982 නොවැම්බර් 19 විජයව අත්අඩංගුවට ගත්තේ මේ ප්‍රකාශයෙන් විජය ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව දින්නා නම් නැක්සලයිට් කුමන්ත්‍රණයක් කොට ජේ.ආර්. ඝාතනය කර බලය ගන්න ලේ වැගිරීමක් කරන්න සූදානම් වූවාය කියාය. විජය ජේ.ආර්.ව මරන්න හිටියා කියා ජේ.ආර්.ට කීවේ ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියගේ සහෝදරයන් බව එවක අගමැති ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි. මේ ගැන ජේ.ආර්.ගේ ආණ්ඩුවේ රහස් පොලිස් ලොක්කා වූ ටිරල් ගුණතිලකට අනුර කටඋත්තරයක් දුන්නේය. විජය අත්අඩංගුවට ගත්තේ අනුරගේ ඒ කටඋත්තරයටය.Sri Lanka Latest News

විජය හිරගෙට ගියාට පසු ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියවත් අනුරවත් විජය බලන්න ගියේ නැත. විජය අත්අඩංගුවට ගැනීම අසාධාරණ යැයි කීවේත් නැත. තමා විජයගෙන් මැතිනියගේ සහ අනුරගේ ජීවිත බේරාගැනීම ගැන මැතිනිය සහ අනුර තමාගේ පිළිරුවක් හැදිය යුතු යැයි ජේ.ආර්. පසු කලෙක කීවේය. ඇත්ත කතාව නම් මැතිනිය සහ අනුර ශ්‍රීලනිප නායකත්වය ආරක්ෂා කරගන්න විජයව ජේ.ආර්.ගේ ආණ්ඩුවට පාවා දුන්හ. 1982 ජනාධිපතිවරණයෙන් පසු විජය අතිශය ජනප්‍රිය වූ අතර, ඔහු ශ්‍රීලනිපයේ බලය අල්ලයි කියා මැතිනියත්, අනුරත් බිය විය. විජය එළියේ හිටියොත් 1982 ජනමත විචාරණය දිනන්න බැරිවෙයි කියා ජේ.ආර්. බය විය.

විජය හිරගෙදරදී මරණාසන්නව ලෙඩ විය. කිසිත් කරකියාගත නොහැකි චන්ද්‍රිකා වෝඩ් පෙදෙසේ ජේ.ආර්.ගේ ගෙදරට ගොස් විජය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියාය. ජේ.ආර්. විජයව නිදහස් කළේය.

නිදහස් වී එළියට ආ විජය තමාගේ හතුරා ජේ.ආර්. නොව මැතිනිය සහ අනුර බව තේරුම් ගත්තේය. ඒත් ඔහු විපක්ෂයේ සියලු පක්ෂ එකතු කොට ජේ.ආර්. පරාජය කරන්න 1983 මැයි අතුරු මැතිවරණවලදී සටන් කළේය. මැතිනිය සහ අනුර ඒ වෙලාවේත් විජයගේ කකුලෙන් අදිනු ලැබීය. මැතිනිය සහ අනුර සිටිනා තෙක් තමන්ට ශ්‍රීලනිපය තුළ ගමනක් නැති බව තේරුම් ගත් විජය ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයන් වූ ටී.බී. ඉලංගරත්න, වී.ඩබ්ලිව්. කුලරත්න, කොබ්බෑකඩුව ශ්‍රීලනිපය කඩාගෙන ගොස් මහජන පක්ෂය නම් වූ අලුත් පක්ෂයක් හැදූහ. එහි වාසිය ගත්තේ ජේ.ආර්.ය. 1984 ඔක්තෝබර් 25 කුණ්ඩසාලේ සහ මින්නේරියට අතුරු මැතිවරණ පැවැත්වීය. විජය මහජන පක්ෂයෙන් මින්නේරියට තරග කළේය. විජය ශ්‍රීලනිපය තෙවැනි තැනට ඇදදමමින් දෙවැනි තැන ලබාගත්තේය. ඉන් පසු ජේ.ආර්.ගේ ආණ්ඩුව උතුරේ යුද්ධය නතර කරන්න ඉන්දියාව සමග ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළ විට විජය ගිවිසුමට සහාය පළ කළේය. විජය ඇතුළු වාමාංශික පක්ෂ ගිවිසුමට දුන් සහාය ජේ.ආර්.ගේ ආණ්ඩුවට හයියක් විය. 1988 ජනාධිපතිවරණයේදීද ශ්‍රීලනිප අපේක්ෂක මැතිනිය සහ යූ.ඇන්.පී. අපේක්ෂක ප්‍රේමදාස අතර ද්වන්ධ සටනට තුන්වැනි අපේක්ෂකයා ලෙස විජය ඉදිරිපත් විය. විජය ආවොත් මැතිනියගේ පරාජය ෂුවර් බව යූ.ඇන්.පී.ය දැනගත්තේය. ජවිපෙ විජයව ඝාතනය කළේය. ඒත් විජයගේ මිතුරා වූ ඔසී 1988 ජනාධිපතිවරණයට ඉල්ලා මැතිනියගේ ඡන්ද කඩාදැමුවේය. ප්‍රේමදාස දින්නේ ඔසී නිසාය.

ජේ.ආර්. සහ යූ.ඇන්.පී.ය හිරේට යවපු විජය අන්තිමට ජේ.ආර්.ට සහ යූ.ඇන්.පී.යට වාසනාව ගෙන ආවේය. හේතුව හිරගෙදර සිට පැමිණි විජය විපක්ෂය දෙකඩ කළ නිසාය.
2010 ජනාධිපතිවරණය දින්න මහින්ද ඔහුගේ ප්‍රතිවාදියා වූ යූ.ඇන්.පී. – ජවිපෙ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාව හිරේට දැම්මේත් ජේ.ආර්. විජයව හිරේට දැම්මාට සමානවය. 1982 විජයව හිරේට දමනකොට මැතිනිය සහ අනුර යළිත් ජේ.ආර්.ට සහාය දුන්නා සේ 2010 ෆොන්සේකාව හිරේට දමන විට රනිල් සහ ඔහුගේ හිතවතුන් යටින් මහින්දට සහාය දුන්නේය. ෆොන්සේකා එළියේ හිටියොත් විපක්ෂ නායක ධුරයට තර්ජනයක් වේ යැයි රනිල් බය විය. ෆොන්සේකා හිරේ සිටියදී ඔහුව නිදහස් කරගැනීම සඳහා විපක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණවලට රනිල් ගියේ නැත. හිටිහැටියේම ෆොන්සේකාව නිදහස් කන්න මහින්ද තීරණය කළේය.

නිදහස් වූ ෆොන්සේකා වැලිකඩ සිට ගෙදරට ගියේ රථ පෙරහැරකින්ය. හිරෙන් එළියට ආ ෆොන්සේකා තමාගේ හතුරා මහින්ද නොව රනිල් බව තේරුම් ගත්තේය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් පක්ෂයක් හදාගෙන යූ.ඇන්.පී.යේ ඡන්ද කැඩුවේය. 2013 සහ 2014 පළාත් සභා ඡන්දයේදී ෆොන්සේකාගේ පක්ෂය යූ.ඇන්.පී.යේ ඡන්ද පදනම 20%ට ඇද දැම්මේය. 2015 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා අනිවාර්යයෙන්ම විපක්ෂයේ ඡන්ද කඩා මහින්දව දිනවන බව දැන ඒ ඡන්දයේදී මහින්දව පරාජය කරන්න මැදිහත් වූ විදේශ බලවේග ෆොන්සේකාගේ සහාය මෛත්‍රීපාලට අරන් දුන්හ.

‘හිරෙන් නිදහස් වූ විජය සහ ෆොන්සේකා විපක්ෂය දුර්වල කළා සේ පසුගියදා නිදහස් වූ රනිල් හදන්නෙත් විපක්ෂය දුර්වල කරන්නද…?’

රනිල් නිදහස් වූ දින සිට බලන්නේ විපක්ෂය එකතු කරන්න නොව සමගි ජන බලවේගය ගිලගන්නටය. ඔහුට හිතවත් මාධ්‍ය සජිත්ට අල්ලස් කොමිසමෙන් එන්න කිව්වා කියා නිවුස් දමන්නේ සජිත්ව හිරේට යනවා කියා සමගි ජන බලවේගය බයකොට සමගි ජන බලවේගය කඩා බිඳදමන්නටය.

1982 විජය හිරේට ගිය වෙලාවේ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය සහ එහි නායිකා මැතිනිය ජේ.ආර්.ගේ ආණ්ඩුවට විජයව හිරේට ගන්න උල්පන්දම් දුන්හ. 2010 ෆොන්සේකාව හිරේට දමන විට යූ.ඇන්.පී.යේ රනිල්වාදීන් සහ රනිල් මහින්දගේ ආණ්ඩුවට උල්පන්දම් දුන්හ. මෙවර රනිල්ව හිරේට දමද්දී සජිත් සහ සමගි ජන බලවේගය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු වැටීමේ අනතුර තිබියදී රනිල් නිදහස් කරගන්න පාරට ආහ. ජනතාව සංවිධාන කළහ.

සමගි ජන බලවේගයේ සහ සජිත්ලාගේ කර මතින් එළියට ආ රනිල්ට හිතවත් මාධ්‍යවලට අවශ්‍ය දැන් සජිත්ව හිරේට යවාගන්නටය.

රනිල් මේ කරන්නේ විපක්ෂය එකතු කිරීම නොව සජිත්ව වෛරක්කාරයෙක් කරගෙන විපක්ෂය භේදභින්න කිරීමය. මෙය හිරේට ගොස් එන නායකයන්ට හැදෙන ලෙඩකි. මේ ලෙඩේ හිරේදීම බෝකරන්නේ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩු වීම දෛවෝපගතය. 1982 ජේ.ආර්.ගේ ආණ්ඩුවත් 2010 මහින්දගේ ආණ්ඩුවත් අද අනුරගේ ආණ්ඩුවත් තුනෙන් දෙකක ආණ්ඩුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මැරි මැරී යන සොකරිට පණ දෙන අන්තිම පුරුක! Sri Lanka Latest News

Next Post

පොලිසියෙන් රෙකෝඩ් එකක්! කාන්තාවන්ට හොඳටම සලකලා! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.