• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරි මැරී යන සොකරිට පණ දෙන අන්තිම පුරුක! Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මැරි මැරී යන සොකරිට පණ දෙන අන්තිම පුරුක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා කලා කෙතේ පැරණිතම ගැමි නාටකයක් වශයෙන් සොකරි හඳුන්වාදිය හැකිය. සශ්‍රීකත්වය මුඛ්‍ය පරමාර්ථය කොටගත් ශාන්තිකර්මයක් ලෙසද සොකරි විශේෂ වේ. සොකරි ගැමි නාටකය උඩරට පළාතේ, වන්නි ප්‍රදේශයේ හා සතරකෝරලයේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තව ඇත. සොකරි නාටකය රඟදක්වනු ලබන්නේ ගොයම් අස්වනු කපා පාගා පිළියෙල කරගත් කමතෙහි වීම විශේෂ ලක්ෂණයකි. කෘෂිකර්මාන්තය හා සම්බන්ධව සශ්‍රීකත්වය පිළිබිඹු කරන නාටකයක් ලෙස සොකරි හා කමතෙහි ඇති සම්බන්ධතාව ඒ තුළින් ඉස්මතු වේ. සොකරි ගැමි නාටක ශෛලියේ තනු රටාවන් බොහොමයක්ම උඩරට ශාන්තිකර්මවල ආභාසය ඇසුරු කරන බවත් මෙහිදී හඳුනාගත හැකි වේ.Sri Lanka Latest News

‘සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට පාද තබන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මුහුණ බලන්නී’

සොකරි ඉතිහාසය පිළිබඳ මේ ආකාරයෙන් හඳුන්වාදීමේදී සොකරි පරම්පරාවටම උරුමකම් කියන්නා වූ විශිෂ්ට කලාකරුවෙක් මගේ කතා පෙළට නව අරුතක් ගෙන දුන්නේය. කාංචන එම්. දිසානායක මහතා යනු සොකරි පරම්පරාවේ මීළඟ පුරුකයි. සොකරි පරම්පරාවේ ඉතිහාසය පිළිබඳ සඳහන් කිරීමේදී කිවුලෙගෙදර පුංචිබණ්ඩාර අප්පුහාමිගේ දේව කන්නලව්වට හා දේව ඇදහිලිවලට හිමිකම්පාන පරම්පරාවක හතරවැනි පුරුක වනුයේ කාංචනය. එනම් දැනට අවසාන පුරුක වනුයේ ඔහුය. ඔහුගෙන් පසුව දිසානායක මහතාගේ පුතුහට පරම්පරාවේ ආගමනය ලබාදීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියි. බදුලු සොකරි සම්ප්‍රදායේ මුල් පුරුකක් වන සියදෝරිස් අප්පුහාමි කලාකරුවා හා කළුබණ්ඩා දිසානායක කලාකරුවා දෙපාර්ශ්වයේම මුනුබරා වනුයේ දිසානායක මහතාය. එනම් දිසානායක මහතාගේ මවගේ පියාණන් වනුයේ සියදෝරිස් අප්පුහාමි කලාකරුවාය. එමෙන්ම කළුබණ්ඩා දිසානායක මහතා යනු කාංචන දිසානායක මහතාගේ පියා වන රන්බණ්ඩා දිසානායක කලාකරුවාගේ පියාය. ඒ අනුව දෙපාර්ශ්වයේම උරුමය දිසානායක මහතාහට ලැබීම පරම්පරාගතව ඔහු ලබා ඇති දායාදයකි.

කලාවට සංස්කෘතියට හා බදුලු සම්ප්‍රදායට කිසිදු හානියක් නොකර වර්තමානයට ගැළපෙන ලෙස, එනම් ප්‍රේක්ෂකයා හට ආකර්ෂණීය වන අයුරින් ඇඳුම් පැලඳුම් ආදිය සකස් කොටගත් සොකරි කණ්ඩායමක් ලෙස රඟදැක්වීම දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මන්දයත් මින් පෙර සොකරි චරිත සඳහා වෙස්මුහුණු සාදා තිබුණේ කොළපත්වලිනි. එමෙන්ම දිසානායක මහතාගේ මුත්තණුවන් හමුවේ පැවැතියේද කොළපත්වලින් සෑදූ වෙස්මුහුණුය. මේ සියලු අංගෝපාංග වර්තමානයට ගැළපෙන ආකාරයෙන් සකස් කොට සොකරි ශාන්තිකර්මයක් ලෙසත් පැය හතරක් පමණ එළිදක්වන සොකරි නාටකයක් ලෙසත් ඔහුගේ කණ්ඩායම සොකරි රඟදක්වනු ලබයි. එමෙන්ම උඩරට ගැටබෙරය ප්‍රධාන අවනද්ධ භාණ්ඩය ලෙසත් ඇතැම් පළාත්වල දවුල හා උඩැක්කිය ද භාවිත කරනු ලබයි. එහිදී දිසානායක මහතාගේ සොකරි කණ්ඩායමෙහි රට පුරාම සිටින අති දක්ෂ තරුණ ශිල්පීන් ද ඇතුළත්ව සොකරි නාටකය රඟදක්වනු ලබයි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්, ශිෂ්‍යයන් ගුරුවරුන් හා රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් ද සොකරි නාටකය රඟදැක්වේ. ඒ අනුව මෙවැනි විද්වත් තරුණ කණ්ඩායමක් එක්වී රඟදක්වනු ලබන ලංකාවේ එකම තරුණ සොකරි කණ්ඩායම වනුයේද දිසානායක මහතාගේ සොකරි කණ්ඩායමයි.

එතුමා තවදුරටත් සඳහන් කරනු ලැබුවේ සොකරි නාටකය දරුවන් වෙනුවෙන් පෙන්වීමට මෙන්ම ලාංකේය කලා ඉතිහාසයේ පැරණිතම ජන නාටකයක් ලෙස සොකරි නාටකය ඔවුනට හඳුන්වාදීමට අවකාශයක් නොමැති තත්ත්වයක් උදාවී ඇති බවය. මන්දයත් සොකරි නාටකය පාසල් තුළ රඟදැක්වීමට අවසරයක් ලබා නොදීම නිසාවෙනි. මේ සඳහා හේතු වන්නේ සොකරි නාටකය රඟදැක්වීම වෙනුවෙන් පාසල් තුළින් මුදල් එක්රැස් කිරීමට අවසර නොදීමයි. අප දන්නා පරිදි නම් පාසල් තුළ විවිධාකාරයෙන් උත්සව සඳහා දරුවන්ගෙන් අනිසි ලෙස බොහෝ සෙයින් මුදල් එක්රැස් කරනු ලබන බවට චෝදනාවක් එල්ල වී තිබේ. ක්‍රීඩා උත්සව සඳහා, පාසල් දිනය සැමරීම සඳහා, ගුරු දිනය සැමරීම සඳහා, ළමා දිනය සැමරීම සඳහා ආදී වශයෙන් විවිධාකාරයෙන් ඇතැම් පාසල් තුළ විවිධ දේ වෙනුවෙන් මුදල් එක්රැස් කරනු ලබයි. කලාව දරුවන්ට ලබාදීමට, කලා ඉතිහාසය පිළිබඳ දරුවන්ට හඳුන්වාදීමට දරනු ලබන ප්‍රයත්නයේ දී රජයක් ලෙස ඔවුනගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් දුර්වලය. මන්දයත් දරුවන් යනු රටේ අනාගතයයි. අනාගතයේ පැවැත්මට අතීතය හෙවත් ඉතිහාසය ඉතා වැදගත් වේ. ඉදින් ලාංකේය කලා ඉතිහාසය පිළිබඳ ඔවුන් දැනුවත් වීම වියයුතු නොවේද? මේ හුදෙක් එක් ගැටලුවකි.
තවත් ගැටලුවක් වී ඇත්තේ අධ්‍යාපනික ක්ෂේත්‍රය තුළ ගුරුවරුන්ගේ දැනුමෙහි පවත්නා හීන බවයි. ඒ කුමක්දයත් රංග කලාව උගන්වන ගුරුවරුන් පවා සොකරි නාටකය පිළිබඳ දැනුවත් නොවීම උපහාසයට මෙන්ම රටේ දරුවන්ගේ අනාගතයට ඇතිවන ප්‍රබල ඛේදවාචක තත්ත්වයට බලපාන්නකි. ශ්‍රී ලංකාවේ පැරණිතම ගැමි නාටකය වශයෙන් සොකරි නාටකය පිළිබඳ නොදන්නා, රංග කලාව උගන්වන ගුරුවරුන් ගුරු වෘත්තයෙහි යෙදීම හුදෙක් ප්‍රශ්නාර්ථයකි.

දේශීයත්වය මුහුකුරා යායුතු කාලසීමාවක් තුළ මෙවැනි සම්ප්‍රදායන් ජාත්‍යන්තරය හමුවේ තැබීමට හැකි නම් අපේ රටට, ශ්‍රී ලාංකේය යන නාමයට ඉතා උසස් වටිනාකමක් හිමිවනවා නියතය. මන්දයත් මේ ලාංකීය කලාවයි. ලාංකිකයන්ට ආවේණික උරුමයයි. එනමුත් ජාත්‍යන්තරයට ගෙනයාමට තරම් හැකියාවක්, උපකාරයක් කිසිවකුගෙන් නොලැබීම මෙවැනි කලා සම්ප්‍රදායන් කෙමෙන් කෙමෙන් වියැකී යන බව දිසානායක කලාකරුවා අදහස් දැක්වීය. ශ්‍රී ලාංකේය කලා සම්ප්‍රදායට අනන්‍ය වූ සොකරි නාටකය අනාගතයට දායාද කිරීම වෙනුවෙන් කාංචන දිසානායක කලාකරුවා ඇතුළු සොකරි කණ්ඩායම සැදී පැහැදී ඇත. ඒ සඳහා ඔබට 0712138666 දුරකතන අංකය අමතා සම්බන්ධ විය හැකිය.

වියැකී යන ශ්‍රී ලාංකේය කලා ඉතිහාසය මුළු ලෝකයක් හමුවේ රඟ දැක්වීමට හැකි නම් ලාංකිකයන් ලෙස අපට කෙතරම් නම් ගෞරවයක්, ආඩම්බරයක් ගෙනේවිද? ඒ වෙනුවෙන් කාංචන දිසානායක කලාකරුවාණන් සිදුකරනු ලබන මෙහෙවර අනභිභවනීය වේ. ඉතින් අදට මෙන්ම මතුවටත් ලාංකේය කලා සම්ප්‍රදායේ මෙවැනි ජන නාටකයන් අඩුවක් නොමැතිව ඉතිරි වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක.
ජන සන්නිවේදන අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

පද්මෙලාගේ අයිස් ෆැක්ටරියේ ලෝකල් ඒජන්ට්..! පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට! පොහොට්ටුවෙනුත් නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

විජය-ෆොන්සේකා සහ රනිල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.