මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News
ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










