මාස 11ක් පුරා පහළ යෑමෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී යළි ඉහළ ගොස් තිබෙනවා.Sri Lanka Latest News
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ජූලි මාසයේ පැවති -0.3%ක උද්ධමනය අගෝස්තු මාසයේදී 1.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙහිදී, ආහාර උද්ධමනය ජූලි මාසයේ පැවති 1.5% සිට 2.0% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩය ජූලි මාසයේ පැවති -1.2% සිට 0.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.










