වරෙන්තු නිකුත් වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දේපළ තහනම් කරන ලෙස අල්ලස් කොමිසම කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධානමහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ප්‍රතික්ෂේප කළා.Sri Lanka Latest News
මෙම නඩුවේ ඉදිරි දිනය වන 29 වැනිදා මෙම ඉල්ලීම සිදුකරන ලෙසට මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.
එදින මෙම සැකකරු අධිකරණයේ පෙනී නොසිටියහොත් මෙම ඉල්ලීම සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට ප්‍රකාශ කළා.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුට වරෙන්තු නිකුත් වී තිබුණා.
අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රාජිත සේනාරත්න මහතා නමින් ලියාපදිංචි කර ඇති කොළඹ පිහිටි රුපියල් මිලියන 30ක අධික වටිනාකමින් යුත් දේපළක් තහනමට ගැනීමට නියෝග නිකුත් කරන ලෙසයි.










