දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.Sri Lanka Latest News
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000/-ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිද බන්ධනාගාර ගතකර තිබුණි.










