කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයෙහි විහාරාධිපති කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය පත්බේරියේ ශ්‍රී විමලඤාණ නායක හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය අගෝස්තු මස 20 වැනි දිනට යෙදී ඇත.Sri Lanka Latest News

ඒ නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ එක් පියවරක් වශයෙන් මෙම ප්‍රදේශයේ ජනතාවගේ සුවසෙත උදෙසා බටහිර වෛද්‍ය සායනයක් හා ආයුර්වේද වෛද්‍ය සායනයක් අගෝස්තු මස 17 වැනි ඉරිදා පෙරවරු 7.30 සිට 12.30 දක්වා කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
එම අවස්ථාවට සමගාමීව විශේෂඥ අක්ෂි සායනයක් සහ විශේෂඥ ළමා සායනයක්ද පැවැත්වීමට නියමිතය. එමෙන්ම මේ වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සංවිධාන කරනු ලබන්නේ ආදි ආනන්දීයයන් සහ ශ්‍රී පූර්වාරාම විහාරස්ථ දායක සභාව විසිනි.










