• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංජා ගහමුද? ගංජා විකුණමුද? ගංජා හිටවමුද? ගංජා තහනම් කරමුද? Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඒ පාර ‘නේවි’ දෙන්නෙක් ‘නේවි’ වාහනයකින් ගංජා ඇදලා
Share on WhatsAppShare on Facebook

ආයෙත් වතාවක් ගංජා ගැන කතාබහක් ඇවිත්. අපි සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ගංජා ගහලා වගේ කියලා. ගංජා කියන්නේ තහනම් මත්ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවේ.
ගංජා සම්බන්ධව බොහෝ ප්‍රවෘත්ති පහුගිය කාලයේදී ලංකාවේ කියවෙන්න පටන් අරගත්තා. ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිත වෙන නීති විරෝධී මත්ද්‍රව්‍යයක් තමයි ගංජා. නැත්නම් කංසා. ගමේ ක්‍රමයට කියන්නේ මල් කියලා.Sri Lanka Latest News

වයස අවුරුදු 14ට වැඩි ප්‍රතිශතයෙන් 1.9%ක් ගංජා භාවිත කරන බව පහුගිය කාලයේ අපි දැක්කා සමහර වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. 2019 අවුරුද්දේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවේ 301,898 දෙනෙක් ගංජා පාවිච්චි කරනවා කියලා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සඳහන් කරලා තිබුණු බවටත් අපි දැක්කා සඳහන් වෙලා තියෙනවා.

ගංජා ගැන විවිධ දේවල් විවිධ අවස්ථාවලදී කියැවුණා. අපි දැක්කා විශ්වවිද්‍යාල මට්ටමෙන් පවා ගංජා පිළිබඳ පර්යේෂණ කරලා තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මේ පිළිබඳ කරපු පැහැදිලි කිරීමක් අපි දැක්කා. ඔවුන් කියනවා මානසික රෝග වැලඳීමේ අවදානම 2.5% සිට 8% දක්වා ඉහළයි කියලා මේ ගංජා භාවිත කිරීමෙන්. ගංජා භාවිත කරන්නන්ට සයිකෝසියාව වැනි රෝග ලක්ෂණ, භින්නෝන්මාදය වැනි මානසික රෝග ලක්ෂණ ඇතිවෙන බව ඔවුන් සඳහන් කරලා තිබුණා. ඒ වගේම ගංජා භාවිතය නිසා ලෙඩ වෙච්ච, දැනට ප්‍රතිකාර ලබමින් ඉන්න රෝගීන් සම්බන්ධයෙන් පිරිස් ගැන සඳහන් කරනවා ඔවුන්. භ්‍රාන්ති තත්ත්වයන් ඇති කරනවා, විශාදය, කාංසාව ඇතිවෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. මේ රෝගීන්ට අධික බියක් ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තිබුණා. දීර්ඝකාලීනව අධික ප්‍රමාණයෙන් ගංජා භාවිත කරන අයට ලිංගික බෙලහීනතාව ඇතිවිය හැකි බව ඔවුන් සඳහන් කරනවා. ලිංගික අප්‍රාණිකත්වය ගැන ඔවුන් ඉඟි කරනවා. මොළයේ වෙනස්කම් වයස අවුරුදු 25ට වැඩි අය ගංජා භාවිත කළාම සිදුවෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තිබුණා ඔවුන්ගේ සඳහන් කිරීම් ඇතුළේ.

අනිත් පැත්තේ අය කියන්නේ අපේ මුතුන් මිත්තෝ ගංජා භාවිත කළා කියලා. ඔවුන් ගංජාවලින් නිර්මාණශීලීත්වය ඇතිකරගත්තා කියලත් සඳහන් කරලා තිබුණා. ඇත්තටම ගංජා භාවිතය ලංකාවේ අද ඊයේ තිබිච්ච එකක් නෙමෙයි කියලා ගොඩක් අය කියන්නේ. අපේ රටේ පැලවෙච්ච ගහක් ගංජා කියලා කියන්නේ. අපි දන්න කාලේ ඉඳන්ම අවුරුදු 80, 90 අය පවා ගංජා භාවිත කරපු බව සඳහන් වෙලා තියෙනවා. වීර වික්‍රමාන්විත දේවල් සඳහා ගංජා භාවිත වූ බව මේ සඳහන් වීම් ඇතුළේ අපි අහලා තියෙනවා. ගංජා බීපු වීරයෝ ගැන ඔවුන් කියනවා. ගංජා නිසා ඔවුන් නිර්මාණශීලී වුණා, සමහර සිත්තම් අඳිද්දී, සමහර නිර්මාණ කරද්දී ඔවුන් තමන්ගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න ගංජා භාවිත කළා කියලා කියනවා.

නමුත් මේ ගංජා කියන්නේ ඇබ්බැහි විය හැකි මත්ද්‍රව්‍යයක් බව අපි මේ වෙනකොටත් දන්නවා. ලංකාවේ හෝ ඉන්දියාවේ ආයුර්වේදයේ එන අභිපේන කියන නමින් හඳුන්වන දෙය ඖෂධයක් විදිහට භාවිත කළා කියලා අපිට සාක්ෂි තියෙනවා. එතකොට ඖෂධයක් විදිහට ගනිද්දී ඒක යම් මාත්‍රාවකට, යම් ක්‍රමයකට භාවිත කරන්න ඕනේ. ඒ වගේම එහිදී ලබා ගන්න අනුපාන හෝ වෙනත් කාරණා නිසා විෂ නැසීමක් සිද්ධ වෙනවා ඇබ්බැහි වීමක් සිද්ධ වෙනවා වෙනුවට. ඒ නිසා ගංජා කියලා කියන්නේ නිසි ක්‍රමවේදයකින් තොරව භාවිත කළොත් බරපතළ නරක දෙයක්. ඒ නිසා තමයි ලංකාවේ විශාල නීති හදලා තියෙන්නේ.

මේ ගැන කතාකරමින් ඉන්න අතරතුරේ අපිට දැනගන්න ලැබෙනවා ලංකාවට එන ‘කේජී’ කියන කේරළ ගංජා විශේෂය ගැනත්. ඒ වගේම ලංකාවේ තියෙන ගංජා වර්ගයේ තවත් වර්ගයක් ගැනත් කියනවා. කැනබීස් කියන ශාකය තමයි මේ ගංජා බවට පත්වෙන්නේ. විශේෂ ගණනාවක් කැනබීස් ශාකයේ තියෙන බව කියනවා. ඒ වගේම මේ කැනබීස් ශාකයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීමත් එක්ක ඒක තවත් විෂ බවට පත්වෙනවා. ‘සයිකො ඇක්ටිව් කොම්පොනන්ට්’ කියන රසායනික ද්‍රව්‍යය මේ හරහා අපේ ශරීරයට ලැබෙනවා. ඒක එතරම් හොඳ දෙයක් නොවන බවත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ගංජා ඉරීමෙන් පෙණහලුවලට ආබාධ ඇති කරනවා, රිය අනතුරු සිදුවීමට හේතු වෙනවා වගේ දේවලුත් මේ කාරණාවේදී අපිට පැහැදිලි වෙනවා.

කොහොම වුණත් අපි දැන් කියන්න හදන්නේ ගංජාවලින් ලෝකේ ගොඩක් වැඩ කරනවා. ගංජාවලින්, ගංජා අලෙවි කරනවා, ගංජා වෙළෙඳපොළක් නිර්මාණය කරගෙන. ගෝලීය ගංජා වෙළෙඳපොළ සම්බන්ධයෙන් අපි දැක්කා ලංකාවේ ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය බොහොම උනන්දුවෙන් පහුගිය කාලේ කතාකළා. 2013 වසරේදී උරුගුවේ රාජ්‍යය ගංජා විනෝදාත්මක භාවිතය සඳහා නීතිගත කරපු පළමුවැනි රට බවට පත්වුණා. ඒ වගේම ගංජා විනෝදාත්මකව හෝ ඖෂධීයව භාවිත කරන එක සාපරාධී බවෙන් තොර, නැත්නම් ගැටලුවක් නැති රටවල් විදිහට කැනඩාව, ජෝර්ජියාව, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කීපයක් සහ ස්පාඤ්ඤය සලකන්න පුළුවන්. නමුත් එක්සත් ජනපදය තමන්ගේ නීතිරීති හදලා තියෙනවා ගංජා වෙළෙඳපොළ පාලනය කරන්න.

2028 වෙනකොට ලෝකයේ ඩොලර් බිලියන 91.5ක් දක්වා මේ ගංජා වෙළෙඳපොළේ වටිනාකම ඉහළ යයි කියලා සමහර අය විශ්වාස කරලා තියෙනවා. ‘ග්‍රෑන්ඩ් වීව්’ පර්යේෂණ ආයතනයට අනුව ලෝකයේ රාජ්‍යයන් කීපයක්ම මෑතකාලීනව ගංජා භාවිතය නීතිගත කරන්නට කටයුතු කරලා තියෙනවා. වේදනාව පාලනය කරන්න, පිළිකා, ආතරයිටීස්, අපස්මාරය වගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ගංජා සාර්ථකව භාවිත කළ හැකි බව අපිට අන්තර්ජාලය පරිහරණය කරද්දී හඳුනාගන්න පුළුවන්.
නමුත් ගංජා සම්බන්ධව විවිධ මතිමතාන්තර සඳහන් වුණත්, ගංජා නීතිගත කරන්න ඩයනා ගමගේ උත්සාහ කරපු වෙලාවේ, ඒකට විරුද්ධ වුණේ ගොඩක් වෙලාවට අද ආණ්ඩු බලය හිමි කරගත්තු පිරිස. ඒගොල්ලෝ දැන් ඒ කිසි දෙයක් මතක නැහැ වගේ ගංජා සම්බන්ධව කටයුතු කරන්න කණ්ඩායම් හතරකට භාරදීලා තියෙනවා. ඒගොල්ලෝ දැන් ගංජා නීතිගත කිරීමේ නිල නොවන උත්සාහය සාර්ථක කරගෙන තියෙන බව අපිට පේන්න තියෙනවා. ඩයනා ගමගේ කිව්වෙත් ඔය කතාව තමයි. හැබැයි ඩයනා ගමගේ කියපු කතාව දැන් ඊට වඩා වෙන විදිහකට මේගොල්ලෝ සිද්ධ කරනවා. කැසිනෝ ශාලා අරිනවා. ඒවා නරකයි කියලා ඒ අයම කියපු දේවල් දැන් හොඳයි කියලා ඒගොල්ලොන්ට දැනෙන්න පටන් අරන් තියෙනවා. ඕක තමයි ගම්වල කියන්නේ කලකටදී වහලු, හැබැයි කලකදී රහලු කියලා. අපි දන්නේ නැහැ ඒක එහෙමමද කියලා. කොහොම වුණත් ගංජා ඔන්න නීතිගත කරන එකේ යම් යම් පියවර ටිකක් සාර්ථකව හෝ අසාර්ථකව සිදුවෙමින් තියෙන බව අපිට පේන්න තියෙනවා.

ඉතින් අපිට කියන්න තියෙන්නේ හොඳ නම් හොඳයි, නරක නම් නරකයි. ඒක අපේ ආණ්ඩු කාලේ කළොත් හොඳයි, අර ආණ්ඩුව කාලේ කළොත් නරකයි, ඊළඟ ආණ්ඩුවෙන් කළොත් නරකයි, එහෙම නැතුව අපි හරි මොකක්ද, වැරදි මොකක්ද කියලා හරියට තේරුම් අරන් හරියට වැඩ කරමු. නැත්නම් වෙන්නේ අපිටත් ගංජා ගහලා වගේ ඉන්න එක.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කවුද මේ හරිනි…? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විහිළුවක්! හරිනි රැජිනක්? මේ ගේන්න යන්නේ 82දී ගෙනා ධවල පත්‍රිකාවමයි! 2040ට ගැළපෙන පුරවැසියා මේකෙන් හදන්න බෑ! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.