තංගල්ල බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාවක් යටතේ රඳවා සිටින ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක්කටා කොළඹ මහාධිකරණයේදී ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ. Sri Lanka Latest News
පොලිස් නිලධාරියකු, බන්ධනාගාර නිලධාරියකු හෝ මාධ්‍යවේදියකු ලෙසින් වෙස්වළාගත් පුද්ගලයකු විසින් එම ප්‍රහාරය එල්ල කිරීමට සූදානමක් පවතින බවට එම තොරතුරේ සඳහන් බව බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.
ඒ අනුව ඊයේ (8වැනිදා) අධිකරණ කටයුත්තක් සඳහා නඳුන් චින්තක හෙවත් හරක්කටා රැගෙන ආ අවස්ථාවේදී අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.
ඒ සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 100කට අධික ප්‍රමාණයක් යොදා ඇතැයි පොලිසිය පවසයි.
එමෙන්ම කොළඹ මහාධිකරණ සංකීර්ණයට පැමිණිය හැකි ප්‍රදේශ සඳහාද ඒ ඒ කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට ද ආරක්ෂක අංශ කටයුතු යොදා තිබිණි.










