එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.Sri Lanka Latest News
මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2025-07-25










