• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අනිවාර්යයෙන්ම ඔනෑ! හැබැයි කෝ කොළ පත්‍රිකාව? කෝ ධවල පත්‍රිකාව? ගිරාපෝතක ක්‍රමය වෙනුවට ස්මාර්ට් සිසුවකු බිහිකරන්න කෘතිම බුද්ධිය-දත්ත විද්‍යාව- ක්වොන්ටම් විද්‍යාව-මැෂින් ලර්නින් උගන්වන්න! ඇල්ෆා-බීටා පරම්පරාවල සිතිවිලි ගැන හිතන්න! ඉතිහාසය අනිවාර්යය කරන්න! අධ්‍යාපනය මූලික අයිතියක් කරන්න! අද විවාදයේදී සජිත් අධ්‍යාපනයේ අලුත් පැත්තක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

July 24, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය සම්බන්ධ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සංකල්ප පත්‍රිකාවක් අත්‍යාවශ්‍ය වුවත් එවැනි සංකල්ප පත්‍රිකාවක් නොමැති බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුව මූලිකව කොළ පත්‍රිකාවක් ඉදිරිපත් කර පසුව ධවල පත්‍රිකාවක් නිර්මාණය කරන නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව හා කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්න මෙවන් සංකල්ප පත්‍රිකාවක් ඉතාම අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගය මේ සම්බන්ධ සංකල්ප පත්‍රිකාවක් සකස් කර ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ද අනෙකුත් මැතිවරණවල දී ද ඉදිරිපත් කර සමාජ ගිවිසුමක් පවා ඇති කර ගත් බවත් රජය පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමකින් ඔබ්බට ගොස් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම හරහා ප්‍රබුද්ධ ප්‍රශස්ත අදහස් හුමාරුවක් හරහා ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා යොමු විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යුගයේ අවශ්‍යතාවක් බවත් එය සිදුවන විට ඉලක්කගත ව මෙන්ම එම ඉලක්ක සම්පූර්ණ කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු බවත් ඊට අමතරව කාලවකවානු සහතික කාලසටහනක් සහිතව මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් ඕනෑම ක්‍රියාවලියක් අක්‍රමවත්ව ආරම්භ වුවහොත් අවසානයත් සාර්ථක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වර්තමානයේ අප රටේ ඇත්තේ යල්පැනගිය පැරණි ක්‍රමවේද අනුගමනය කරන සම්ප්‍රදානුකූල රාමුවකට කොටු වූ කල් ඉකුත් වූ අධ්‍යාපනයක් බවත් මේ තුළින් අප රටේ සිසු පරපුරට බලවත් අසාධාරණයක් සිදු කරන බවත් අධ්‍යාපනය මානව හා මූලික අයිතියක් බවත් වත්මන් රජය කියූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් සුබසාධන ආර්ථිකයේ ඇති වැදගත් අංශ වන අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය, ජිවත් වීමේ අයිතිය, ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික දේශපාලන අයිතිවාසකම් මානව හා මූලික අයිතිවාසිකම් විය යුතු නිසා වත්මන් අධ්‍යාපනය ද යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම අධ්‍යාපනය සුහුරු වීම තුළ සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය, සුහුරු පුරවැසියා සහ සුහුරු රටක් බිහි වන බවත් අධ්‍යාපනයේ ඇති සුපුරුදු කටපාඩම් ක්‍රමය ගිරාපෝතක ක්‍රමය ඉවත් කර රටත් ලෝකයත් මුහුණ දෙන බහුවිධ ගැටලු සහ ප්‍රශ්න හා අභියෝගවලට විසඳුම් ලබා දෙන පුරවැසියා නිර්මාණය කළ යුතු බවත් තොරතුරු තාක්ෂණය අප රටේ අධ්‍යාපනය තුළ අනිවාර්ය කළ යුතු බවත් විද්‍යා, තාක්ෂණය, ඉංජිනේරු, ඉංග්‍රීසි, කලා සහ ගණිතය යන ක්ෂේත්‍ර කරා යා යුතු බවත් එහි දී ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය සමස්ත පාසල් පද්ධතියේම ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවයා පෙන්වා දුන්නේය.

දූදරුවන්ගේ අධ්‍යාපන මානව අයිතිය සුරක්ෂා කළ යුතුයි

කෘතිම බුද්ධිය, දත්ත විද්‍යාව, ක්වොන්ටම් විද්‍යාව, මැෂින් ලර්නින් වැනි නව තාක්ෂණික අධ්‍යාපනය අප රටේ දරු පරපුරට ලබා දීම තුළ සැබවින්ම අප රටේ දූදරුවන්ගේ අධ්‍යාපන මානව අයිතිය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අගමැතිවරියගේ ඉදිරිපත් කිරීමේ ගැටලු රාශියක් තිබෙනවා

අගමැතිවරියගේ ඉදිරිපත් කිරීම තුළ උපායමාර්ගික හා මෙහෙයුම් කටයුතුවල සවිස්තරාත්මකභාවයක් නොමැති බවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය ගැනත් ක්‍රියාත්මක කරන කාලසීමා ගැනත් පැහැදිලි නොමැති බවත් ස්පර්ශීය හෙවත් දැනෙන සුළු ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ 2029 බවත් ඒ තුළින් පාසල් අධ්‍යාපනයේ සිටින සිසුන්ගේ අඩකට වැඩි ප්‍රමාණයකට එහි ඵල නෙලා ගත නොහැකි බවත් පෙර පාසල් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ද පැහැදිලිව නොමැති බවත් මේ වැඩපිළිවෙළ තුළ ග්‍රාමීය පාසල් වැඩිදියුණු කිරිම ගැන අවධානය යොමුව නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇල්ෆා සහ බීටා පරම්පරාවල සිතුවිලි ගැන ද සිතිය යුතු යි

උසස් පෙළ අධ්‍යාපනයේ ලබා දෙන පාසල් 3000න් 1000ක පමණක් විද්‍යා ගණිත අධ්‍යාපනය ඇති බවත් එම නිසා ගුරු පුහුණුව සහ යටිතල පහසුකම් සදහා පැහැදිලි සැලසුමක් නොමැති බවත් එමෙන්ම ගුරුවරුන්ගේ සුබසාධනය පවා නොසලකා හැර ඇති බවත් මේ පරිවර්තනාත්මක ගමන යාමට පාසල් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පන්ති පැවැත්වෙන කාල සීමාව ගැන බැලීමේ දී ඇල්ෆා සහ බීටා පරම්පරාවල සිතුවිලි ගැන ද සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පශ්චාත් අධ්‍යාපන පාඨමාලා බැහැර කිරිම, ක්‍රියාකාරී ඉංග්‍රීසි නිපුණතාව නොසලකා හැරීම, කෘතීම බුද්ධිය ගැන අවධානයක් යොමුව නොමැති බවත් අවදානම් ලක්වූ ප්‍රදේශ සදහා ඉලක්කගත වැඩපිළිවෙළක් මෙන්ම පෝෂණ වැඩසටහන ගැනද සදහන් නොමැති බවත් 240000කට වැඩි ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ ගැන ද පැහැදිලි ක්‍රමයක් නොමැති බවත් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නේ සීමාසහිත මුදලක් බැවින් එම මුදල මෙහි දී වැඩකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාසය අනිවාර්ය විෂයක් විය යුතුයි

පරිගණක සහ තොරතුරු තාක්ෂණ අනිවාර්ය වනවා සේම ඉතිහාසය ද හර විෂයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවයට එය වැදගත් බවත් ඉතිහාසය යනු කරුණු කටපාඩම් කිරිමක් නොව රටක පුරවැසියන්ගේ පදනම ගොඩනගන මානව ශාස්ත්‍රය බවත් පොදු උරුම සංස්කෘතික වටිනාකම් අවබෝධ කර ගන්න එය උපකාරී වන බවත් අතීත සිදුවීම්වලින් හේතුඵල සබදතා අවබෝධ කර ගැනීම තුළින් විචාරාත්මක චින්තනය ගැටලු විසදීම ආදීය වර්ධනය වන බවත් එම නිසා ඉතිහාස විෂය අනිවාර්ය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ ඇති බෙදීම නැති විය යුතුයි

සුහුරු අධ්‍යාපනය හරහා අප රටේ දියුණුව සංවර්ධනය මානව ප්‍රාග්ධන සංවර්ධනය උදෙසා මේ දැවැන්ත ප්‍රතිසංස්කරණ යොමු කළ හැකි බවත් අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවන දුවාදරුවන් තරුණයන් පුරවැසියන්ට ගෝලීය ශ්‍රම වෙළෙදපොළේ රැකියාවලට ප්‍රවේශ වී රැකියා ගත හැකි විය යුතු බවත් මේ හරහා අධ්‍යාපනයේ ඇති නැති බැරි ඇති හැකි බේදීම නැති කළ යුතු බවත් නිදහස් නිවහල් අධ්‍යාපනය තුළ ඇති මේ බෙදීම නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

එකලස් කරපු ජිප් එකට රෝහිතගේ බෑණා ඇතුළට! ඇතුළෙ හිටපු ජගත්ගෙ පුතා එළියට! VIDEO I Sri Lanka Latest News

Next Post

අගෝස්තු 05 දේශබන්දු දොට්ට? I Sri Lanka Latest News

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.