අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.Sri Lanka Latest News
ව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද (24) මතුගම අධිකරණය වෙත භාර විය.
මේ අතර ආන්දෝලනාත්මක මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහැර තිබේ.
ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.










