නුවරඑළිය ප්රදේශයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වනවා. Sri Lanka Latest News
හැටන්-නුවරඑළිය ප්රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වා සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදී වාහනවල ඉදිරිපස ප්රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.










