ට්‍රම්ප් රජය විසින් පැනවූ 30%ක බද්ද සම්බන්ධයෙන් මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
එහිදී මහාචාර්යවරයා කියා සිටියේ අදාළ බදු ප්‍රතිශතයන් හේතුවෙන් අවදානම් සහගත තත්ත්වයන් කිහිපයක්ම මතුව ඇති බවකි.
විශේෂයෙන්ම ආයෝජකයන් රට හැර යාමේ අවදානමක් මතුව ඇති බවත්, ඔවුන් තවදුරටත් රට ඇතුළේ නවතා ගැනීමට බදු සහන ලබා දිය යුතුව ඇති බවත්, මේ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් මේ තත්ත්වය යටතේ ලංකාව චීනය-ඉන්දියාව-රුසියාව සමග වැඩිපුර වෙළෙද ගනුදෙනු සිදුකළහොත් අමතර 10%ක බද්දක් පැනවෙනු ඇති බවද මහාචාර්යවරයා සදහන් කර සිටියේය.










