තමන් පුද්ගලික වාසියක් නොලැබුවද රජයට යම් පාඩුවක් සිදු කරන්නේ නම් ඔහු දූෂණය නමැති වරදට හසුවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසනවා. Sri Lanka Latest News
දේශපාලනඥයින් කියන දේ නොකරන රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතු බවයි ඔහු කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් සඳහන් කළේ.
අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ සංගමයේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් , මහාධිකරණ විනිසුරු රංග දිසානායකගේ ප්‍රධානත්වයෙන්.










