• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

පුතාණෝ හිට් ද ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ්! කපුටාස් හිට් ද ප්ලේන්! හඳුනාස් හිට් ද ඉකොනොමික් ෆෝරම්! Sri Lanka Latest News

July 6, 2025
in Uncategorized
Reading Time: 3 mins read
A A
පුතාණෝ හිට් ද ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ්! කපුටාස් හිට් ද ප්ලේන්! හඳුනාස් හිට් ද ඉකොනොමික් ෆෝරම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනේ මම දන්නේ නෑ ඕවා කියලා මොකවත්ම නොකර ඉන්න හිතනකොට, කන්තෝරුවෙන් කතාකරලා කියනවා ලියන්නම කියලා. ඒ නිසයි මේ ලියන්නේ. ඇත්ත කතන්දරේ තමයි මහත්තයෝ, අපිත් ඉංග්‍රීසි දන්නේ නෑ. ඒ නිසා අපි සිංහලෙන් ලියාගෙන, සිංහලෙන් කියවාගෙන, සිංහලෙන් වැඩ කරගෙන ඉන්නවා. මේක ටිකක් ගැඹුරට කල්පනා කළොත්, ඉංග්‍රීසි නොදන්නාකම කාගෙවත් අඩුපාඩුවක් නෙමෙයි. ඉංග්‍රීසි නොදන්න මිනිස්සු ලෝකේ ඕනෙ තරම් ඉන්නවා. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ජපානය, කොරියාව, රුසියාව, යුක්රේනය මේ කවුරුත් ඉංග්‍රීසි කතාකරන්නේ නෑ. ඒගොල්ලෝ කතාකරන්නේ ඒගොල්ලන්ගේ භාෂාව. ඒගොල්ලෝ උත්සවයකදී කතාකරන්නේ ඒගොල්ලන්ගේ භාෂාව. ජපානේ ඔලිම්පික්වලදී නිවේදනය කළේ ජපන් භාෂාවෙන්. චීන ජනාධිපති කතාකරන්නේ චීන භාෂාවෙන්. ඒගොල්ලෝ ඉංග්‍රීසි කතාකරන්නේ නෑ. ලෝකේ වැඩිපුර ඉන්නේ ඉංග්‍රීසි කතා කරන අය නෙමෙයි. ඉංග්‍රීසි කතා නොකරන අය. Sri Lanka Latest News

ලෝකේ වැඩිපුර ඉන්නේ ඉංග්‍රීසි බැරි අය. ඉංග්‍රීසි පුළුවන් අය නෙමෙයි. හැබැයි, තමන් යන තැන ජාත්‍යන්තර වේදිකාවක් නම්, තමන්ට ඒකෙ ඉංග්‍රීසියෙන් කතාකරන්න බැරි නම්, කරන්න තියෙන්නේ සිංහලෙන් කතාකරන එක. එක්කෝ, සිංහලෙන් කතා කළාම ඒක ඉංග්‍රීසියට පරිවර්තනය වෙන ආකාරයේ උපකරණ මේ වගේ තැන්වල සවි කරලා තියෙනවා. එහෙම නැත්නම්, ඉංග්‍රීසියෙන් කතා කළාම ඒක සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් පරිවර්තකයෙක් අපිට එක්කගෙන යන්න පුළුවන්. මේ දෙකම නැතුව, කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කරලා වැඩේ පටලවාගෙන, ලෝකේ ඉස්සරහා අපි අපහසුතාවයට පත්වෙනවා නම්, ඒක ඔබේ දුර්වලතාවක්. හඳුන්නෙත්ති මහත්තයා, ඒක ඔබතුමා පිළිගන්න ඕනේ.

අපි මේ කියන්න හදන්නේ ඔබ අදක්ෂයෙක් කියලා නෙමෙයි. ඔබ අඩුපාඩුවක් තියෙන කෙනෙක් කියලත් නෙමෙයි. ඔබ සමහර විට ගැඹුරු ඉංග්‍රීසි කතාකරන්න දන්නේ නැතුව ඇති. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. මේ රටේ ගැඹුරු ඉංග්‍රීසි කතාකරන්න දන්න මිනිස්සු ඉන්න ඕනේ කියලා නියමෙකුත් නෑ. මොකද මේක ඉංග්‍රීසි භාෂාව කතාකරන රටක් නෙමෙයි. මේ රටේ ඉන්නේ සාමාන්‍ය සිංහල කතාකරන මිනිස්සු. මේ රටේ ඔබව පාර්ලිමේන්තුවට පත්කරලා එව්වේ සිංහල කතා කරන මිනිස්සු. මේ රටේ මිනිස්සුන්ට සිංහල නොතේරෙනවා නම්, වෙන භාෂාවකින් කියන්න වෙනවා නම්, අවශ්‍ය වෙන්නේ දෙමළ. මම හිතන්නේ නෑ මේ රටේ සිංහලත්, දෙමළත් දෙකම නොතේරෙන කවුරුත් ඉන්නවා කියලා. එහෙම ඉන්නවා නම් ඒක ඒ ඉන්න මිනිහගේ අඩුපාඩුවක්. හැබැයි, ජාත්‍යන්තර වේදිකාවට යද්දී, ඔය බයිලා කියලා වැඩක් නෑ.

‘කපුටාස් හිට් ද ප්ලේන්’ කියලා බැසිල් ලංකාව ඉස්සරහා හෑල්ලු වෙලා, වාහනවල කපුටු කාක් කාක් කාක් කියලා හෝන් එක ගහන තැනට පත්කර ගත්තා වගේ, මේ මහත්තුරු ඒ වගේ දේවල් කරගන්නේ නැතිවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් ඉතින් අපි විශ්වාස කළාට වැඩක් නෑ. මේගොල්ලෝ එහෙම කරගන්නවා.

ඒ අස්සේ අපිට මතකයි එක මහත්තයෙක් ‘ඩිස්කේ අම්මට ඩිස්කාඩේ’ කියලා මොකක්දෝ බහුබූතයක් කිව්වා. සජිත් ප්‍රේමදාස මහත්තයාටනේ ඔක්කොම බැන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉතින් ජපන් කතාකරනවා, ඉංග්‍රීසි කතාකරනවා, නොතේරෙන භාෂාවල් කියනවා. ඒක ඇත්ත. හැබැයි ඉතින් එතුමා මේවා කතාකරනකොට එතුමාට හිනා වෙච්ච අය දැන්, ඒ වගේම දේවල් කරගන්නකොට, අර හිනාවෙන් ඊළඟ හිනාව හතර හිනාවනේ. මේ වෙලාවේ අපිට දැනෙන දේ තමයි, සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වෙලාවේ කරන්න හදපු දේත් එක අතකින් හරි වගේ. මොකද එතුමා කරන්න හැදුවේ, මේකේ ජාත්‍යන්තර භාෂා ටික උගන්වලා, ජාත්‍යන්තර භාෂා ගැන මේ රටේ මිනිස්සුන්ට උනන්දුවක් ඇති කරන්න විවිධ ව්‍යාපෘති දියත් කරපු එක. ඒකේ ප්‍රවේශය, ඒක කරන්න ගියපු විදිහ සම්බන්ධව පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. එතුමාගේ අධ්‍යාපනය ගැනත් ලොකු ප්‍රශ්නයක් අපේ රටේ තිබ්බනේ. එතුමාගේ අධ්‍යාපනය ප්‍රශ්න කළානේ නලින්ද ජයතිස්ස මහත්තයා. ඒ වෙලාවේ ඔය කතාබහ ලොකුවට එළියට ආවනේ, එතුමා ඉගෙනගෙන නෑ, එතුමා දක්ෂ නෑ, එතුමා මෝඩයි, ඉංග්‍රීසි කතාකරන්න හදන්නේ මේ, තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්න, ඒ වුණාට පුළුවන් ලබ්බක් නෑ කියලා. හැබැයි සජිත් මහත්තයා නම් උප්පැන්න සහතිකේ ඉඳන් තමන්ගේ සහතික ඔක්කොම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් බලාගෙන ගියහම හැමෝටම පුළුවන් ලබ්බක් නෑ වගේ තමයි අපිට පේන්නේ. මොකද රුස්ස ගස්වල ඇද පළුදු තියෙනවා. හැබැයි ඉතින්, හදන ගොඩනැගිල්ලට දාන කණුව ඇදවෙලා බෑනේ. ඇඳට දාන වියල ඇදවෙලා බෑනේ. අල්මාරියට දාන ලෑල්ල ඇදවෙලා බෑනේ. ඒ නිසයි අපි මේ කියන්නේ, ඇද තියෙනවා නම්, වහගන්න. ඇද ලෝකෙට පෙන්නන්න එපා. ඇද නැති ගස් නෑ කියලා අපි දන්නවා. ඇද නිසා ගහක තියෙන වනස්පති ස්වභාවයට හානි වෙන්නේ නෑ. කවදාවත් ඇදවුණා කියලා ඒක ගහක් නෙමෙයි කියලා කියන්න අපිට බෑ. ඒක සරල කරලා කිව්වොත්, සුනිල් හඳුන්නෙත්ති කියන්නේ පොරක්. කිසි ප්‍රශ්නයක් නෑ. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරදයෙක් කියලා ඔහු පාර්ලිමේන්තුවේ බොරුවක් කරලා, මට ඒ සම්බන්ධව සහතික තියෙනවා කියලා කියලා නෑනේ.
දැන් අර එක මහත්තයෙක් නම් හිටියා මොකක්ද සහතිකයක් තියෙනවා කිව්වා, ආයේ ඒ සහතිකය ගැන කතාවකුත් නෑ. ඒ මහත්තයා ගැන ආරංචියකුත් නෑ. ඒ මහත්තයට රන්වල දෙවියන්ගේ පිහිටයි කියලා එක එක්කෙනා සමාජ මාධ්‍යවල දාලා තියෙනවා. ඒත් ඔය අපිට තේරෙන්නේ නෑ මොකෝ කියලා. ඔන්න ඔහොම එකක් වෙලා තිබුණා. ඒ වුණාට මේ මහත්තුරු එහෙම නෑනේ. මේ මහත්තුරු, තමන්ට පුළුවන් දේවල් පුළුවන් කියලා කියනවා, බැරි දේවල් බෑ කියනවා. හැබැයි බැරි දේවල් කරන්න ගිහිල්ලා අර වරිගෙ නහගන්න ගියාම ඒකෙන් අපහසුතාවට පත්වෙන්නේ එතුමලා නෙමෙයි, රට. ඒ නිසා මේක හරියට නොදන්නවා නම් අපේ රටේ උදවිය, හැබැයි තත්ත්වය භයානකයි. තත්ත්වය භයානක වුණාට ඉතින් මොකක් කරන්නද? ඕක තමයි යථාර්ථය.

පහුගිය දවසක අපි දැක්කා ඕක. ඉතින් ඔන්න අපි ලිව්වා. අමනාප වෙන්න එපා. මේ ලියන්නේ හිත රිදවන්න නෙමෙයි. මේ බොහොම ආදරෙන් කියන්නේ. මේ වගේ දේවල් වෙනකොට, ඒක අපිට හොඳ නෑ. මේවට එක එක ජාතියේ හේතු කියන්න පුළුවන්. තර්ක කරන්නත් පුළුවන්. හෑලි ලියන්නත් පුළුවන්. හැබැයි ඉතින් මොකක් කරත්, ඒ වෙලාවේ ඒ මොහොතේ, ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච දේ ටිකක් හරි මදි වගේ. ඒ නිසා, අපි කියන්නේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්න හැම මන්ත්‍රීතුමාම, හැම ඇමැතිතුමාම ඉංග්‍රීසි දැනගන්න ඕනේ කියලා නෙමෙයි. එහෙම එකක් නෑ. ඉංග්‍රීසි දන්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඔහු වෙනත් පාණ්ඩිත්‍යයක් සහිත උගතෙක් නම්, ඔහු දක්ෂයෙක් නම්, ලෝකේ අනිත් රටවල වගේ ඕනෙ තරම් ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති ලොක්කො ඉන්නවා, නායකයෝ ඉන්නවා. හැබැයි ඉතින් බැරි දේ බෑ කියලා දැනගෙන, බැරි බව තේරුම් අරගෙන, ඒ ගැටලුව පිටට නොපෙනෙන විදිහට ජේත්තුකාරයෙක් වගේ වැඩේ ඉවර කරගත්තා නම් රැවුලත් බේරිලා, කැඳත් බේරිලා. දැන්, දෙකම විනාශයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කතානායකවරයාට එල්ල වන සියලු චෝදනාවන්ට පාර්ලිමේන්තුවෙන් උත්තරයක්! මාසෙට තෙල් ලීටර් 900යි! වාහන 2යි! කාර්ය මණ්ඩලයේ 8යි! නිල නිවස පාවිච්චි කරන්නේ නෑ! ලෝරිස් මාවතේ ගෙදර කුලිය පඩියෙන් කපනවා! I Sri Lanka Latest News

Next Post

ලෝක බැංකුව ලංකාව දාලා තියෙන තැන බලන්න! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.