පුපුරණ ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි සැකකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. Sri Lanka Latest News
නූරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුව බස්නාගල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී ඇමෝනියා සල්ෆර් ග්‍රෑම් 10.6ක්ද, බ්ලාස්ටර් පවුඩර් ග්‍රෑම් 20.3ක්ද, වෝටර් ජෙල් ග්‍රෑම් 7.5ක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත්ව අත්තේ බස්නාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු වන අතර නූරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි
නන්දන ශ්‍රී දොරකුඹුර










