මැද පෙරදිග කලාපයේ මේ වන විට උද්ගතව ඇති උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග සම්බන්ධයෙන් පූර්ව සූදානමක් පැවතීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සිය අවධානය යොමු කර තිබෙනවා. Sri Lanka Latest News
ඒ අනුව, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක් විය හැකි සියලු ක්ෂේත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියා මාර්ග පිළිබඳව සමාලෝචනයන් සිදු කර, අමාත්‍ය මණ්ඩලය වෙත අවස්ථානුකූලව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටත්, එම අනුකමිටුවට සහාය වීම පිණිස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විතකමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව අමාත්‍ය විජිත හේරත්, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, අමාත්‍ය වසන්ත සමරසිංහ සහ අමාත්‍ය කුමාර ජයකොඩි මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ඇති.










