• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්ධනාගාරෙ ලෙඩක්! පාස්පෝට් ඔෆිස් එකෙත් අවුලක්! මෝරට් රථ එක ඔක්කොටම හපං! ඇයි ඒ අස්සෙ රේගුව! රාජ්‍ය සේවයේ පරාජය වෙන රාජ්‍යයක කතාව! Sri Lanka Latest News

June 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බන්ධනාගාරෙ ලෙඩක්! පාස්පෝට් ඔෆිස් එකෙත් අවුලක්! මෝරට් රථ එක ඔක්කොටම හපං! ඇයි ඒ අස්සෙ රේගුව! රාජ්‍ය සේවයේ පරාජය වෙන රාජ්‍යයක කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල වඩාත් අවධානයට යොමුව ඇති කාරණාව වන්නේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිද්ධ වෙලා තියෙන සිදුවීම. 2025 වෙසක් පෝය නිමිති කරගෙන බන්ධනාගාර රැඳවියන් පිරිසක් නිදහස් කිරීම නිල වශයෙන් සිද්ධ වුණා. මේ කටයුත්ත සිද්ධ වෙන ආකාරය අපි මීට කලිනුත් හොඳින් අහලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් ඉතා හොඳ කල්ක්‍රියාවෙන් හිටපු සාමාන්‍ය වැරැදි කරපු යම් පිරිසකට ජනාධිපති සමාව යටතේ නිදහස් වීමේ අවස්ථාව උදාකරලා දෙනවා වෙසක් පොහොය නිමිති කරගෙන. 2025 වසරේදීත් මේ විදියටම මේ කටයුත්ත සිද්ධ වුණා. නමුත් මේ කටයුත්ත සිද්ධ වුණාට මේ කටයුත්තේ යම් ගැටලුවක් තියෙන බවට පසුගිය 06 වැනිදා ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා තිබුණා. මේ පැමිණිල්ල පිළිබඳ දීර්ඝව කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදියට මේ විදියට අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිල ලේඛනයේ තියෙන නම්වලට අමතරව තව කීප දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළා යැයි කියලා. අනීතිකව නිදහස් කරලා තියෙන බව. මේ විදියට නිදහස් කිරීම සම්බන්ධයෙන් දැන් බොහෝ වෙලාවට විශේෂ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේ අතර මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියකුට ජනාධිපති සමාව දීම සම්බන්ධව තමයි මේ කාරණාව බොහොම නරක විදියට දැන් එළිදරව් වෙමින් තිබෙන්නේ. Sri Lanka Latest News

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් පවා මේ වෙනකොට ප්‍රශ්න කරලා තියෙනවා. මේ වෙනවිට අපිට දැනගන්න ලැබිලා තියෙන විදියට ජනාධිපතිවරයා වෙසක් පොහොය දිනය නිමිති කරගෙන නම්කළ 388 තුළ ඔහුගේ නම තිබිලා නැහැ. නමුත් නම නොතිබුණු ඔහු මේ ජනාධිපතිවරයා ලබාදෙන සමාව ලබලා ගෙදර ගිහිල්ලා තිබෙන බව තමයි අපිට ආරංචි වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34/1 වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලබාදීලා තියෙනවා. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරු විසින් තෝරාගන්නා සිරකරුවන්ගේ නාමලේඛනයක් අධිකරණ අමාත්‍යාංශයට යොමුකිරීම තමයි සාමාන්‍යයෙන් සිදුවෙන්නේ. එම ලේඛනය ලැබූ පමණින් අස්සන් කරන්නේ නැහැ. එම ලේඛනය ජනාධිපතිවරයා විසින් පරීක්ෂා කරලා තමයි මේ විදියට ඔවුන්ව නිදහස් කිරීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය නිකුත් කරන්නේ.

ස්ත්‍රී දූෂණ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා 32කට අයිති සිරකරුවන්ට මේ විදියට ජනාධිපති සමාව ලබාදීම සිද්ධ වෙන්නේ නෑ. දැන් මේ කතාව මේ විදියට එළියට එනකොට ආපහු පරීක්ෂණ පවත්වන්න පටන් අරගත්තා ආපස්සට රටේ මීට කලිනුත් මෙහෙම දේවල් වෙලා තියෙනවද කියලා. දැන් යම් යම් විදියට හෙළිදරව් වෙමින් තිබෙන බව අපිට දැනගන්න ලැබෙනවා මීට කලිනුත් මේ සෙල්ලම ඇතැම් තැන්වල සිද්ධ වුණු බව. මේක සැක හිතෙන්නේ නැති අමුතු සෙල්ලමක් හින්දා මේ සෙල්ලම ගැන කාටවත් ප්‍රශ්න කරන්න මෙතෙක් කල් හිතිලා නෑ.

ඒ වගේම අපිට දැනගන්න ලැබෙනවා මීට කලින් වතාවෙත් මේ විදියේ සිදුවීම් කීපයක්. ඒක බන්ධනාගාර රැඳවියන් සම්බන්ධ කතාවක් නෙවෙයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියලා කියන්නේ අපි කලින් ඉඳන්ම අහලා තියෙනවා වංචා දූෂණ වැහි වහින තැනක්. මේ ස්ථානය සහ මේ ස්ථානයේ රැකියාව කරපු ඇතැම් පුද්ගලයෝ දැන් රැකියාවෙන් ඉවත් වෙලා වෙනත් ආයතනවලට ගිහිල්ලත් ඉතා නරක විදියට වංචා දූෂණ හොර බොරු කරන බව අපි අත්දැකීමෙන් දන්නවා. මේ පරීක්ෂණ සිද්ධ වෙන අතරතුරේදී ඒ අයවත් අත්අඩංගුවට අරගෙන, ඒ අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ කරන්න අවශ්‍යයි කියලා අපි මග පෙන්වන්න වුණත් ඕනෙ වෙලාවක සූදානම්. ලියුම්කරුට පවා අත්දැකීමක් තියෙනවා පහුගිය කාලේ මේ විදියට ආර්.එම්.වී. එකට සම්බන්ධ යැයි කියූ පුද්ගලයෙක් ජාතික පුස්තකාලයේ සේවයේ නියුතු වෙලා ඉන්න ගමන් කරපු යම් යම් වංචාවන් සම්බන්ධයෙන් කියන්නට.

කෙසේ වෙතත් අපි මේ කියන්න හදන්නේ ආර්.එම්.වී. එකේ ඉන්න පුංචි පුංචි නිලධාරීන් ගැනවත්, පහළ ඉන්න නිලධාරීන් කීයක් හරි හොයාගත්ත එක ගැනවත් නෙවෙයි. ආර්.එම්.වී. එකේ ප්‍රධාන තනතුරු දරන නිලධාරීන් රුපියල් ලක්ෂ 40ක් එක දවසකදී කිසිම පදනමක් නැතුව බෙදාගන්න සූදානම් වෙද්දී මේ ගැන ප්‍රශ්න කරන්න බලධාරීන්ට පුළුවන් වෙනවා. එතැනදී දැනගන්න ලැබෙන කාරණාව තමයි ඇඟ හිරිවැටෙන කාරණාව. මේ ලක්ෂ 40 ඔවුන් තියාගෙන ඉඳලා තියෙන්නේ හැන්දෑවේ වාසි පාඩු බලලා ලාභ බෙදාගන්න. ඒ කියන්නේ ඉහළ නිලධාරීන් අතරේ බෙදිලා යන ටික තමයි මේ ලක්ෂ 40. මේ විදියට ලක්ෂ 40ක් බෙදිලා යන්නේ ඒගොල්ලෝ පොල් කඩලා හම්බකරපු සල්ලිවත්, බඩු විකුණලා හම්බකරපු සල්ලිවත්, සල්පිලක් කරලා හම්බකරපු සල්ලිවත් නෙවෙයි. මේ නරක, දූෂිත, වංචාවලින් හම්බකරගත්ත සල්ලි.
ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ පාස්පෝට් සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධානියෙක් අත්අඩංගුවට පත්වෙනවා. රටෙන් පිට ඉන්න පුද්ගලයෙක්ගේ නමට හොර පාස්පෝට් එකක්, එහෙම නැත්නම් අනීතිකව වැරැදි ක්‍රමවේද යටතේ පාස්පෝට් එකක් හැදීම සම්බන්ධයෙන්. මේ විදියට පාස්පෝට් හදන එක කාලයක් තිස්සේ කරගෙන ගිහිල්ලා තියෙන බවත් හෙළිදරව් වෙලා තියෙනවා. පාතාලයට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙක් නමට හදපු මේ පාස්පෝට් එකේ ගැටලුව පිළිබඳවත් විශාල වශයෙන් කතාබහක් පහුගිය දිනවල ඇතිවුණා.

මේ විදියට බැලුවම අපිට පේන කාරණාව තමයි රටේ දේශපාලකයන්ට තමයි හැමදාම මිනිස්සු චෝදනා කළේ. පහුගිය ආණ්ඩුවේ දේශපාලකයන්ට විශාල වශයෙන් චෝදනා එල්ල වුණා. කලින් හිටපු දේශපාලකයෝ නරක බව කිව්වා. දේශපාලකයන් තක්කඩි බව කියලා ඔවුන්ව බලයෙන් පහකරන්න අපි උත්සාහ කළා. පාර්ලිමේන්තුවට ගෑවුණේවත් නැති මිනිස්සු පාර්ලිමේන්තු යවන්න ඕනේ කියලා අපි නිතර හිතන්න පටන් අරගත්තා. ඒ සියල්ලම මල්ඵල ගැන්විලා අලුත් කණ්ඩායමක් බලයට ආවා. දැන් අපි හිතනවා ඒ කණ්ඩායමත් නරකයි කියලා. ඒගොල්ලොත් වැරැදි කරනවා කියලා. ඒගොල්ලන්ගෙනුත් හොරබොරු වෙනවා කියලා. හැබැයි බලාගෙන ගියාම ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලොවත් ඒගොල්ලොවත් කරන වැරැදි නෙවෙයි. මේ නිලධාරීන් විසින් කරන වැරැදි. රාජ්‍ය නිලධාරීන් විසින් ලැජ්ජා බය නැතුව කිසි හිරිකිතක් නැතුව මහජන මුදල් මංකොල්ල කමින් ඉතා දූෂිත ආකාරයට වැඩ කරමින් ඉන්න බවට මේ තමයි උදාහරණ.

මාලිමා ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ එක කාරණාවක් තමයි මේ හොර තක්කඩින්ව අල්ලගෙන හොයාගෙන මේ හොරකම් මැරකම් ජඩකම් හෙළිදරව්ව කරන්න ඒ අයට පුළුවන් වෙච්ච එක. කාලාන්තරයක් තිස්සේ මේවා කරන්න ඇති කියලා උපකල්පනය කරන්න පුළුවන්. අවුරුදු ගානක් තිස්සේ මේ දේවල් වෙන්න ඇති කියලා උපකල්පනය කරන්න පුළුවන්. මේ වෙලාවෙත් ඒ දේවල් වෙමින් තිබෙන බව අපි දන්නවා. මේ ආයතන තුනක හතරක විතරයි අපි හෙළිදරව් කරගත්ත හොර බොරු වංචා ටික අපි ගාව තියෙන්නේ. මීට වඩා විශාල වශයෙන් හොර බොරු වංචා ලංකාව තුළ සිද්ධ වෙනවා ඇති. ඔබ යම් ආයතනයකට ගියාට පස්සේ ඔබෙන් අල්ලසක් ගන්නවා නම්, ඔබට උදව් කරන්නම් කියලා කීයක් හරි කඩාවඩා ගන්නවා නම් එය පවා වංචාවක් බව දැනගෙන කටයුතු නොකළොත් ඔබත් වැරැදිකාරයෙක් බවට පත්වෙලා, ඔහුත් වැරැදිකාරයෙක් බවට පත්වෙනවා. මේ වෙන්නේ අන්න ඒක.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඉන්දියාවට ගුවනින් තර්ජනයක්! තවත් 7දෙනෙක් මරුට! I Sri Lanka Latest News

Next Post

ලංකාව ලෝකෙට අරන් ගිහින් කප් ගහපු අපේ කොල්ලා! වනජීවී ඡායාරූපවලට හොඳම තැන කෙන්යාව! මෙක්සිකෝවෙදී මිලියන ගානක සමනල්ලු එක තැනක දැකගත්තා! පෝලා වළසුන් ෆොටෝ ගහන්න ආක්ටික්වල සීතලේ දවස් 14ක් නැවක හිටියා! මෙච්චර සම්පත් තිබිලත් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම්වලින් අපි ඉන්නේ පස්සේ! Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.