• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව, ජපානය පරදවා ලෝකයේ සිවුවැනි ප්‍රබලතම ආර්ථිකය බවට පත්වෙයි! ඉන්දියාවේ නයිජීරියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉන්දියාව, ජපානය පරදවා ලෝකයේ සිවුවැනි ප්‍රබලතම ආර්ථිකය බවට පත්වෙයි! ඉන්දියාවේ නයිජීරියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඉන්දියාව දැනටමත් ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙනවා. මෙලෙස ලෝකයේ සිවුවැනි ආර්ථිකය බවට පත්වීම සුළුපටු කාර්යයක් නොවේ. මේ අනුව ඉන්දියාව 2014 වසරේදී ලෝකයේ 10 වැනි විශාලතම ස්ථානයේ සිට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ 2025 වනවිටදී 4 වැනි විශාලතම ස්ථානයට පත්ව තිබෙනවා. වසර දහයක් වැනි කෙටි කාලයක් තුළදී මෙවැන්නක් සිදුවීම අතිවිශාල ජයග්‍රහණයක්. ඉන්දියාවේ ආර්ථිකය දැන් ජපානය අභිභවා යමින් ගෝලීය වශයෙන් සිවුවැනි ස්ථානයේ සිටිනවා. ජපානයට ඉහළින් සිටියේ පිළිවෙළින් ඇමෙරිකාව, චීනය සහ ජර්මනියයි. ඉන්දියාවට දැන් ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 4ක ශක්තිමත් ආර්ථිකයක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල :IMF පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ‘ලෝක ආර්ථික දැක්ම’ වාර්තාවේ සඳහන් කර තිබුණේ 2025දී ජපානයට වඩා ඩොලර් ටි්‍රලියන 4.19ක දළ දේශීය නිෂ්පාදිතයක් සමගින් ඉන්දියාව ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය බවට පත්වන බවයි…’ Sri Lanka Latest News

ගෝලීය ආර්ථිකයට අදාළව මෙසේ කියැවෙන කතාව කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම සුවිශේෂ කතාව මෙයට දින කීපයකට පෙරදී අපට අසන්නට ලැබුණේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආර්ථික ක්‍රියාවලියට අදාළව විවිධ විශ්ලේෂණ මෙහෙයුම් ක්‍රියාවලීන් සිදුකරනු ලබන රාජ්‍ය ආයතනය වන National Institution for Transforming India (ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය) නමැති සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී, බී.වී.ආර්. සුබ්‍රමානියම් විසින් මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකර තිබිණි. ඔහු ඉන්දියානු පරිපාලන සේවයේ ඉහළ නිලධාරියකු වන අතර, මෙයට පෙර ඔහු ඉන්දියානු වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයද දරා ඇත. එසේම ඔහු ඉන්දියාවේ සහ එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හිමිකරගෙන තිබෙන ආර්ථික විශේෂඥයකුද වෙයි. මොහු පසුගියදා ඉන්දියාවේ ආර්ථිකයට අදාළ සුවිශේෂ ප්‍රකාශය සිදුකළේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය. ඉහත ඉන්දියානු රාජ්‍ය ආයතනයේ සභාපතිත්වය දරන්නේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි වන අතර, මෙය පිහිටුවා ඇත්තේ 2015 වසරේදීය. ඉන්දියානු රාජ්‍ය සැලසුම් අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. ඉහත ප්‍රධාන විධායක නිලධාරී බී.වී.ආර්. සුබ්‍රමානියම් විසින් තවත් කියන්නේ කුමක්දැයි සොයා බලමු.

‘අප මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකරන්නේ සත්‍ය ආර්ථික දත්ත විශ්ලේෂණයක් මතයි. IMF සංවිධානයේ නවතම වාර්තාවකින් මෙය පුරෝකථනය කර තිබෙනවා. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ පාලනය යටතේ 2014 වසරේ සිට ඉන්දියාවේ ඒකපුද්ගල ආදායම දෙගුණයක් වී තිබෙනවා. IMF ‘ලෝක ආර්ථික දැක්ම’ වාර්තාවට අනුව 2025 වසරේදී ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ජපානය අභිභවා යනවා. මේ අනුව දැනට ලෝකයේ ප්‍රබලතම ආර්ථිකයන් 10ක් සඳහන් කෙරෙන ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයට සිටින්නේ ජපානය වන අතර, පස්වැනි ස්ථානයේ සිටින්නේ අපගේ ඉන්දියාවයි. ඉහත වාර්තාවට අනුව දැන් ඉන්දියාව, ජපානය අභිභවා යමින් සිවුවැනි ස්ථානයට පැමිණ සිටිනවා. මෙය ඉන්දියාවට මහත් ජයග්‍රහණයක් මෙන්ම ආඩම්බරයක්. මේ අනුව සමස්ත ගෝලීය භූ දේශපාලනික හා ආර්ථික පරිසරය ඉන්දියාවට හිතකර ලෙස පරිවර්තනය වී තිබෙනවා. ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 4කට වඩා ආර්ථිකයක් තිබෙනවා කියන්නේ මහා ශක්තියක්. අද මෙම ජයග්‍රහණය කරා පැමිණ සිටින ඉන්දියාව, තවත් ආර්ථික අතින් ශක්තිමත් වුවහොත් ලෝකයේ තෙවැනි ප්‍රබලතම ආර්ථිකය බවටද තවත් වසර දෙක තුනකදී පත්විය හැකියි. එනම් දැනට තෙවැනි ස්ථානයේ සිටින ජර්මනිය අභිභවා පැමිණ ඉන්දියාවට එම තෙවැනි ස්ථානයත් ලබාගත හැකියි. මම ඉහත ඔබට පැවසූ ලෙස 2015දී ඉන්දියාවේ පැවැති ඇමෙරිකානු ඩොලර් 1,438ක ඒකපුද්ගල ආදායම දැන් 2025 වනවිට ඩොලර් 2,880ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ දෙගුණයක් දක්වා ඉහළ යෑමක්. එසේම IMF නවතම වාර්තාවට අනුව 2025-26 දී ඉන්දීය ආර්ථික වර්ධන වේගය 6.2%ක් දක්වා වර්ධනය වන බවටද පුරෝකථනය කර තිබෙනවා. මේ ආකාරයේ ආර්ථික වේගයක් ඉන්දියාව පවත්වාගතහොත් වසර 2047 වන විටදී ඉන්දියාවට ටි්‍රලියන 30ක ආර්ථිකයක් ළඟාකරගත හැකියි….’

ශ්‍රී ලංකාවට යාබද ඉන්දියාවෙන් අසන්නට ලැබුණු මෙම කතාන්දරය අතිශයින්ම විස්මිතය. අද ගෝලීය වශයෙන්ද මෙම වතගොත මහත් කතාබහට ලක්ව ඇත. එසේ වන්නේ ඉහත නවතම පුවත් එළිපෙහෙළි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘ලෝක ආර්ථික දැක්ම’ නමැති සමීක්ෂණ වාර්තාවට අනුවය. එහෙයින් මෙම තත්ත්වයන් අසත්‍යයන් යැයි කිසි විටකවත් ප්‍රකාශ කළ නොහැක. ඉන්දියාව අද ලෝකයේ සිවුවැනි ප්‍රබලතම ආර්ථිකය බවට පත්ව හමාරය. මෙය එරටට මහත් අභිමානයක් ගෙනැවිත් ඇත. මෙම වටපිටාවේදී ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලනික විශ්ලේෂකයන් රැසක් ප්‍රකාශ කර සිටින්නේ ඉන්දියාව මෙම කෙටිකාලීන දියුණුව ළඟාකර ගත්තේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ කාර්යක්ෂම සහ දූරදර්ශී ක්‍රියාකලාපය නිසා බැවිනි. යාබද ඉන්දියාව මෙසේ සුවිශේෂ ප්‍රගතියකට ළඟා වෙමින් තිබියදී අපගේ ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ කුමක්ද? එය සැබැවින්ම ශෝකාන්තයකි. අපේ රට දිනෙන් දිනම අගාධයට යමින් ඇත. අද තවමත් අපේ රටේ මිනිසුන්ට හාල් කිලෝවක්, පොල් ගෙඩියක් ගැනීමට හෝ නිසි වත්කමක් නැත. අද නව රජයක් පත්ව තිබුණද සිදුව ඇති ප්‍රගතිය කුමක්ද? අපට කියන්න ඇති එකම දේ නම් ‘ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ’ යන කියමන පමණක්ය. මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ජාත්‍යන්තරයෙන් අසන්නට ලැබෙන්නේ තවත් සුවිශේෂ පුවතකි. එය නම් කුමක්ද?
ජාත්‍යන්තරයෙන් ඇසෙන අනෙක් අපූරු පුවත කුමක්ද? බටහිර අප්‍රිකාවේ දියුණු වන රාජ්‍යයක් වශයෙන් සැලකෙන නයිජීරියාව පසුගියදා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4ක ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇත. එනම් නයිජීරියාව පසුගිය ගෝලීය ආර්ථික අර්බුදය සහ කොවිඩ් 19 වසංගත සමයේදී මෙම ණය මුදල IMF සංවිධානයෙන් ලබාගෙන තිබිණි. මෙම සුවිශේෂ ක්‍රියාවලිය හේතුවෙන් පසුගියදා ෂඵත්‍ සංවිධානයට තමන්ගේ නිල ණය ලැයිස්තුවෙන් නයිජීරියාව ඉවත් කර ඇත. පසුගියදා නයිජීරියාවේ මුදල් අමාත්‍ය වේල් එඩුන් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. එකඟ වූ කොන්දේසි මත නිසි කලට නිසි පියවර මත ලබාගත් ඩොලර් බිලියන 3.4 ගෙවාදැමූ බව ඔහු ප්‍රකාශ කර ඇත. 2020 අප්‍රේල් මාසයේදී මෙම ණය මුදල ලබාගෙන තිබිණි. මෙය නයිජීරියාව ලැබූ විශාල ජයග්‍රහණයක් යැයි ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

බටහිර අප්‍රිකානු රටක් වන නයිජීරියාව බොහෝ කාලයක් පුරා දුප්පත් රාජ්‍යයක් වශයෙන් පැවැතිණි. එහෙත් දැනට දශක කීපයක සිට එරට බොහෝ දියුණු වන රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. නයිජීරියාවට බොර තෙල් සම්පත සහ කෘෂිකර්ම සම්පත තිබෙන හෙයින් දැන් ශක්තිමත් ආර්ථිකයක් ඇත. එසේම එරට වසර 8ක් පුරා පාලනය කළ ජනාධිපති මුහම්මදු බුහාරි ( 2015-2023) සහ වත්මන් ජනාධිපති බෝලා ටිනුබු දක්ෂ රජ්‍ය පාලකයන් ලෙස සැලකෙයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අවුරුදු 27ක් පරණ පින්තූරයක කතාවක්! ෆොටෝ එක ගත්තේ අපේ හෙට්ටිගේ! Sri Lanka Latest News

Next Post

පළාත් පාලන ආයතන 161ක් හෙට සිට වැඩ! 178ක බහුතර බලය කාටවත් නැති නිසා ප්‍රධානීන් පත්කිරීම කොමසාරිස්වරුන් යටතට පත්කරයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.