ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.Sri Lanka Latest News
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙලෙස එක්වුණි.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.










