මෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂමව වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය මාරු කර හරිනවා යැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. Sri Lanka Latest News
‘දුම්රිය පරිපාලනයේ සියලු අංශ ඉතාමත් අකාර්යක්ෂම මට්ටමක පවතිනවා. දුම්රිය සේවාවේ සියලු දෙනා කඩාකප්පල්කාරීන් නොවෙයි. ඉතා අතලොස්සක පිරිසක් කඩාකප්පල්කාරී වැඩ සිදුකරන විට කළු පැල්ලම සියළු දෙනාට යනවා. එම අතලොස්සකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්වනවා’ යනුවෙන් ඔහු සඳහන් කළේය.










