සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී භාරදී ඇති බවයි, වාර්තා වන්නේ.
පළාත් පාලන ආයතනවල ලයිස්තුවලින් මන්ත්‍රීවරු පත් කරද්දී මතුවූ අර්බූදයක් හේතුකොටගෙන මෙසේ චමින්ද විජේසිරි මහතා තනතරුවලින් ඉල්ලා අස්වී ඇති බව සදහන්.
සජබය ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගෙන තිබුණේ ලබා ගෙන ඇති ප්‍රතිශතය අනුව මන්ත්‍රීවරුන් සභාවන්ට පත්කරන බවකි.










