එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අද (26) දින විශේෂ ප්‍රකාශයක් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීන්දු කොට ඇත.
මහනුවර ‘වික්ටරි හෝල්’හිදී පැවැත්වීමට නියමිත මෙම ප්‍රවෘත්ති සාකච්ජාව සදහා එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් 33 දෙනකු සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.
පේරාදෙණි විශ්වවිද්‍යාලය දේශපාලනය සම්බන්ධයෙන් ඉතා නිරවද්‍ය සහ ස්වාධීන මත විමසුම් සිදු කරන ආයතනයක් ලෙස පසුගිය කාලයේදී ඉතා විශාල කීර්තියක් දිනාගෙන ඇති ආයතනයකි.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ එජාපයෙන් ඊට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයන් ලබා ගන්නා ජයග්‍රහණයන් සම්බන්ධයෙන්ද මෑතකදී එම විශ්වවිද්‍යාලය මගින් මත විමසුමක් සිදු කර තිබිණ.










