• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

පුංචි ඡන්දය මහඡන්දයක් නම් ආණ්ඩුවට 122ද 100ට අඩුයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 17, 2025
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
පුංචි ඡන්දය මහඡන්දයක් නම් ආණ්ඩුවට 122ද 100ට අඩුයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දැම්මත් මාලිමාවට ආසන 122ක් ලැබෙනවා. ජනවරම අහෝසි වී නැහැ…’Sri Lanka Latest News

මේ, අනුර කුමාර ජවිපෙ 60 වැනි සංවත්සරයේදී බොහොම ආඩම්බරයෙන් කී කතාවකි.

ජවිපෙ පුංචි ඡන්දයේදී ලබාගත්තේ 43.26%ක ඡන්ද ප්‍රතිශතයකි. 2015 මහ මැතිවරණයේදී එවක ජනාධිපති මෛත්‍රී සහ මහින්ද නායකත්වය දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙයට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලැබීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 42.38%කි. එම මහ ඡන්දයේදී 42.38%ට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණේ ආසන 95කි.

එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයේදී ලබාගත්තේ 45.66%ක ඡන්ද ප්‍රතිශතයකි. එජාපයට ලැබුණේ ආසන 106කි.

1994 මහ මැතිවරණයේදී චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුණ 48.94%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තාය. ඇයට ලැබුණේ ආසන 105කි. චන්ද්‍රිකා 2000 මහ මැතිවරණයේදී 48.94%ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙනත් ලබාගත්තේ ආසන 107කි.

‘ඒ කියන්නේ මෙවර පුංචි ඡන්දයේදී අනුර ලබාගත් 43%ට අනුරට ගත හැකි වන්නේ ආසන 100ටත් අඩු ගණනක් නේද…?’

ඇත්ත ඒකය. 42.38%ක් ගත්ත මහින්දට ලැබුණේ ආසන 95ක් නම්, 43.26%ක් ගත්ත අනුරටත් ලැබිය යුත්තේ 95ත් 100ත් අතර ගණනකි.

‘ඒ කියන්නේ අනුරගේ වචනවලින්ම කියනවා නම් අනුරට ජනවරම නැහැනේ…?’

අනුර පුංචි ඡන්දයක ජනවරම මහ ඡන්දයක ජනවරමින් මනිනවා නම් ආණ්ඩු හදන්න අනුරට ජනවරමක් නැත. ගැලරිය චූන් කරන්න අනුර ආසන 122 කතාව කීවාට පුංචි ඡන්ද ප්‍රතිඵලය මහ ඡන්ද ප්‍රතිඵලයකට ගණන් හැදුවාම එන්නේ 100ටත් අඩු ගණනක් බව අනුර දනී. අනුරට හිටි හැටියේ ජේ.වී.පී. එක මතක් වී තිබෙන්නේ ඒ නිසාය. ආණ්ඩුව හදිසියේ කඩාගෙන වැටුණොත් හෝ ඊළඟ ඡන්දයක් පරාජය වුණොත් තමාට හිමි දේශපාලන නවාතැන ජවිපෙ බව අනුර පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් තේරුම් ගෙන තිබේ.

මෙයට කලින් අනුර පමණක් නොව ටිල්වින් සිල්වලා ඇතුළු ජවිපෙ නායකයන් හිටියේ ජේ.වී.පී. කියලා පක්ෂයක් නැති ගානටය. ජවිපෙ හැම වසරකම නොවැම්බරයේ මහවිරු මාසය සමරයි.

නොවැම්බරය ජවිපෙ නායක විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩලයම ඝාතනය වූ මාසයයි. ජවිපෙ තහනම්ව සිටි කාලයේ සෝමවංශ විදේශ රටවලදීත්, තහනම ඉවත් කළාට පසු ලංකාවේදීත් ජවිපෙමහවිරු දිනය සැමරීය. ඒත් අනුර ජනාධිපති වී ජවිපෙ පළමු මහවිරු මාසයේ ජවිපෙ මහවිරු මාසය සැමරුවේ නැත.

‘රටේ පාලන බලය අත්පත් කරගත් පළමු වසරේදීම ජවිපෙ මහවිරු මාසය සැමරීම අමතක කිරීම ඛේදවාචකයකි…’

මෙහෙම කීවේ පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම්ය. 2024 නොවැම්බරයේ ජවිපෙ මහවිරු මාසය සැමරුවේ පෙරටුගාමී පක්ෂයය. ජවිපෙ එය ඕනෑකමින්ම අමතක කළේය.

ඉන් පසු 2025 ජවිපෙ 1971 කැරැල්ල සිහිකොට සමරන අප්‍රේල් විරු සැමරුම පැවැත්වීය. හැබැයි ජනාධිපති අනුර කුමාර ආවේ නැත. අප්‍රේල් විරු සැමරුම සැමරුවේ ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙනි.
‘ඒ කියන්නේ ජවිපෙ දැනුවත්ව අනුර ඕනෑකමින්ම ජවිපෙ අමතක කළාද…?’

වුණේ ඒකය. අනුර ජනාධිපති වෙන්න ඔන්න මෙන්න වූ ප්‍රතිඵල නිකුත් කරන රාත්‍රියේත් අනුර සිටියේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් සමගය. සතියකට වතාවක් ඔවුන් සමග කෑම මේසයේ වාඩිවී රට පාලනය කරන හැටි සාකච්ඡා කිරීම අනුර පුරුද්දක් කරගෙන සිටියේය. මේ ව්‍යාපාරිකයෝ ගෝඨාභයටත් උපදෙස් දුන් ව්‍යාපාරිකයෝය. මහින්ද හෝ රනිල් මේ ව්‍යාපාරිකයන්ගෙන් වැඩ ගත්තා මිස උපදෙස් ගත්තේ නැත. ඔවුන්ගෙන් උපදෙස් ගන්න ගිහින් ගෝඨාභයටත් වැරැදුණි. පේන විදියට අනුරත් යන්නේ වරද්දාගන්නටය.

ගෝඨාභයට වැරැදුණේ ගෝඨාභය ඔහුව ජනාධිපති කළ පක්ෂයත්, පවුලත් අමතක කොට ව්‍යාපාරිකයන් සහ නිලධාරීන් පිරිසකට කොටුවූ නිසාය. ගෝඨාට එහෙම වෙන්න හේතුවක් තිබිණි. හේතුව ඔහු ඔහුව බලයට ගෙන ආ පොදුජන පෙරමුණේ නායකයා නොවීමය. ඔහුට ඒ පක්ෂයේ තනතුරක්ද නොවීය. ඔහු ඒ නිසා පක්ෂය මුළුමනින්ම අතහැරියේය.

අනුර එසේ නොවේ. අනුර දැන් වසර 10කටත් වඩා වැඩි කාලයක් ජවිපෙ නායකයාය. අනුරට ජවිපෙ අමතක වෙන්න හේතුවක් තිබිය නොහැකිය.

‘අනුර ඇයි බිස්නස්කාරයෝ වෙනුවට ජවිපෙ නායකයන්ගෙන් රට පාලනය කරන්න උපදෙස් ගන්නේ නැත්තේ…?’

පුංචි ඡන්දය ළංවෙන විට අනුර මහින්ද වෙන්න ගියාට, ජනාධිපති වූ දින සිට අනුර වෙන්න ගියේ රනිල්ය. රනිල් ආණ්ඩු කරද්දී පක්ෂය මායිම් කරන්නේ නැත. ඔහු ව්‍යාපාරිකයන්ව මායිම් කරන්නේත් නැත. හැබැයි ඔහුට ගජමිතුරු කල්ලියක් සිටී. අනුරට එහෙම ගජමිතුරු කල්ලියක් නැත. හැබැයි අනුර හිතුවේ රනිල් වගේ මූල්‍ය අරමුදලේ ලොක්කන්ගෙන් සහතික ගත්තාම, විදේශ සංචාරවලදී රාජ්‍ය නායකයන් හමුවුණාම, ඉන්දියාවට හිතවත් කියා පෙන්නුවාම, චීනයට හිතවත් කියා පෙන්නුවාම මිනිස්සු චූන් වෙයි කියාය. ඒ චූන් වෙන්නේ යූ.ඇන්.පී.කාරයන්ය.

යූ.ඇන්.පී.කාරයන් හිතන්නේ ඔවුන්ගේ පක්ෂ නායකයා ඉන්දියාවේ මෝදිගේ කරට අත දාගත්තාම, ලෝකයේ රාජ්‍ය නායකයන් එක්ක එක මේසයේ කාපුවාම ලංකාවේ ඡන්ද ලැබෙයි කියාය.ඇත්තටම අනුරගේ ජාත්‍යන්තර සංචාර සහ ලංකාවට එන විදේශ නියෝජිතයන් හමුවීම් පිළිබඳ මාධ්‍ය නිවේදන බලන විට රනිල්ගේ මාධ්‍ය නිවේදන සහ අනුරගේ මාධ්‍ය නිවේදනවල ලොකු වෙනසක් නැත. රනිල් ලෝක බැංකු සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවී අච්චර ණය දෙන්න පොරොන්දු වුණා කියා මාධ්‍ය නිවේදන නිකුත් කරයි. අනුරත් කළේ ඒකමය. ඒ නිවේදනවලට බිස්නස්කාරයන් චූන් වුණාට අනුරට ඡන්දය දුන් ජනතාව සහ ජවිපෙ චූන් වෙන්නේ නැත. ජවිපෙ පාක්ෂිකයන් බලාපොරොත්තු වුණේ අයි.එම්.එෆ්. ලොක්කි ජෝර්ජියාවාගේ සහතික නොවේ. වෘත්තීය සමිතිවල සහතිකය. පසුගිය මැයි රැලියේ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙක් රැලියේ කතාවේදී අයවැයෙන් පුද්ගලික අංශයේ වැටුප් වැඩිවී නැතැයි කීවේය. අනුර ඒ කතාවට කේන්ති ගිහින් සිය කතාවේදී කීවේ වෘත්තීය සමිතිවලට ලූනු බිකක්වත් ඉල්ලන්න එපා කියාය. මේ වගේ කතා කියන්නේ රනිල්ලාය. මහින්දත් මේ වගේ කතා කියන්න බයය.

2005 ජනාධිපතිවරණයේදී ජවිපෙ මහින්දට සහාය දුන්නේ රනිල්ගේ ටයිකෝට් සංස්කෘතියට ගහලාය. ජවිපෙ මන්ත්‍රීවරු ඒ කාලයේ ටයිකෝට් ඇන්දේ නැත. ලංකාවේ ටයිකෝට් දේශපාලනය අවසන් කළේ 1956 බණ්ඩාරනායකය. 1977 ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ ආණ්ඩුවලද ටයිකෝට්කාරයන් හිටියේ නැත. යළි පාර්ලිමේන්තුවට ටයිකෝට් සංස්කෘතිය ගෙනාවේ රනිල්ය. රනිල් මෙවර ජනාධිපති වූ විට රෙද්ද බැනියම ඇන්ද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රනිල්ව චූන් කරන්න ටයිකෝට් අඳින්න පටන් ගත්හ. 2024 මහ ඡන්දයෙන් පාර්ලිමේන්තු ආ ජවිපෙ මන්ත්‍රීවරුද රනිල්ගේ ටයිකෝට් සංස්කෘතිය වැලඳගෙන පාට පාට ටයිකෝට් අඳින්න පටන් ගත්හ.

පුංචි ඡන්දය පැවැත්වීම අනුර ගත් හොඳම තීන්දුවකි. අනුරට දැන් හැදෙන්න කාලය තිබේ. ගෝඨාත් මේ විදියට පුංචි ඡන්දය කල් නොදමා පවත්වා එහි ප්‍රතිඵලය බලා වෙනස් වුණා නම් මිනිස්සු ‘ගෝඨා ගෝ හෝම්’ කියන්න පාරට එන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

ජාතික මැතිවරණවලින් මාස 6කට පසු පැවැති ප්‍රාදේශීය ඡන්දවලදී ආණ්ඩුවක නැග්ම සහ බැස්ම

UNP රනිල්
2001 මහ ඡන්දය 45.62%
2002 පුංචි ඡන්දය 59.79%

UPFA චන්ද්‍රිකා
2004 මහ ඡන්දය 46.60%
2004 පළාත් සභා ඡන්දය 57.68%

UPFA මහින්ද
2005 ජනාධිපතිවරණය 50.29%
2006 පුංචි ඡන්දය 52.2%

NPP අනුර
2024 මහ මැතිවරණය 61.56%
2025 පුංචි ඡන්දය 43.26%

SendShareShare
Previous Post

ජනාධිපති අරමුදල ගමට අරන් යන වැඩේ සාර්ථකයි! ගමේ නිලධාරීන්ට පුහුණු වැඩමුලුවක් තියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘කපුටු කාක් කාක් කාක්’ ‘පච ලාබයි නෝනා මහතුනේ’! මැරුණත් නොමැරෙණ අදටත් ජීවත් වෙන ෆ්‍රෙඩී සිල්වා! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.