• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිල වැඩි කරන්නද හදන්නේ? පුංචි ඡන්දෙන් ලොකු දිනුමක් අරන් පාර්ලිමේන්තු ආපු විපක්ෂනායක සජිත් ජනතාව වෙනුවෙන් පළමු ප්‍රශ්නය අහයි! VIDEO I Sri Lanka Latest News

May 8, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දුප්පත් හා අසරණ වූ ජනතාව එම තත්ත්වයෙන් මුදාව ගැනීම සදහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරිම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වුවද වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පෙර පැවැති රජයේ ප්‍රතිපත්ති හා යමින් කටයුතු කරන බවත් රජය මැතිවරණ පොරොන්දු පවා කඩකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

විදුලි බිල වැඩි වීම සිදුවන්නේ කොපමණ මුදලකින් ද?

පසුගිය දා පැවැති අයි එම් එෆ් සිව්වන සමාලෝචනය ගැන කාර්යමණ්ඩල ගිවිසුම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවේ දී විදුලි බිල පිරිවැය ප්‍රතිසාදන පදනම මත පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණය නිසි ක්‍රියාකාරීත්වට ගෙන ආ බව ප්‍රකාශ වූ බවත් ඒ අනුව ප්‍රතිසාදන පදනම යටතේ සිට වත්මන් රජය විදුලි ගාස්තු වැඩි කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි එම් එෆ් එක කියන ප්‍රතිසාදන පදනම සහ මහජන උපයෝගීතා කොමිසම ක්‍රියාත්මක කරන ප්‍රතිසාදන පදනම මත මිල ගැලපුමේ පරස්පරතා රැසක් ඇති මුත් රජය අයි එම් එෆ් එකේ තීන්දුව පිළිගෙන ඇති බවත් මෙය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ජනතාවට සිදුවන බලපෑම ගැන තක්සේරුවක් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙහි දී විදුලි බිල කොපමණ ප්‍රමාණයක් වැඩි වන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් 0-90 දක්වා වන ප්‍රමාණයේ කොපමණ මුදලක් වැඩි වේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශීය ඩිජිටල් සේවා සපයන්නන්ට විශාල බද්දක් පනවන්නේ ඇයි?

රජය විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් වෙනුවෙන් පැනවූ බදු මගින් අපේක්ෂිත ආදායම හා මේ තීරණයට බලපෑ අයි එම් එෆ් නිර්දේශ දැන ගැනීමට අවශ්‍ය බවත් අයි එම් එෆ් එක 30%ක් බදු ගහන්න කිව්වත් රජය 15%ක් පමණක් බදු ගහන බවට දැන ගන්නට ඇති බවත් මේවාට බදු අය කරන්නේ ඇයි ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ හරහා සිදුවන බලපෑම ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් ඩිජිටල් සේවා සපයන්නන් විසින් විශාල මුදලක් උපයන බවත් මොවුන් අප රටේ සිටින ව්‍යවසායකයන් බවත් එම ව්‍යවසායකයන්ට ද මේ තරම් විශාල බද්දක් අය කරන්නේ අයි එම් එෆ් නිර්දේශයක් නිසා ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙන්ම ළමා තැන්පතුවලටත් බදු ගහනවා

රජය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා ජූලි 1 වැනිදා සිට සංශෝධිත පොලී යෝජනාවක් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇති බවත් 15%ක අවම පොළිය ඉන් තහවුරු වන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ආණ්ඩු ගණනාවක් 15%ක පොලියක් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට ලබා දුන්නත් දැන් එය නොලැබෙන බවත් ළමා තැන්පතු මගින් අය කර රදවා ගැනිමේ බදු නිසා සාමාන්‍ය ජනතාවට ගැටලු රැසක් මතුව ඇති බවත් පොඩි දරුවන්ගේ ගිණුම්වලින් පවා බදු ගහන තැනට රට පත්ව ඇති බවත් මෙය සාධාරණ ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

TIN අංකය ගන්න අමාරුයි. හරි ක්‍රමයක් හදන්න

ආණ්ඩුව විසින් අවුරුද 18ට වැඩි අයට TIN අංකයක් ලබා ගන්න නියම කර ඇති මුත් එම අංකය ලබා ගැනීම අපහසු වී ඇති බවත් මේ TIN අංකය ලබා දීමට වැඩපිළිවෙළ පැහැදිලි කරන ලෙසත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට ඇතිවන අපනයන කෙරෙහි එස්වැට් එක නිසා සිදුවන මූල්‍ය පීඩනය ගැන රජය තක්සේරුවක් කර ඇති ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් මේ එස්වැට් එක නැවත ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

රාජගිරියේ රිය අනතුර! චම්පිකගේ අභියාචනය විසි කරයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති ඡන්දෙ දෙන්න වියට්නාමේ ඉඳලා ආපු සුපිරි ජෙට් එක ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි! වියට්නාම් ආණ්ඩුව දුන්නද? බෞද්ධ සමිතියකින් දුන්නද? සමාගමකින් දුන්නද? වෙන කවුරුහරි දුන්නද? විපක්ෂය ප්‍රශ්න අහනවා! ආණ්ඩුව උත්තර දෙනවා! අහලා බලන්න තේරෙනවද කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.