• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

FBI වාර්තාවෙන් පාස්කු ප්‍රහාරය ගැන සියල්ල හෙළිදරව් කළා! මේක කළේ නවුෆර් මවුලවි ISIS එකට සම්බන්ධ වෙලා! අද එළියේ ඉන්න ඊබ්‍රාහිම් පවුල මේවාට මුදල් සපයලා තියෙනවා! මේ ඊබ්‍රාහිම් පවුල අදත් කිසිම බාධාවකින් තොරව ව්‍යාපාර කරන්නේ කොහොමද? ඒ අයගේ දේශපාලන සබධතා මොනවාද? ඉදිරියේදි අපි මේවා හෙළිකරන්නම්! පාස්කු ප්‍රහාරය ගැන චම්පිකගෙන් ලොකු හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

April 21, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
අන්තරේ පෙළපාලියට ගහනවා හැබැයි ජවිපෙ පෙළපාලියට ගහන්නේ නෑ! සමහර වෘත්තීය සමිති නායකයෝ ඇතුළට ගන්නවා හැබැයි සමහර අයව ගන්නේ නෑ! පාර්ලිමේන්තුව වටලන්න කියපු අය ගන්නේ නෑ හැබැයි පැතුම් කර්නර්ව ගන්නවා! චම්පික මේ කියන්නේ ආණ්ඩුවයි ජවිපෙයි අතර ඩීල් එකක් තියෙනවා කියලද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ 6 වන සංවත්සරය අදට (21) යෙදී ඇති අතර, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පවතින ගැටලු රැසක් හෙළිදරව් කළේ ය.Sri Lanka Latest News

නාරාහේන්පිට පිහිටි පක්ෂ කාර්යාලයේ දී පැවති මෙම මාධ්‍ය හමුවේදී රණවක මහතා පහත සඳහන් කරුණු අවධාරණය කළේ ය.

කළු දිනයක්:

අද දිනය ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු දිනයක් බවත්, වසර 6 කට පෙර ඉස්ලාමීය අන්තවාදීන් විසින් ක්‍රිස්තියානි පල්ලි සහ ජාත්‍යන්තර හෝටල් ඉලක්ක කරමින් මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් ඔහු සිහිපත් කළේය. මෙම ප්‍රහාරවලින් 268 දෙනෙකු මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

විදේශීය ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධය:

මෙම ප්‍රහාරයේ විශේෂත්වය වන්නේ එය දේශීය නොව විදේශීය ත්‍රස්ත සංවිධානයක නාමයෙන් දියත් කිරීමයි. නවසීලන්තයේ මුස්ලිම් බැතිමතුන්ට එරෙහිව ක්‍රිස්තියානි ත්‍රස්තවාදියෙකු එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස ISIS මූලස්ථානය විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට වාර්තා වන බව රණවක මහතා පැවසීය.

පෙර දැනුම්දීම් නො තකා හැරීම:

මෙම ප්‍රහාරය පිළිබඳ නිශ්චිත තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දී තිබිය දීත්, එය වැළැක්වීමට හෝ පාලනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනීම බරපතළ ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය. 2014 සිට ම මෙම ත්‍රස්ත කල්ලිය පිළිබඳ තොරතුරු බුද්ධි අංශ සතු ව පැවති බවත්, ඔවුන් අතර සම්බන්ධතා තිබූ බවත් ඔහු කියා සිටියේ ය.

“මේ ප්‍රහාරය පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා දී තිබිය දීත් ආරක්ෂක අංශ මෙය මැඩපැවැත්වීමට, මෙය පාලනය කිරීමට කටයුතු නො කිරීම හා මීට අදාළ ව අඩු ම තරමේ 2014 සිට යම් යම් තොරතුරු වාර්තා වෙලා තිබීම හා ඒ ත්‍රස්ත කල්ලිය සම්බන්ධයෙන් ව්‍යාපාරය පිළිබඳ නිශ්චිත අවබෝධයක් අපගේ බුද්ධි අංශ වලට පැවතීම හා ඔවුන් අතර සම්බන්ධයක් පැවතීම කියන මේ කාරණා නිසා තමයි මේක සුවිශේෂ වෙලා තියෙන්නේ.” දේශපාලන වාසි සඳහා යොදා ගැනීම:

2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මෙම සිදුවීම බරපතළ ආරක්ෂක ප්‍රශ්නයක් ලෙස හුවා දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ බව රණවක මහතා චෝදනා කළේ ය. ඇතැම් දේශපාලඥයින්ට සහ ව්‍යාපාරිකයින්ට චෝදනා එල්ල වූ නමුත්, බලයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විමර්ශනවලට බාධා කළ බවත්, විමර්ශකයින් අධෛර්යමත් කළ බවත් ඔහු පැවසීය.

අනුර කුමාරගේ පැමිණීම හා බලාපොරොත්තු:

අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ මෙම විමර්ශනය වඩාත් අපක්ෂපාතී ව සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බවට තමන් විශ්වාස කරන බව රණවක මහතා ප්‍රකාශ කළේ ය.

“අන්න ඒ සියල්ලේ එකතුවක් හැටියට තමයි මේ අනුර දිසානායක මහත්මයා ආවේ, වඩා ශිෂ්ට සම්පන්න, වඩා අපක්ෂපාතී ආකාරයට අපි මේ මෙහෙයුම කරනවා. මේ විමර්ශනය කරනවා. අපරාධකරුවන් කවර තරාතිරමක අය වුණත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා මියගිය පිරිස් වලට යුක්තිය ඉටු කරනවා කියන අදහසින් තමයි ඔහු ආවේ. මේ සම්බන්ධයෙන් නඩු පැවරීම් කළා. අධිකරණය ඉදිරියේ වරදකරුවන් වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇතුළු පිරිසක්. තව නඩු ගණනාවක් තියෙනවා. වින්දිතයන්ට වන්දි ගෙවන්න සිද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත. මේ වගේ විශාල ක්‍රියාදාමයක් වුණා. ජනාධිපති කොමිෂන් වාර්තාවක් ආවා. ඒ කොමිසමට අපිත් ගිහිල්ලා සාක්කි දුන්නා. ඒ වගේ ම තවත් කොමිෂන් ජයිකි අල්විස් වැනි තවත් කොමිෂන් සභා වාර්තා මේ සම්බන්ධයෙන් තියෙනවා.

FBI වාර්තාවේ වැදගත්කම:

ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් සිව්දෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් එරට අධිකරණයේ නවුෆර් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ FBI වාර්තාව ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළි කරන බව රණවක මහතා පෙන්වා දුන්නේ ය. මෙම වාර්තාව දුරකථන දත්ත සහ ලැප්ටොප් තොරතුරු ඇතුළුව විද්‍යානුකූලව තහවුරු කරන ලද කරුණු මත පදනම් වී ඇති බව ඔහු පැවසීය.

“ඉතාම නිශ්චිත චෝදනාවලියක් හා මේ ත්‍රස්ත කල්ලිය පිළිබඳ නිශ්චිත විස්තරයක් පිටු 72 ක මේ අධිචෝදනා පත්‍රයේ නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. එතකොට ඇතැම් අය මේකත් කරන්න කියලා යම් යම් අදහස් පළ කරනවා. නමුත් ඇත්ත වශයෙන් ම මේ වාර්තාව කියෙව්වට පස්සේ ඉතා ම පැහැදිලි වෙනවා මේ එෆ් බී අයි ආයතනය කිසිසේත්ම අරයාගේ, මෙයාගේ කටකතා වලින් නෙමෙයි මේක කරලා තියෙන්නේ. මේක කරලා තියෙන්නේ නවුෆර් මවුලවි ඇතුළු මේ සිදුවීම් වලට සම්බන්ධ අයගේ දුරකථන දත්ත ඒ වගේම ඔවුන්ගේ ලැප්ටොප් වල තිබිච්ච දත්ත, ඔවුන් සහ අයි. එස්. අයි. එස්. ජාත්‍යන්තර ජාලය අතර තිබිච්ච සබැඳියාවන් මේ සියල්ලම යම් විද්‍යානුකූලව තහවුරු කරගෙන තමයි මේ ලියවිල්ල තනලා තියෙන්නේ.”

ඊබ්‍රාහිම් පවුලේ සම්බන්ධය:

නවුෆර් මවුලවි ඇතුළු පිරිස 2015 සිටම ISIS මතවාදයේ සිටි බවට ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශ කර ඇති බවත්, මෙම ප්‍රහාර සඳහා මුදල් සැපයූ ප්‍රධාන කණ්ඩායම ලෙස ඇප මත නිදැල්ලේ සිටින පවුලක් හඳුනාගෙන ඇති බවත් FBI වාර්තාවේ සඳහන් වන බව රණවක මහතා හෙළි කළේය. මියගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර මෙම පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු සිටි බවද ඔහු පැවසීය.

මේකෙන් පේන වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ නවුෆර් මව්ලවි ඇතුළු පිරිස 2015 වගේ කාලෙක ඉඳන් ම තමන්, අයි. එස්. අයි. එස්. මතවාදයේ ඉන්න බව තමන්ගේ ෆේස්බුක් අඩවිවල විවෘතව ප්‍රකාශ කරලා තිබුණාය කියන එක, අද ඇප මත නිදැල්ලේ ඉන්න පවුල මේ ප්‍රහාර සඳහා මුදල් සපයපු ප්‍රධාන කණ්ඩායම බවට හඳුනා ගෙන තිබීම කියන කාරණා මේ මේක ඇතුළේ තියෙනවා.

දේශපාලන සම්බන්ධතා හෙළිදරව් කිරීමට සූදානම්:

ඊබ්‍රාහිම් පවුල සහ ත්‍රස්තවාදය අතර පැවති සම්බන්ධතා සහ ඔවුන් වර්තමානයේ රටේ ව්‍යාපාර කටයුතු කරගෙන යන ආකාරය මෙන්ම, ඔවුන් සහ දේශපාලන පක්ෂ/නායකයින් අතර පැවති සබඳතා ඉදිරියේදී හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව රණවක මහතා ප්‍රකාශ කළේය.

“ඒ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් මිය ගියා මේ මරාගෙන මැරෙන ප්‍රහාරවලින්. වෙන රටක නම් මේ වන්දි දෙන්න නම් මේ අසරණයින්ට මේ දේපළ ජනසතු කරලා ඒකෙන් ලබාගන්න ධනයෙන් තමයි මේ වින්දිතයන්ට හරිනම් ආණ්ඩුව කටයුතු කළ යුත්තේ වන්දි ලබා දීම සඳහා. ඉතින් ඒ ඒක ගැන අපි අනාගතයේ මීට වඩා විධිමත් විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඊබ්‍රාහිම් පවුල සහ මේ ත්‍රස්තවාදය අතර තිබිච්ච සබැඳියාව සහ ඔවුන් අද කොහොමද මේ රටේ නැවත වතාවක් ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නේ කියන කාරණය ගැන. ඒ ඔවුන් හා දේශපාලන පක්ෂ අතර, දේශපාලන නායකයින් අතර, තිබිච්ච සම්බන්ධතාවයන් පිළිබඳව, අපි ඉදිරියේදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා.

සිදු විය හැකි නිගමන තුනක්:

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශකයින්ට එළඹිය හැකි නිගමන තුනක් රණවක මහතා ඉදිරිපත් කළේය. එනම්,

සහරාන් හෂීම් සහ ඔහුගේ කල්ලිය විසින් විදේශීය උපදෙස් මත සිදු කරන ලද උමතු ප්‍රහාරයක් වීම.
2015 දී බලය අහිමි වූ පිරිසක් නැවත බලය ලබා ගැනීම සඳහා ආගමික අන්තවාදීන් “බළල් අතක්” ලෙස භාවිතා කිරීම.
සහරාන් හෂීම් ඇතුළු ISIS කණ්ඩායම ආරක්ෂක අංශවල ඇතැම් දෙනාගේ සහාය ඇතිව හෝ ඔවුන් රවටා මෙම ප්‍රහාරය සිදු කිරීම සහ බලය අපේක්ෂා කළ දෙපිරිසම තම අවශ්‍යතා සඳහා එකිනෙකා භාවිතා කිරීම.

ජනාධිපතිගේ පොරොන්දුව ඉටු නොවීය:

අප්‍රේල් 21 වන දිනට මහමොළකරුවන් හෙළි කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු නො වූයේ වත්මන් ආණ්ඩුව ද මෙම ක්‍රියාවලියේ අඩු වැඩි වශයෙන් සම්බන්ධ වී සිටින බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ද එය කළ නො හැකි වූයේ බලයේ සිටි ඇතැම් පුද්ගලයින් සහ රාජපක්ෂවරුන් අතර පැවති සම්බන්ධතා හේතුවෙනි.

විවෘත විමර්ශනයක් සහ මාධ්‍ය නිවේදනවල අවදානම:

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවෘත විමර්ශනයක් පැවැත්විය යුතු අතර, ඇතැම් පොලිස් නිලධාරීන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ගේ කීර්තිනාමය ඉහළ නැංවීම සඳහා වැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම භයානක තත්ත්වයක් බව රණවක මහතා අනතුරු ඇඟවීය. ඇතැම් නිලධාරීන් පැරණි රාජපක්ෂ කල්ලියේ ජාවාරම්කරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ක්‍රියා කරන බවට තොරතුරු ලැබෙමින් පවතින බව ද ඔහු කියා සිටියේ ය.

ජනාධිපති කොමිසමේ සාක්ෂිය:

තමන් ජනාධිපති කොමිසමට ලබා දුන් වැදගත් සාක්ෂි වාර්තාවට ඇතුළත් කර නො තිබීම කණගාටුදායක බවත්, එම සාක්ෂි ඔස්සේ ද විමර්ශනයක් කළ හොත් බොහෝ කරුණු අනාවරණය කර ගත හැකි බවත් ඔහු පැවසීය.

අනාගතයේ සිදුවිය හැකි තර්ජන:

ගාසා තත්ත්වය සහ ඊශ්‍රායල් සංචාරකයින්ගේ පැමිණීමත් සමඟ මෙරට තුළ යම් යම් සිද්ධි ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක විය හැකි බවට අනතුරු ඇඟවූ රණවක මහතා, මාලදිවයින වැනි රටවල් ඊශ්‍රායල් සංචාරකයින් තහනම් කර ඇති බව ද සිහිපත් කළේය. මෙවැනි තත්ත්වයක් තුළ දෙවන ප්‍රහාරයක් සිදුවීමට ඉඩ නො දිය යුතු බවත්, එය රටේ ආර්ථිකයට හා සමාජයට බරපතළ හානියක් විය හැකි බවත් ඔහු අවධාරණය කළේ ය.

අතීතයේ සිදුවූ දෑ සොයා ගැනීමේ ගැටලු පැවතියද, අනාගතයේ මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට ජනාධිපතිවරයා දැඩි පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අවසාන වශයෙන් අවධාරණය කළේ ය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් රණවක මහතා;

ප්‍රශ්නය:

රවී සෙනෙවිරත්න සහ මේ ශානි අබේසේකර මේ සිදුවීම් වලට සම්බන්ධයක් තියෙන බව, මේ පරීක්ෂණවල දී ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවයි කියලා හෙළි වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් යටතේ මේ පරීක්ෂණ තවදුරටත් කර ගෙන යන්න බැහැ කියන මතය, යළිත් වතාවක් ඉදිරියට එමින් තියෙනවා. ආරංචියක් තියෙනවා, ඒ පිළිබඳ අධිකරණයට යන්න සූදානමක් තියෙනවා කියලා. මේ පිළිබඳ ඔබ කියන්නෙ මොකක්ද?

පිළිතුර:

ඇත්තටම ජයිකි අල්විස් වාර්තාවේ, විශේෂයෙන්ම වව්නතිව්වල සිදුවෙච්ච මරණය. පොලිස් නිලධාරීන් මරලා අවි පැහැර ගැනීම ඒ වගේ ම ලැක්ටෝවත්තේ වෙච්ච සිදුවීම් විමර්ශනය කළේ රහස් පොලිසිය. එතකොට ඒවා පිළිබඳ නිසි ආකාරයෙන් දියුණුව ක්‍රියාත්මක වුනා නම් මේ ප්‍රහාර වළක්වා ගැනීමට හැකි ව තිබුණා ය. ඒ නිසා තමන්ගේ රාජකාරි පැහැර හැරීම පිළිබඳ, එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව පියවර ගත යුතුයි කියලා ජයිකි අල්විස් වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. වෙන ප්‍රශ්න; මේ තාජුඩීන් ඝාතනය ඒ වගේ කාරණා පිළිබඳ ශානි අබේසේකර මහත්තයාගේ, රවී සෙනෙවිරත්න මහත්තයාගේ විශේෂඥ සේවාවන් ලබාගත්තාට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් මේ විමර්ශකයින් ගාවා ගැනීම එච්චර සුදුසු වෙන්නේ නැහැ. මොකද මෙතන බෙදීමක් පැහැදිලිව තියෙනවා. අපිට ඒක අමතක කරන්න බැහැ. මේ අය නියෝජනය කරන කණ්ඩායම ඒගොල්ලන්ට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමයි, පොලිසියේත් ඉන්නවා. හමුදා බුද්ධි අංශෙත් ඉන්නවා. එතකොට මේ පොලීසිය, හමුදා, බුද්ධි අංශ වල කල්ලි වලට ඉඩ දීලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක ඊට ඉහළින් කරන්න ඕන දෙයක්. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ප්‍රශ්නය මේ ආණ්ඩුවටත් විසඳන්න බෑ. මොකද මේ ආණ්ඩුවත් ඉන්නේ එක කල්ලියක් එක්ක. ගෝඨාභය රාජපක්ෂ හිටියේ අනිත් කල්ලිය එක්ක. ඒ නිසා කල්ලිත් එක්ක වෙලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න මේක යොදා ගන්න බෑ. මේ කල්ලිවලට ගෑවිච්ච නැති ස්වාධීන පිරිසක් අතට මේ විමර්ශන ගියොත් යම් විසඳුමක් ඇති කර ගන්න පුළුවන් වෙයි.

SendShareShare
Previous Post

දැන් අවුරුදු ඉවරයි! 25දා උදේ 9.30ට එන්න! අල්ලස් කොමිසම රනිල්ට දැනුම් දෙයි!  I Sri Lanka Latest News

Next Post

මෛත්‍රී දීපු කටඋත්තරෙන් පස්සේ හිටපු ජනාධිපතිවරුන් සියල්ලන්ටම CID යන්න වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.