• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිල්ලෙයාන් ගැන ඇතුළේ අයම එළියට තොරතුරු විකුණනවාද? පොලිසියට ලොකු චෝදනාවක්! පිල්ලෙයාන්ගේ නීතීඥයා ගම්මන්පිල ලොකු හෙළිදරව්වක! VIDEO I Sri Lanka Latest News

April 16, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Share on WhatsAppShare on Facebook

තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත මෙසේ අදහස් දැකවීය.Sri Lanka Latest News

මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. මම පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍ය වලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා. නමුත් ඊ ළඟට සිදු වුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන.

මම සීඅයිඩිය ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදින් මගේ පැමිණීම ගැන වාර්තා කරලා ඉවරයි. ඔය අතරේ සිඅයිඩියේ සිටින උප පොලිස් පරික්ෂකවරයෙකු වන ඒ එල් එම් ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍ය වලත් දානවා. මීට කලින් පොලිස් නිලධාරින් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියෙකුගේ නීතිඥයා කවුද බලන්න ආපු අය කවුද වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමාජ මාධ්‍ය වලට තොරතුරු මුදලට විකුණන බවටයි අපට තොරතුරු තිබෙන්නේ. ඒ නිසා තෝරා ගත් සමාජ මාධ්‍ය වලට පමණක් සීඅයිඩියේ තොරතුරු ලැබෙන්නේ කෙසේද කියා වහාම විමර්ශනයක් ඇරඹිය යුතුයි. එතකොට මේ ජාවාරම හෙලි කර ගන්න පුළුවන්.

ඒ විතරක් නොවේ. පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍ය වල වාර්තා වෙනවා. මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියළුම මාධ්‍ය වලට එක පාර කියනවා මිස තමන් තෝරා ගත් මාධ්‍ය වලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමු වීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා.

මේ ආණ්ඩුවේ නායකයින් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීමට හේතුව දක්වලා ලේඛණයක් ඥාතින්ට භාර දෙන්න ඕනි. ඒක කලේ නෑ. ඒ වගේම නීතිඥවරයෙකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ඕනි. ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම පවුලේ ඥාතින් සමග කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතු වුවත් ඒක කලෙත් නෑ.

පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්. ඔහුගේ කණිෂ්ඨ නීතිඥයෙකු පිල්ලෙයාන් බැලීමට අප්‍රේල් 9දා අවස්ථාව ඉල්ලුවත් ඒක සීඅයිඩිය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ බව මට කිව්වාම මම පිල්ලෙයාන්ගේ ඥාතින් පසුගිය 12 දා මගේ කාර්යාලයට ගෙන්වා ගෙන කතා කරලා තොරතුරු ලබා ගත්තා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවට මම දුරකතනයෙන් කතා කරලා පිල්ලෙයාන්ගේ නීතිඥයාටවත් ඥාතින්ටවත් පිල්ලෙයාන් සමග කතා කරන්න දීලා නෑ. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 10අ(1) වගන්තියෙන් නීතිඥවරයෙකුට රැඳවියා හමුවන්නත් 10අ(2) වගන්තියෙන් ඥාතින් සමග කතා කිරීමටත් නීතියෙන්ම අයිතිය දීලා තිබෙන බව පෙන්වා දුන්නා. ඒ බව පවසලා පිල්ලෙයාන්ගේ දැන් නීතිඥයා මමයි මට ඔහු සමග කතා කරන්න අවස්ථාව ඕනෑ කියලා කිව්වා. එතකොට ලිඛිතව ඉල්ලීමක් කලොත් ඉහළ නිලධාරින්ට දැනුම් දීලා තීරණයක් ලබා දෙන්නම් කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා. මම අදාළ නීතිමය විධිවිධාන සඳහන් කරමින් ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීම කරලා පැය තුනක් ඇතුලත අධ්‍යක්ෂතුමිය මට අප්‍රේල් 13 දා උදෑසන 10ට සීඅයිඩියට එන්න කියලා දැනුම් දුන්නා. දුරකතනයෙන් කතා කළ වහාම කතා කිරීම ගැනත් මගේ ලිඛිත ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැනත් සීඅයිඩී අධ්‍යක්ෂතුමිය මගේ ප්‍රණාමය පුද කරනවා.

මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් හතරදෙනෙකු සියල්ල අසාගෙන හිටියා. එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා. සාමාන්‍යයෙන් සැකකරුවෙකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි. ඒ බව මම පෙන්වා දුන්නත් පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා. නමුත් එතැන හිටිය එකෙන් මා කියන දෙයට දැන් සාක්ෂිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා.

පිල්ලෙයාන් හඬා වැටෙමින් ඇස් වලින් කඳුළු කඩා වැටෙද්දී මට කිව්වා “කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න මම ජීවිතය පරදුවට තියලා සටන් කළා. එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරු. තව සමහරු සරු ව්‍යාපාරිකයෝ. තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්. ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා. මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුලේ හිටියා. අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා. දැන් ආයෙත් ඇතුලට දැම්මා. රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ කියලා.

සමාජ මාධ්‍ය වල ලියන පුංචි දුවලා පුතාලා පිල්ලෙයාන් කියන්නේ කවුද කියලා දන්නේ නෑ. හරි නම් මේ රට කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ඔහු කළ තීරණාත්මක කාර්යභාරයට ඔහුව ජාතික වීරයෙකු ලෙස සලකන්න ඕනි. කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා හමුදාව සමග එකතු වුණාට පස්සේ තමයි කොටි සංවිධානයේ අවසානය ආරම්භ වුණේ. කවුද මේ පිල්ලෙයාන්?

අවුරුදු 14 දී කොටි සංවිධානයෙන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් ළමා සොල්දාදුවෙක් තමයි පිල්ලෙයාන් කියන්නේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගත්තා කියන එකට තිබෙන ජීවමාන සාක්ෂියක් තමයි පිල්ලෙයාන්. පිල්ලෙයාන් වගේම නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් අපේ හමුදාවට හිසරදයක් වුණු දක්ෂ සටන්කරුවන්. කොටි සංවිධානය රණවිරුවන් සමග උතුරේ යුද වැදිලා පරාජය පෙනුනු සෑම අවස්ථාවකම නැගෙනහිර කොටි උතුරට ඇවිල්ලා තමයි කොටි සංවිධානය බේරා ගත්තේ. ඒ නැගෙනහිර කොටි නායකයින් වුණු කරුණා සහ පිල්ලෙයාන් 2003 දී කොටි සංවිධානයෙන් ඉවත් වුණේ හය දහසක ත්‍රස්තවාදින් එක්ක. පිල්ලෙයාන් කියන්නේ අන්තිම මොහොත වෙන තුරුම හමුදාවේ ලේ ඉල්ලලා, සටන පැරදුනාම යටත් වුණු කොටියෙකු නොවේ. කොටි සංවිධානය අත් හැරලා අපේ හමුදාව එක්ක බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිව තමන්ගේ ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු සැබෑ දේශප්‍රේමියෙක්.

2006 දී පිල්ලෙයාන්ලා හමුදාවත් එක්ක එකතු වෙලා කොටින්ට විරුද්ධව සටන් කරන කොට කොටින් වෙනුවෙන් සටන් කරන්න හිටියේ භූමිය නොදන්න උතුරෙන් පැමිණි ත්‍රස්තවාදින්. ඒ නිසා කොටි ත්‍රස්තවාදය ඉතා පහසුවෙන් නැගෙනහිරින් පරාජය කරන්න අපට පුළුවන් වුණා. උතුරේ සටන් වල දී වෙන දා කොටින්ට නැගෙනහිරින් ලැබෙන තීරණාත්මක සහයෝගය ලැබුණේ නෑ. එහෙම නම් අද අපි සාමකාමි රටක ජීවත් වෙන්නේ පිල්ලෙයාන් වැනි අය ජීවිත පරදුවට තබා කළ සටන් නිසා.

කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න පිල්ලෙයාන් කළ කාර්යභාරය ගැන දෙමළ බෙදුම්වාදින් පිල්ලෙයාන් එක්ක ඉන්නේ වෛරයෙන්. ඔහුව විනාශ කිරීම බෙදුම්වාදින්ගේ ලොකුම ඉලක්කයක්. ඒ නිසා ජාතික ජන බලවේගය හරහා බෙදුම්වාදින් පිල්ලෙයාන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරලා තිබෙනවා. 2015 දීත් ජාතික ජන බලවේගයේ සහයෙන් බලයට පත් වුණු ආණ්ඩුව පිල්ලෙයාන් වසර පහක් රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන හිටියා. ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා අධිකරණය විසින් තීරණය කලා. දැන් නැවත වතාවක් පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව තමයි 2006 දෙසැම්බර් මාසයේ දී එවකට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදහන් කිරීම. 2025 ජනවාරි වන තුරු ඒ කියන්නේ වසර 18ක් යන තුරුම මේ පිළිබඳ පිල්ලෙයාන්ට එරෙහිව කිසිම චෝදනාවක් නෑ. 2025 ජනවාරි මාසයේ දී අරුන් හේමචන්ද්‍රන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ඥාතියෙකු හදිසියේ සීඅයිඩියට ලබා දෙන සාක්ෂියක් මත තමයි මේ අත්අඩංගුවට ගන්නේ. පසුගිය 8දා අත්අඩංගුවට ගන්නා තුරු තමන්ට උපකුලපතිවරයෙකු අතුරුදහන් කළා කියලා චෝදනාවක් තිබෙන බව පිල්ලෙයාන්වත් දන්නේ නෑ.

මේ උපකුලපතිවරයා අතුරුදහන් වෙන්නේ 2006 දෙසැම්බර් මාසයේ 16දා කොළඹ දී. මේ දවසේ පිල්ලෙයාන් කොහේද සිටියේ කියලා මම ඔහුගෙන් ප්‍රශ්න කලා. එතකොට ඔහු කිව්වේ ඒ දවස ගැන මට නිශ්චිත මතකයක් නැතත් ඔය කාලයේ තමයි කොටි සමග නැගෙනහිර යුද්ධය දරුණුවටම තිබ්බේ. ඒ යුද කාලය පුරාම කරුණා කණ්ඩායම කොටින්ට එරෙහිව මෙහෙයෙව්වේ මම. ඒ නිසා මාදුරුඔය තිබුණු අපේ කඳවුරෙන් පිටතට යන්න මට වෙලාවක් තිබුණේ නෑ. මාවිල්ආරු වලින් නැගෙනහිර මෙහෙයුම් පටන් ගන්නේ 2006 ජූලි 26 දා. තොප්පිගල අත්පත් කරගෙන නැගෙනහිර මෙහෙයුම් අවසන් වෙන්නේ 2007 ජූලි 11. ඒ අනුව ඔය සිදුවීම වෙන්නේ නැගෙනහිර සටන්වල උච්චතම අවස්ථාවේ කියන කතාව ඇත්ත.

මේ අතුරුදහන්වීමට පිල්ලෙයාන් සම්බන්ධද නැද්ද කියන කතාව පැත්තකින් තියමු. කොටි නායකයින් අද මන්ත්‍රිවරු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මගේ දෙවියා මගේ නායකයා ප්‍රභාකරන් කියලා අර්චුනාට යහතින් ඉන්න පුළුවන්. දකුණේ භීෂණය වැපුරූ තවත් ත්‍රස්තවාදියෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා. ත්‍රස්තවාදින් වගේම ගෝනි බිල්ලන් ඇමතිවරු වෙලා ඉන්නවා. මේ කාටවත් ත්‍රස්තවාදි සමයේ කරපු දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මුළු රටම උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින්ට සමාව දීලා ඒ යුගය අමතක කරලා ඉන්නේ. එහෙම නම් පිල්ලෙයාන් පස්සෙන් විතරක් පොලිසිය පන්නන්නේ ඇයි?

මේක ත්‍රස්තවාදින්ගේ ආණ්ඩුවක්. උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින් එකතු වෙලා පිහිටුවපු ආණ්ඩුවක්. එ් නිසා ත්‍රස්තවාදින්ට සලකනවා. ත්‍රස්තවාදය විනාශ කරන්න දායක වුණු අයට වෛර කරනවා. මෙහෙම දඬුවම් විඳින්න පිල්ලෙයාන් කරපු වරද තමයි කොටි සංවිධානයෙන් වෙන් වෙලා ඇවිත් කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න දායක වීම. දකුණේ ත්‍රස්තවාදින් විසින් උතුරේ ත්‍රස්තවාදින්ට ලබා දෙන තෑග්ග තමයි පිල්ලෙයාන්.

පිල්ලෙයාන් මාව පෞද්ගලිකව හමු වී ඇත්තේ දෙපාරක් පමණයි. නමුත් ඔහු වෙනුවෙන් මම පෙනී සිටින්නේ ලාංකිකයින් ගුණමකු ජාතියක් නොවන බව සිංහලයින් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වන්නයි. ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කාට හරි දඬුවම් කරනවා නම් අපි ඒ අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. එහෙම නොකලොත් අනාගතයේ දී ත්‍රස්තවාදය අත්හැර ත්‍රස්ත විරෝධින් සමග එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නෑ.

පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වුණු බවට මහජන ආරක්ෂක අමාත්‍යතුමා අප්‍රේල් 10දා පාර්ලිමේන්තුවට කිව්වා. ඒ වගේම පාස්කු ප්‍රහාරය විමර්ශන යටතේ මඩකලපුවේ කෙනෙකු අත්අඩංගුවට ගත්තා කළා අප්‍රේල් 12දා ජනාධිපතිතුමා මඩකලපුවේ දී කිව්වා. පට්ටපල් බොරු. ජනාධිපතිතුමා සහ ඇමතිවරු බොරු විදින මැෂින් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියන අදහසින් වෙන්න ඕනි.

මේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා නිකුත් කළ පිල්ලෙයාන් පිළිබඳ රැඳවුම් නියෝගය. (රැඳවුම් නියෝගය කියවයි). මේකේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කියවෙනවා ද? නෑ. අධිකරණයට ඉදිරිපත් නොකර ජනාධිපතිගේ රැඳවුම් නියෝගයක් යටතේ තබා ගන්නේ අධිකරණයට ඉදිරිපත් කලා නම් අත්අඩංගුවට ගැනීමට බල පෑ හේතු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න වෙන නිසා මේ බොරුව හෙලි වෙනවා.

මම අප්‍රේල් 13දා පරණ අවුරුදු දා පොලිස් නිලධාරින් හතරදෙනෙකු ඉදිරිපිට දී පිල්ලෙයාන්ට කතා කලේ. ඒ කියන්නේ ජනාධිපති සහ පොලිස් ඇමති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සම්බන්ධ බවට ප්‍රකාශ කලාට පස්සේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ. එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ. 2015 සිට 2020 දක්වා අත්අඩංගුවේ සිටි කෙනෙකු 2019 දී පාස්කු ප්‍රහාරය කෙරෙව්වා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ අයගේ ඔළුව පරික්ෂා කරන්න ඕනි. සහරාන් එක්ක ඡායාරූප ගත්ත දේශපාලකයින් ගණනාවක් ඉන්නවා. එහෙම කෙනෙකු මහ මොලකරු කියලා අත්අඩංගුවට ගත්තා නම් පුංචි හරි පදනමක් තිබෙනවා.

අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු කීපදෙනෙක් හෙලිදරව් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ මාර්තු 30දා. දැන් අප්‍රේල් 21ට තිබෙන්නේ දවස් 5යි. පොලිසියේ ලණුවක් කාලා කරපු ප්‍රකාශය නිසා ජනාධිපතිතුමා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒ නිසා පාස්කු ප්‍රහාරය කාලේ වසර පහක් හිරේ හිටිය පිල්ලෙයාන් අල්ලා ගෙන ඔහුට බලපෑම් කරලා පාපොච්චාරණයක් කරවා ගන්නයි හදන්නේ. හාවා අල්ලා ගෙන තමන් නරියෙකු කියලා පිලිගන්නා තුරු පහර දෙන න්‍යාය හැමදාම හරි යන්නේ නෑ. දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සීඅයිඩිය බාරව ඉන්න කාලයේ තමයි කොලපාට හෝස් බටයකින් රැයක් පුරා ගහලා සේයා දෙව්මිණි මැරුවේ තමන් කියලා පිලිගන්න කොණ්ඩයාව එකඟ කර ගත්තේ. ඩීඑන්ඒ පරික්ෂණ නොතිබුණා නම් සීඅයිඩිය විසඳූ තවත් අබිරහසක් ලෙස මේ කතාව ඉතිහාසයට එකතු වෙන්න තිබුණා. පිල්ලෙයාන්ටත් කොණ්ඩයාට වගේ බලපෑම් කරන්න තමයි නීතිඥයින්ට මුණ ගැහෙන්න දෙන්න ප්‍රතික්ෂේප කලේ. ගෙදර අය සමග කතා කරන්න අවස්ථාව නොදුන්නේ. ප්‍රභාකරන් එක්ක හැප්පිලා ජයග්‍රහණය කරපු පිල්ලෙයාන් එක්ක ඔය සෙල්ලම් බෑ කියලා අපි ආණ්ඩුවට කියනවා.

– media unit

SendShareShare
Previous Post

රජකම් කළත් කළ කම් පළදෙනවා! පේරු ජනාධිපතියි බිරියයි අවුරුදු 15කට හිරේ යවයි! I Sri Lanka Latest News

Next Post

අනුර කියපු කතාවකට සජිත් උත්තර දෙයි! ජනාධිපතිතුමා කොහොමද එහෙම කියන්නේ? මෙහෙම කියන්න ඉස්සෙල්ලා කියපු දේවල් කරලා ඉන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.