• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ප්‍රේමදාසගේ ගාමන්ට්! ට්‍රම්ප්ගේ ටැක්ස්! අනුරට ස්ට්‍රෙස්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

April 5, 2025
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ප්‍රේමදාසගේ ගාමන්ට්! ට්‍රම්ප්ගේ ටැක්ස්! අනුරට ස්ට්‍රෙස්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඒ, ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයය. වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ෆැක්ස් මැෂින් එකට හදිසි ෆැක්ස් පණිවුඩයක් ලැබිණි. ඒ ෆැක්ස් පණිවුඩයේ සඳහන්ව තිබුණේ එවක ඇමෙරිකාවේ පදිංචිව සිටි තරුණ මිලින්ද මොරගොඩගේ සේවය වහාම ලබාගන්නා ලෙසය. එම ෆැක්ස් පණිවුඩයේ සඳහන් වූයේ මෙය ජනාධිපති රණසිංහගේ උපදෙස් මත දෙන නියෝගයක් ලෙසය.
‘ප්‍රසිඩන්ට් මිලින්දව එක ෆැක්ස් මැසේජ් එකකින් තානාපති කළා…’Sri Lanka Latest News

එකල විදේශ අමාත්‍යාංශයේ ලොකුම විහිළුව ඔය කතාවය.

ඒත් ප්‍රේමදාස ඔහුව ඒ වැඩේට පාවිච්චි කළේ නිකම්ම නොවේ. 1970දී පමණ ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවලින් ආනයනය කරන රටවලට තීරුබදු සහනයක් ලබාදී තිබිණි. මේ සහනයෙන් ප්‍රයෝජන ගෙන ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කරන කර්මාන්තශාලා හදන්න ඔහුට අවශ්‍ය විය. ඒ කර්මාන්තශාලා හදන්න ඔහුට අවශ්‍ය වුණේත් කොළඹින් පිට ගම්දනව්වලය. ගම්වල විශේෂයෙන් තරුණියන් කොළඹට රැකියාවලට එන්න දක්වන බියත්, තරුණියන්ට පමණක් නොව තරුණයන්ටද ගමෙන් කොළඹට ආ විට බෝඩිම්, කෑම සොයාගන්න යන වියදමත් සලකා කර්මාන්තශාලා ගමට ගෙන යන්න ඔහුට ඕනෑ විය. ඒ හරහා ගමත් දියුණු කරන්න ඔහු සැලසුම් කළේය. ඇඟලුම් කර්මාන්ත ශාලා හදන හැම ගමකම ඔරලෝසු කණුවක් හැදුවේ එතැන ටවුමක් හදන්නටය. මේ වනවිට ජවිපෙ තරුණ කැරැල්ල අවසන් වී තිබුණු අතර, කැරැල්ලට හේතු හොයන්න පත්කළ කමිටුවේ පළමු නිර්දේශය ගම්වල රැකියා වියුක්තියයි. මේ වෙනකොටත් ආසියානු රටවල ඇමෙරිකාවේ මේ තීරුබදු සහනයෙන් ප්‍රයෝජන ගන්න ක්‍රම සහ විධි හිතා තිබුණේ නැත. ප්‍රේමදාස එයින් උපරිම ප්‍රයෝජන ගන්න වැඩේ සැලසුම් කළේය. එනම් ඇඟලුම් කර්මාන්ත 200ක් රට පුරා බිහි කිරීමය.

ඔහු ජනාධිපති වූ විගස ලංකාවේ ඉන්න නොම්මර එකේ බිස්නස්කාරයන්ට තමන් හමුවෙන්න එන්න කීවේය.

‘මට ඕනෙ මේ ජේ.වී.පී. තරුණ නැගිටීමට උත්තර හොයන්න. ගම්වල තරුණ තරුණියන්ට රස්සා දෙන ක්‍රමයක් මට හදලා දෙන්න බැරිද…?’

ප්‍රේමදාස ඇසුවේය. ව්‍යාපාරිකයෝ බිම බලාගත්තේ ප්‍රේමදාසගේ ආශාවන් ඉෂ්ට කරලා සල්ලි නැති නාස්ති කරගන්න බයෙන්ය.

‘ඔබලාට ක්‍රමයක් නැතිනම් මම ක්‍රමයක් කියලා දෙන්නම්…’

ප්‍රේමදාස කීවේය. ඔහු ව්‍යාපාරික කුමාර් දේවපුරට එන්න කීවේය.

‘පුළුවන්ද කුරුණෑගල ගාමන්ට් ෆැක්ටරියක් පටන්ගන්න…?’

කුමාර් දේවපුර බෑ කීවේ නැත.

‘එතකොට සර් ගාමන්ට් කෝටා ගන්නේ කොහොමද…?’

කුමාර් ඇසුවේය.

‘ඔයා ෆැක්ටරිය හදන්න පටන්ගන්න. ඒක මම බලාගන්නම්…’

ප්‍රේමදාස කීවේ දැඩි අධිෂ්ඨානයකින්ය. එතැන් සිට ප්‍රේමදාස වැඩේට බැස්සේය. ඔහු එවක ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ සිට ලංකාව ගැන උනන්දුවක් තියෙන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සෙනෙට් සභිකයන් ඔක්කොටම එක පණිවුඩයක් යැව්වේය.

‘ලංකාවේ තරුණ නැගිටීමක් වුණා. දසදහස් ගණන් ඝාතනය වුණා. මේ නැගිටීමට එක හේතුවක් විරැකියාව. කොළඹ කර්මාන්තශාලා හදන එක විරැකියාවට විසඳුම් නොවේ. ගමේ කර්මාන්තශාලා හදලා ගමේ තරුණ තරුණියන්ට රස්සා දුන්නාම ඔවුන්ගේ ගමන් වියදම්, බෝඩිම් ගාස්තු ඉතිරියි. ගමත් දියුණු වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවට උදව් කරන්න…’

මේ, ප්‍රේමදාස යවපු පණිවුඩයය. ඔහු හිටපු මහබැංකු අධිපති එන්.යූ. ජයවර්ධනගේ මුණුබුරා වූ මිලින්ද මොරගොඩගේ පමණක් නොව ඇමෙරිකාවේ පදිංචි ඇමෙරිකානු ආණ්ඩුවට සම්බන්ධකම් තියෙන හැමෝවම මේ වැඩේට පාවිච්චි කළේය.

පළමු ඇඟලුම් කර්මාන්තශාලාව විවෘත කරද්දී ඔහු විවෘත කිරීමේ උත්සවයට මෙරට ඇමෙරිකානු තානාපතිට ආරාධනා කළේය. ඇඟලුම් පමණක් නොව තවත් බොහෝ භාණ්ඩ නිෂ්පාදනය සඳහා කෝටා ලබාගත්තේය. මාස්, බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනී, මැලිබන් ගෲප්, හෙළ ක්ලෝතින්, ස්ටාර් ගාමන්ට්, ස්මාර්ට් ෂර්ට්, පෙන්ගුවින්, ඔමේගා ලයින්, එයිට්කන් ස්පෙන්ස් ඇපරල් වැනි ඇඟලුම් කර්මාන්ත රාශියක් බිහිවුණේ ප්‍රේමදාසගේ මේ සංකල්පය නිසාය.

අද තීරුබදු වැඩිකරන ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීන්දුවෙන් අන්ත අසරණ වී ඇත්තේ ප්‍රේමදාස පටන්ගත් මේ ඇඟලුම් ඇතුළු විවිධ නිෂ්පාදන කර්මාන්තශාලාය. මේ ඇඟලුම් ඇතුළු විවිධ කර්මාන්තශාලා බොහොමයක් පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දුන්නේ අනුර කුමාර ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුවටය. සමහර කර්මාන්ත ශාලා තුළ ජනාධිපතිවරණයට පෙර කුඩා ජනාධිපතිවරණ ඡන්ද පැවැත්වීය. 80% ගණන්වලින් අනුර දිනන බවට ප්‍රතිඵල ආ විට ඒ ප්‍රතිඵල කර්මාන්තශාලා හිමියන්ට ගිය විට ඔවුහුද අනුරට සහ ජාතික ජන බලවේගයට සහාය දුන්හ. මේ ආයතනවල අනුරට පක්ෂව ඡන්දය දෙන්න කියා ප්‍රසිද්ධියේ කීවේ ආයතනවලම විධායක නිලධාරීන්ය.

හැබැයි මේ ආයතන හිමිකරුවන්ටත්, නිලධාරීන්ටත්, සේවකයන්ටත් ඇමෙරිකාව මෙවැනි තීරණයක් ගතහොත් එයට මුහුණ දෙන්න අනුරගේ ආණ්ඩුවට තියෙන හැකියාව ගැන වගේ වගක් තිබුණේ නැත.

1970-77 සමගි පෙරමුණු ආණ්ඩුව ඇමෙරිකානු විරෝධී වාමවාදී ආණ්ඩුවකි. එකල ඇමෙරිකාව ලොව දුප්පත් රටවලට ආහාර සහනාධාර යෝජනා ක්‍රමයක් යටතේ පිටි සහනාධාරයක් දී තිබිණි. ඇමෙරිකාව 1973දී ලංකාව ඇතුළු රටවල් කීපයකට එය ලබාදීම නතර කළේය. ලංකාවේ පිටි අර්බුදයක් ඇතිවිය. පාන් සලාක ක්‍රමයක් ඇතිවිය. එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය එවක ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ට ලිපියක් ලියා එම පිටි සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ඇමෙරිකානු ජනාධිපති නික්සන් හැරෙන තැපෑලෙන් උත්තර ලියමින් ලංකාවේ ඉල්ලීම සලකා බලන බව කීවේය. මැතිනිය සිය ලිපියත් සමග ඇමෙරිකානු තීරණය වෙනස් කර ගන්න රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළාය. ඒ සඳහා ඇමෙරිකාව සමග සබඳතා ඇති විදේශ සබඳතා විශේෂඥයන්ගේ සේවය ලබාගත්තාය. ඇමෙරිකාව යළි ලංකාවට පිටි සහනය දුන්නේය.

ට්‍රම්ප්ගේ මේ බදු ප්‍රතිපත්තිය ගැන විපක්ෂ නායක සජිත් පසුගිය මාර්තු 18 පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් ඇසුවේය. ආණ්ඩුව ඒ ප්‍රශ්නයට හරියට උත්තර දුන්නේ නැත. සජිත් ඇහුවේ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට මුහුණ දෙන්න ආණ්ඩුවේ උපාය මාර්ගය කුමක්දැයි කියාය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මයික්‍රෆෝන ක්‍රියා විරහිත කරමින් සජිත්ට සහ විපක්ෂයට අපහාස උපහාස කළහ.
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ගැන මුළු ලෝකයම දැනුවත් වූයේ ට්‍රම්ප් ජනාධිපති වූ විගසමය. ඒ නොවැම්බරයේය. දැනට මාස 06කට කිට්ටුය. අනෙක් රටවල් මේ බද්ද අඩුකර ගන්න දන්න සෙල්ලම් ඔක්කොම දමද්දී අපේ ආණ්ඩුව රිළව් ගණන් කරමින් සිටියේය. ප්‍රතිඵලය ලංකාවට වැඩිම බදු ප්‍රතිශතයක් පනවා ඇත. ලංකාව බංකොලොත් රටකි. ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, මැතිනිලා වගේ නායකයන් අද හිටියා නම් බදු ප්‍රතිශතය අඩු කරගන්න විකුණන්නේ බංකොලොත්කමය. බංකොලොත්කමවත් විකුණගන්න බැරි තරමට මේ ආණ්ඩුව බංකොලොත්ය.

‘හොඳයි, රණසිංහ ප්‍රේමදාස හරි අද හිටියා නම් ට්‍රම්ප්ගේ බදුවලට මොකද කරන්නේ…?’

ප්‍රේමදාස ජීවත්ව සිටියා නම් ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘතිය 200න් නතර වන්නේ නැත. එහෙනම් ඇමෙරිකාවට පමණක් නොව, යුරෝපයටම වැඩිම ඇඟලුම් නිෂ්පාදනය කරන ආසියානු රට ලංකාවය. එහෙනම් මේ වෙනකොට මේ බද්ද ලංකාවට මෙහෙම මරාලයක් වන්නේ නැත.

(ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා හමුවූ අවස්ථාවය)

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘අද අනුර අත්සන් කරන්නේ ඉන්දියාවට යටත් වීමේ ගිවිසුම! ජවිපෙම විරුද්ධ වූ දේවල්වලට ජවිපෙම පස්ස හරවලා’! ජවිපෙ හිටපු නායක කුමාර් මහත්තයාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘කප්පම්කාරයෝ’ දකුණේ දැන් පෙන්නනවා! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.