• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අනුරාධපුරයේදී ජාතික සහල් මංගල්ලයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

April 4, 2025
in Exclusive
Reading Time: 29 mins read
A A
අනුර අනුරාධපුරයේදී ජාතික සහල් මංගල්ලයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.Sri Lanka Latest News

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,
“අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට ” තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි” ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මෙහිදී සිදු කෙරිණි.

ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර සිංහ කණුව අසල සිට පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීමත් සමඟ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරිණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය.

සාම්ප‍්‍රදායිකව ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ආදිවාසී උපනායක ගුණබන්ඩියලා ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

“58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය” සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දායකත්වය සැපයූ ගොවි නායකයින් වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

වස විසෙන් තොර අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින්‌ ගොවි ජනතාව වෙත බිත්තර වී බෙදා දීමටද මෙහිදී ජනාධිපතිවරයා එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ වත්මන් රජය විසින් වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථික සැලැස්මක් බවයි. වී ගබඩා විනාශවීමට ඉඩ හැර, වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 2800ක ණය බරක සිර කර තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා
එම සුන් බුන් ගොඩ නැවත ප්‍රතිසංස්කරණය කර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම වත්මන් රජය භාරගෙන තිබෙන බවද අවධාරණය කළේය.

එහිදී මෙරට කෘෂිකර්මාන්තයට අදාළ රාජ්‍ය යාන්ත්‍රණයේ සේම සමස්ත ගොවි ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවත්, මෙරට සංස්කෘතික හර පද්ධතියද ඒකාබද්ධ කර ගනිමින් කෘෂි ආර්ථිකයේ උරුමය ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් යළි අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

අපගේ පෙර රජ දරුවන් කෘෂිකර්මාන්තයට සහ වාරි කර්මාන්තයට කළ සේවාව මත ශ්‍රේෂ්ඨත්වයට පත්ව ඇති බවත් රට අහරින් ස්වයංපෝෂිත කිරීමට එය ඉතා වැදගත් වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

අද වන විට තිරසර සංවර්ධනය පිළිබඳව ලෝකයේම කතිකාවක් ගොඩනැගෙමින් තිබෙන බවත්, ශ්‍රී ලාංකේය වාපි ශිෂ්ටාචාරය තිරසර සංවර්ධනයේ මහඟු උදාහරණයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා
වසර දෙදහසක් පමණ පැරණි මෙරට වාරි පද්ධතිය කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා මේ වන විටත් තිරසරව දායක වෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.

එබැවින් වාරිමාර්ග පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 02ක් වෙන් කළ බවත්, මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කළේය. ජානවල අයිතිය ආරක්ෂා කරමින් බීජ වලින් ස්වංපෝෂිත රටක් බිහිකිරීම සඳහා බීජ ගොවිපොළවල් සංවර්ධනය කිරීමටද රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෘෂි නිෂ්පාදන සඳහා ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් අවශ්‍ය බවත්, නමුත් දිගුකාලීනව වෙළඳපළ විකෘතිතාවයක් ඇතිව තිබෙන නිසා ඉදිරි කන්න දෙක, තුන තුළ රාජ්‍ය මැදිහත්වීමක් සිදුකර ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර මෙවර අයවැය මගින් සිදු කර ඇති බවත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගබඩා කිරීම සඳහා ධාරිතා පහසුකම් ඇති කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම තුළින් වෙළඳපොළ විකෘතිතාවය මගහරවා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ, ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරු සහ ගොවි නායකයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-04-04

SendShareShare
Previous Post

දරාගන්න අමාරුයි! ගණන් හදලා තියෙන විදිහ අසාධාරණයි! හඳුන්නෙත්ති ෂොක් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇතුළේ ඉන්න හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප ඉල්ලයි! ශ්‍රේෂ්ඨාධිකරණය බෑ කියයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.