අද රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණය කරන විට පහර දෙන මේ මාලිමා රජය විපක්ෂයේ සිටින විට රෝහල් වර්ජන සෞඛ්‍ය වර්ජන ආදිය සිදු කළ බවත් විපක්ෂයේ සිටින විට වර්ජන සිදු කිරීම හරහා මරණයක් සිදු වුවත් එය ස්වාභාවික මරණයක් වුවත් අද ඔවුන් බලයට පැමිණි විට වර්ජන තහනම් බවත් මෙවැනි බොරුකාර බොරුව රජකරන සංස්කෘතිය පැරදවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.
වත්මන් ආණ්ඩුව බොරුකාර ආණ්ඩුවක් බවට පච කියන ආණ්ඩුවක් බවට පත් ව ඇති බවත් වැඩි කාලයක් නොගෙස් ටොම් පච ආණ්ඩුවක් බවට ජනතාව හදුන්වන බවත් මේ ටොම් පච ආණ්ඩුවට නායකත්වය දෙය ජනාධිපතිවරයා අයවැය අවසන් කතාව කියමින් පවසා සිටියේ ඔහු බල්ටි ගහන දේශපාලන සංස්කෘතිය නතර කර ඇති බවත් ඔහු එසේ කිව්වත් ඉතිහාසය පුරා ජනතා විමුක්ති පෙරමුණේ අය කළේ බල්ටි ගැසීම බවත් එම නිසා ඔහුට ඒ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පොල්දූව හන්දියේ රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණය කරන බවත් පොහොසත් රටක් හදනවා කියා 35000කට උපාධි පත්වීම් ලබා දෙනවා කියා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර තිබුණත් අද ඔවුන් බොරු කියමින් සිටින බවත් ජනතාව රවටන තීන්දු ගෙන ඇති බවත් රජයට ලැජ්ජා බය නැති වුනත් සමගි ජන බලවේගයට ලැජ්ජා බය ඇති බවත් ජනතාව රවටා බොරු පොරොන්දු දෙන්න සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය කිව්වේ ඔවුන් නිර්ධන පන්තිය නියෝජනය කරන බවත් එක් පැලැන්තියක් රට පාලනය කර විනාශ කළ බවත් පවසමින් යන බවත් මේ නිර්ධන පන්තිය නියෝජනය කරන මාලිමා රජය රුපියල් 100කින් හාල් පොල් වැඩි වී පොහොර සහනාධාරයවත් හරියට ලබා දෙන්න නොහැකි වී ඇති බවත් රාජ්‍ය සේවකයන්ට ඉදිරි මාසේ වැටුප ලැබෙන කොට ඔවුන්ට වැටුප ගැනත් තේරුම් ගත හැකි බවත් සෑම තැනකම අංක විජ්ජාව හරහා රැවටීම සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.






























