දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. Sri Lanka Latest News
ලෝකයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් සඟරාව මෙම ශ්‍රේණිගත කිරීමට අනුවයි.
තම පවුලත් සමග වෙනත් රටකට සංක්‍රමණය වීමේදී කරුණු රාශියක් සළකා බැලිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසනවා.
සංක්‍රමණය වන රටේ සංස්කෘතිය කෙබඳුද?, රැකියාවක් සොයා ගැනීම කෙතරම් පහසුද?, සම්බන්ධ වන ප්‍රවාහන පහසුකම් කෙබඳුද? යන ප්‍රශ්න වලට සංක්‍රමණය වීමට පෙර පිළිතුරු ලබාගත යුතු බවත් එපමණක් නොව සංක්‍රමණය වන රටේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ අධ්‍යාපන පද්ධතිය කෙබඳුද යන ප්‍රශ්න වලටද පිළිතුරු සෙවිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව සඳහන් කරනවා.










