වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත.
මේ අතර, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද (13) පෙරවරු 8.00 අවසන් වුණි.










