අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් ඉහතින් දැක්වේ.
අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 වසරේ සැප්තැම්බර් 13වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගණේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුව බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.










