• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලෙන් රිංගලා අමාරුවේ වැටුණු සුද්දෝ සදාකාලිකව නිදන තැන! Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
බලෙන් රිංගලා අමාරුවේ වැටුණු සුද්දෝ සදාකාලිකව නිදන තැන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිනිස්සු මැරෙන එක හොඳ දෙයක් නෙවෙයි. කොහොම කළත් අපි හැමදේම කරන්නෙ ජීවත් වෙලා ඉන්න. මේ ජීවත් වීමේ අයිතිය අපෙන් උදුරගත්ත පර සුද්දො සිංහලයො බුරුතු පිටින් මරලා දැම්මා. සමහර මිනිස්සුන්ව උන් මැරුවෙ විනෝදෙට. අපේ නායකයො ඔක්කොම ටික විවිධ උපක්‍රම සහිතව අල්ල ගත්තා. Sri Lanka Latest News

ඒ වෙනුවෙන් උන් පවුම් පවා වියදම් කළා. මේ හැම එකක්ම කරලා උන්ට වුවමනා වුණේ මේ රට අල්ලගන්න. 1505 ඉඳලා අපි මේ රට සම්පූර්ණයෙන්ම උන්ට යටත් නොවෙන්න රැකගත්තා. ඒත් උන් වෙරළබඩ පළාත් ටික කොටුකර ගත්තා. ටිකෙන් ටික රට ඇතුළට රිංගන්න උත්සාහ කළා. 1602 දී පෘතුගීසි පන්නලා ලන්දේසි මේ රටට රිංගුවා. උන් රටේ රජවරුත් එක්ක එක එක කයිකතන්දර හදාගෙන එහෙන් මෙහෙන් ටිකක් උන්ගෙ වටේ ලොකු කරගත්තා.
ඒත් උන්ට කරන්ඩ බැරිවුණු හරිය කළේ ඉංග්‍රීසි. උන් ඇවිල්ලා ටික දොහකින්ම අපිව අහු වුණා.

ඉංග්‍රීසි ලංකාවට ආවෙ වෘත්තීය මට්ටමෙන්. පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම මුලින්ම ලංකාවෙ වෙරළබඩ පළාත් ටික කොටු කරගත්තා. ඊට පස්සෙ වැඩේ දුරදිග ගියා. 1802න් පස්සෙ පාලන ක්‍රමය වෙනස් වුණා. උන් ටිකෙන් ටික මහනුවර රාජධානියට කිට්ටු කළා. ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග පහුකරගෙන උන් කන්ද උඩරටට ආවා. අපේ උන් සුද්දන්ට එරෙහිව එක එක පන්නයේ සටන් කළා. දුර්ග දිගේ එන සුද්දන්ගෙ ඔළු උඩට ගල් පෙරළුවා. කපොලුවලට වෙලා බලා උන්නා. පහළ කඩුගන්නාවෙන් සේනාව එනකොට බලන කන්දෙ ඉඳලා ආරංචිය මුළු නුවරටම දුන්නා.

මේ අස්සෙ සුද්දො නුවරට රිංගුවා. අපේ සිංහල ගෙරියො උන්ගෙ සපත්තුවට යට නොවෙන්ඩ සුද්දන්ට කීයෙන් කීයටවත් මේ රට සම්පූර්ණයෙන්ම යටත් කරගන්න බෑ. ඒත් අපේ උන්ව පවුම්වලට ගන්න සුද්දන්ට පුළුවන් වුණා. නුවර සමහර රදළයො දණ බිම ඔබලා උන්ට බන්දේසියෙ තියලා ඔටුන්න දුන්නා. උන් මේ සිංහල පොළොව පාවා දුන්නා. උන්ට තිබුණෙ වෙන වෙන හීන. උන් හිතාගෙන හිටියෙ සුද්දන්ගෙ උදව්වෙන් රජ වෙන්න. රජ වෙනවා වෙනුවට බලු වෙන්න වුණු බව උන්ට තේරෙන වංගිය වෙන කොට බස් එක ගිහිල්ලා ඉවරයි.

කොහොමින් කොහොම හරි සුද්දො මහනුවරට ආවා. සිරි දළදා හාමුදුරුවො වැඩවාසය කරන නුවර, සුද්දන්ට ඕන ඕන කෙරුවාවල් කරන්ඩ පුළුවන් ඉසව්වක් වුණේ නෑ. උන් හිතාගෙන උන්නෙ රදළොයො අල්ල ගත්තම හැම එකම හරි කියලා. ඒත් ඒක එහෙම නෑ.

උන් කන්ද උඩට ආවා කියලා උන්ට අපේ ක්‍රමයට හැඩගැහෙන්න බැරි වුණා. වදුරු වසංගත ආවා. විවිධ රෝග පැතිරෙන්න ගත්තා. මැහිමදුරු උවදුරුවලට මූණදෙන්න වෙලා තිබ්බා.

මේ හැම එකකට මුහුණ දෙන්න උන්ට පුළුවන්කමක් තිබ්බෙ නෑ. අන්න ඒකෙ ප්‍රතිඵලයක් විදියට සුද්දො බර ගානක් මියගියා. සිංහල රටේ බෙහෙත්හේත් උන්ට ලැබුණෙ නෑ. යන්තර මන්තරවලින් වෙද හෙදකං කරපු අපේ ඈයන්ව උන් විශ්වාස කළේ නෑ. අපේ හෙළ වෙද සාත්තර තිබ්බෙ පන්සලේ. පන්සලට උන්ට යන්ඩ පුළුවන්කමක් තිබ්බෙත් නෑ. පන්සල සුද්දව වැද්ද ගත්තෙත් නෑ. ඔන්න ඔය කාරණා නිසාම ලංකාවට ආව ආගන්තුක විදේශිකයො විශාල ප්‍රමාණයක් මියගියා.

මේ සොහොනට ගිහිල්ලා පරිස්සමෙන් බලන ඕනෙම කෙනෙක්ට ඒක තේරෙනවා. මේ සොහොන් බිමේ තියෙන සොහොන් කොත් අතරින් විශාල ප්‍රමාණයක තියෙන දින වකවානු බැලුවම තේරෙනවා, සුද්දන්ට අඩු වයසෙන් මියැදෙන්න වෙලා තියෙන හැටි.

මෙතැන තියෙනවා ඉතාම පුංචි කාලෙ මියගිය දරුවන්ගෙ සොහොන් කීපයක්. ඒ, ඒ කාලෙ ආපු සුද්දන්ගෙ දරුවො. ඊළඟට වයස විස්ස සිට තිහ දක්වා වූ මරණ. ඒවා ඉතාම නරක විදියට ඉහළ ප්‍රතිශතයක් ගන්නවා. තිහ හතළිහ මරණත් දකින්න පුළුවන්. මේ මරණවලට යුද්ධ සහ රෝගාබාධ කියන දෙකම හේතු වෙන්න ඇති. ඒත් උන් බෙහෙතක් හේතක් නැතිව අන්ත අසරණ වෙලා තියෙන බව නම් ඉන්තේරුවෙන් කියන්න පුළුවන්.

මේ අපි කතා කරන්නෙ ගැරිසන් සොහොන් සංකීර්ණය ගැන. ඒක මහනුවර එන යන බොහෝ දෙනෙක්ගෙ අවධානය යොමුවිය යුතු තැනක්. ඒත් අවාසනාවකට මේ ගැන වැඩිය හොයන්නෙ නෑ. පර්චස් 130ක් පමණ වෙනවා කියන ගැරිසන් සොහොන ශ්‍රී දළාදා මාලිගාවට පිටුපසින් උස්, භූමියක පිහිටා තියෙනවා. උඩවත්ත කැලේ පැත්තෙනුත් ගැලිසන් සොහොන් සකීර්ණයට පිවිසෙන්න පුළුවන්.

වර්තමාන මහනුවර මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාල භූමියට ගියාම මේ සොහොන් බිම හොයාගන්න අමාරු වෙන්නෙ නෑ. ලෝකෙ එහා කොනක ඉපදිලා යන එනමං නැතිව අසරණ වුණු මිහිදන් සිරුරු තමන්ගෙ අන්තිම නවාතැන විදියට හදාගෙන තියෙන්නෙ උපන් බිමින් කිලෝමීටර දහස් ගානකට එහා තැනක්.

ගැරිසන් කියලා කියන්නෙ යුද භටයන්ගේ නැවතුම් භූමිය කියන එකලු. මේ සුසාන අතරෙන් සමහර ඒවා ඉංග්‍රීසි යුද හමුදාවේ සේවය කළ නිලාධාරීන්ගෙ, සමහර ඒවා ඉංග්‍රීසි පරිපාලන නිලධාරීන්ගෙ පවුල්වල සාමාජිකයන්ගෙ. මේ අය අතරින් බොහෝ දෙනෙක් එක්කෝ අඩු වයසින් මියගිය අය. නැත්නම් හදිසි කාරණාවකින් මියගිය බව කියන එක නම් පැහැදිලියි.

සුසාන සංකීර්ණය එක පසෙක විශාල ස්තම්භයක් සහිත නිර්මාණය කර ඇති සුසානය ඉතාම වැදගත් එකක්. ඒ මෙරට ඉංග්‍රීසි ආණ්ඩුව යටත් කරගැනීම හා පාලනය කිරීමට අවශ්‍ය මූලික පසුබිම හදපු, ලංකාව යටත් කරගන්න වැඩේ සම්පූර්ණයෙන්ම මෙහෙයවපු කන්ද උඩරට නේවාසික නියෝජිත ජොන් ඩොයිලි ගෙ සුසාන.

ඩොයිලිගෙ තවමත් කන්ද උඩරට හැර ගිහිල්ලා නෑ, ඔහු තවමත් කන්ද උඩ සුසානයෙ නේවාසිකව ඉන්නවා. ඔහුගෙ තනි නොතනියට ඉන්න ප්‍රභූවරු අතරේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිගේ බිරිය එළිසබෙත් ඉන්නවා. ඒ වගේම විශිෂ්ට ඉංග්‍රීසි ඉංජිනේරුවක් බව කියන ජෝන් ප්‍රෙසර් අන්තිමට නතරවෙලා ඉන්නෙත් මෙතැන. සැළලිහිණි සංදේශය ඉංග්‍රීසියට පරිවර්තනය කරපු විලියම් චාල්ස් මැක්රෙඩිත් මේ අය අතර නිදිසුව විඳින බව දැකබලා ගන්න පුළුවන්.
මෙහි පළමු සුසානය 1817 දී සකස් කර ඇති අතර, අවසන් වරට මෙහි දේහයක් මිහිදන් කර ඇත්තේ 1909 දී කියලයි කියැවෙන්නෙ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෙච්චර කල් නිදහස සැමරුවේ අතීතය දෙස බලාගෙන! මෙවර අපි නිදහස සමරන්නෙ අනාගතය දෙස බලාගෙන! 77 වන නිදහසට අනුර කළ සම්පූර්ණ කතාව! PHOTOS I Sri Lanka Latest News

Next Post

යුද්ධයෙන් පස්සේ තිබ්බ ආණ්ඩු දීපු සුද්දය ගැන කාදිනල් හිමියන් නිදහස් දවසේ මතක් කරයි! අනුරට අලුත් ව්‍යවස්ථාවක් ගේන්නත් යෝජනා කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.